දෙරණ –
කඩවත මාවරමංඩිය නැණමල් විදුහලේ ඉගෙනුම ලබන14 හැවිරිදි දෙව්ම් සෙනෙහස් රණසිංහ සිසුවා විශ්වවිද්‍යාල වරම් දිනාගෙන තිබේ.
8 වන ශ්‍රේණියේ දී අපොස සාමාන්‍ය පෙළ ලියා ඉන් මාස 6කට පසුව 9 වන ශ්‍රේණියේ දී උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබාගැනීමට දෙව්ම් සමත් වුණි.
ඒ අනුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබා තිබේ.
එ් හේතුවෙන් දෙව්ම් ව පිළිගැනීමේ උත්සවයක් අද (05) දින එම විද්‍යාල භූමියේ දී පැවැත්වුණි.
එහිදී දෙව්ම පිළිගනු ලැබුවේ රිය පෙරහැරකිනි.
පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දෙව්ම් ගුරුකුල විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර, එතැන් සිට අද දක්වා ම නැණමල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන දෙව්ම්ගේ දෙමාපියන් ද ගුරුවරුන් වේ.
කඩවත, ඉඹුල්ගොඩ පදිංචි පුංචි දෙව්ම් මෙවර සරසවි වරම් දිනා ගෙන ඇත්තේ වාණිජ අංශයෙන් වීම ද විශේෂත්වයකි.







