කීර්ති ප්‍රනාන්දු –
පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේ ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවයි.
තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ ද එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින් ම අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.







