සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණයත් අන්දන්න හදන දැඩි සත්කාර ඒකක ඇඳන්වල බොරුව සහ  ඇත්ත

by editor
අප්‍රේල් 27, 2021 - Updated on මැයි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • රාජ්‍ය ඇමතිනිය – දැඩි සත්කාර ඒකක ඇඳන් 700යි

  • නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ( මහජන) – ඇඳන් 146යි

  • සෞඛ්‍ය ආරංචි මාර්ග – ඇඳන් 40කට අඩුයි…

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  ප්‍රකාශ කළත් මේ වනවිටත් එම ධාරිතාව ඉක්ම ගොස් ඇති බවත් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ පමණක් දැඩි සත්කාර ඒකක පොරොත්තු ලේඛණයේ  අසාධ්‍ය  රෝගීන් විසි පහකට ආසන්න ප්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

දැඩි ශ්වසනාබාධ තත්වය යටතේ ඇතුළු කරන  කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව කියූ එක් ප්‍රකාශකයෙක් හෙළි කළේ  ඇදුම තත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ  කැළණිය ප්‍රදේශයේ 40 හැවිරිදි  කොවිඩ් ආසාදිත කාන්තාවක්  පැය භාගයක් තුළ මිය ගිය බවය.

මේ අතර කොවිඩ් රෝග තත්වය යටතේ ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඒක ඇඳන් 700ක් ලංකාවේ ඇති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින්  කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  ප්‍රකාශ කළත් එම ප්‍රමාණයෙන් සියයට අනූවකටත් වඩා හදිසි අනතුරු, හෘද රෝග, ස්නායු රෝග,  ඇතුළු බරපතල කායික රෝග වෙනුවෙන් වෙන් වී ඇති ඒකකවල පවතින බැවින් එම එක් ඇඳකටවත්  කොවිඩ් ආසාදිත රෝගීන් ඇතුළු කිරීම කිසිසේත්ම ප්‍රායෝගිකව කළ නොහැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අනතුරුව අප කළ විමසීමක දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් (මහජන) විශේෂඥ වෛද්‍ය එම්. ආර්නල්ඩ්  ප්‍රකාශ කළේ  දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 82ක් තුළ රෝගීන් 11488 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමට හැකියාව පවතින බවත් දැඩිසත්කා ඒකක ප්‍රතිකාර සදහා ඇඳන් 146ක්ද වෙන්කර ඇති බවත්ය.  ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් නොඅඩුව ලබා දීමට මේ වන විටත් හැකියාව පවතින  බව ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් ඊයේ වනවිට  මුල්ලේරියාව මූලික රෝහලට අවශ්‍ය දෛනික ඔක්සිජන් අවශ්‍ය ධාරිතාවවන සිලින්ඩර 150 වෙනුවට පැවතියේ සිලින්ඩර 80ක් පමණි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කළ රෝහල්වල  අසාධ්‍ය කොවිඩ් රෝගීන් සඳහා සත්‍ය වශයෙන්ම දැනට පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය 40කට අඩු බවය.  අවස්ථා ගණනාවක් ඉල්ලීම් කළත් එම ධාරිතාව වර්ධනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කර නැති බවය.

හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 10න් කොවිඩ් ප්‍රතිකාර සඳහා ක්‍රියාත්මක වන්නේ ඇඳන් 6ක් පමණක් බවත්, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 12න් එක් ඇඳක්වත්  කොවිඩ් ප්‍රතිකාර සඳහා ලබා දී නැති බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයී රෝහලේ ඇඳන් 30න් ලබා දී ඇත්තේ ඇඳන් 2ක් පමණක් බවත්, එම ආරංචි මාර්ග පෙන්වා දෙයි

වාර්තාවන පරිදි පිඹුර රෝහලේ විශේෂ සත්කාර ඒකකය  ඇඳන් 08ක ධාරිතාවයකට   සකස් කළත්  එම ඒකකය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දී නැත.  අනුරාධපුරයේ තව විශේෂ ප්‍රතිකාර ඇඳන් 04ක් හා දැඩි සත්කාර ඒකක ඇඳන් 02ක් ක්‍රියාත්මක කළ හැකි නමුත් ඒ සඳහා අවශ්‍ය සැපයුම් ලබා දී නැත. මුල්ලේරියාව මූලික රෝහලේ තව එක විශේෂ සත්කාර ඒකක ඇඳක් සඳහා ඉඩ කඩ ඇතත් එම ඇඳ සකස් කරගැනීම සඳහා උපකරණ සපයා නැත. මේ ඉල්ලීම් කරනු ලබන්නේ කලක සිට නමුත් මේ වනතුරුත් ඒ සැපයුම් ලබා දී නැති බවත් දැන් පවතින බරපතල තත්වය නිරාකරණය කරගැනීමට  වහාම ක්‍රියාත්මක වී මේ දැඩි සත්කාර සහ විශේෂ සත්කාර ඒකක ඇඳන් සකස් කර ගත හැකිනම් දැන් අයි.ඩී.එච්. රෝහලේ  දැඩි සත්කාර ඒකක බලාපොරොත්තුවෙන් මරණය සමග පොරබදන්නට රෝගීන්ට සිදුනොවන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.

“ ඔවුන් සත්‍ය තත්වය වසන් කරනවා…  මුළු නුවර දිස්ත්‍රික්කයටම කොවිඩ් ප්‍රතිකාර සඳහා තියෙන්නේ   දැඩි සත්කාර ඒකක ඇඳන් 6යි. උතුරු පළාතටම කොවිඩඩ් සඳහා ප්‍රතිකාර කරන්න කියලා වෙන් කළ එකම දැඩි සත්කාර ඒකක ඇඳක්වත් නෑ. ඔවුන් ඒ ඒකක ගොඩ ගනගන්න පටන් ගන්නෙ දැන්. කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇත්තෙම නෑ… දැඩි සත්කාර ඒකක කළමනාකරණ පරිචය සහිත විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල අපට ඉන්නවා. ඔවුන් යොමු කර එක් දිස්ත්‍රික්කයකට එක කොවිඩ්  ප්‍රතිකාර රෝහලක්   හඳුනාගෙන එම රෝහලට අවශ්‍ය පහසුකම් සපයලා  මූලිකවම ඒ දිස්ත්‍රික්කය තුළ රෝග කළමණාකරණය එම රෝහල මුල් කරගෙන කරන්න යෝජනා වෙලා තිබුණා.   එහෙත් දැන් වෙන්නෙ අයි.සී.යූ, ඇඳන් හිස් වෙනකම් ඉඳලා ලංකාව පුරා අසාධ්‍ය කොවිඩ් රෝගින් මාරු කරන එක.  බොහෝ විට මේ රෝගීන් මිය යන්නෙ මග.“

මේ වනවිට රෝහල්ගත කරන රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමට සිදුවී ඇති බවත්,  මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන් සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය තහවුරු කර දැනුම්දෙන ලෙසය.

මෙරට රෝහල් සඳහා ඔක්සිජන් සැපුයම සිදු කරන්නේ මෙරට තුළ පවතින සමාගම් දෙකට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලිපියක් යොමු කරමින් ඔවුන්ගේ ධාරිතාව විමසා ඇති බවත්, දැනට සපයන ප්‍රමාණයට වඩා තුන් ගුණයක ධාරිතාවක් තමන්ට ඔක්සිජන් සැපයිය හැකි බව එම සමාගම් තහවුරු කළ බවත් වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් වාතය මඟින් බෝ වන බව ඔප්පුකරන විද්‍යාත්මක හේතු 10ක්

Next Post

හත් හැවිරිදි දරුවාට අමානුෂිකව පහර දුන් මව සහ මිත්තණිය අත් අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.