මහාමාර්ග ඇමති ජොන්සටන් ප්රනාන්දුට පැවරී තිබූ නඩු දෙකකින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහොස්ත්රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මෙම නඩු දෙක ගොනු කර තිබුනේ 2015ට පෙර ඇමතිවරයෙක්ව හිඳිමින් සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු යෙදුවේ යැයි චෝදනා කරමිනි.
එම චෝදනාවලට එරෙහිව විත්තිකරුවන් විසින් ප්රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබූ අතර ඉන්පසු ඔවුන් නිදොස් කොටනිදහස් කිරීමට අධිකරණය නියම කළේය.