බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ෆේස්බුක් සමඟ පැවැති සබඳතා වයිබර් අත්හරියි

ලොව පුරා ෆේස්බුක් විරෝධයක්

by Lanka Sara Editor
ජූලි 1, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා අත්හළේය.

ඒ අනුව Facebook Connect, Facebook SDK සහ GIPHY යන විශේෂාංග සියල්ල නවතා දැමීමට වයිබර් පියවර ගනු ඇත. තව ද #StopHateForProfit යනුවෙන් ෆේස්බුක් ජාලයට එරෙහි ක්‍රියාත්මක සමාජ රැල්ලට සහාය පළ කරමින් ෆේස්බුක් තුළ සිදු කරන සියලු දැන්වීම් කටයුතු නැවැත්වීමට ද වයිබර් පියවර ගැනීමට නියමිත ය.

අමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සති කිහිපය තුළ පැවැති මහජන උද්ඝෝෂණ අතරතුරදී, Anti-Defamation League සහ NAACP ඇතුළු සමාගම් හයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ තම දැන්වීම් ජූලි මාසයේදී නවතා දමන ලෙස උපදෙස් දුනි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පැතිර යන වෛරී ප්‍රකාශනවලින් තම පරිශීලකයින් මුදාගැනීමට ෆේස්බුක් ආයතනයට නොහැකි වීම ඊට තුඩුදුන් ආසන්නතම හේතුව විය.

කෙසේ වුව ද ඊට පෙරාතුව පවා ෆේස්බුක් සමාගම තම දත්ත අවභාවිත කිරීම පිළිබඳ චෝදනා ලැබීය. විශේෂයෙන්ම කුප්‍රකට කේම්බ්‍රිජ් ඇනලටිකා අනාවරණයේදී අදාළ දේශපාලන උපදේශන සමාගම ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87කගේ දත්ත රහසිගතව අත්පත් කරගෙන ඇති බව වාර්තා විය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

එවන් පසුබිමක වෛරී ප්‍රකාශන ව්‍යාප්තිය යනු ෆේස්බුක් හි වරදකාරී හැසිරීමෙහි ආසන්නතම වරද ලෙස වයිබර් කළමනාකාරීත්වය කල්පනා කරයි.

“වර්තමාන ලෝකය තුළ සිය භූමිකාව කුමක්දැයි තමන් තවමත් අවබෝධ කරගෙන නොමැති බව ෆේස්බුක් දිගින් දිගටම ප්‍රකට කරමින් සිටිනවා. දත්ත අවභාවිතය සහ එහි ඇප් මෘදුකාංග සතු දුර්වල රහස්‍යභාවයට අමතරව දිගින් දිගටම සිය පරිශීලකයින්ට මුහුණ දීමට සිදුව ඇති අනතුරුදායක සහ හිංසාකාරී තත්ත්වයට එරෙහිව කිසිදු පියවරක් ගනිමින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෆේස්බුක් සමත් වෙලා නැහැ.

සත්‍යය කුමක්දැයි අපි විනිශ්චය කළ යුතු නැහැ. මෙතැනදී අපි දකින එකම සත්‍යය වන්නේ ප්‍රචණ්ඩ අන්තර්ගතයන් හරහා ඇතැම් මිනිසුන් පීඩාවට පත්ව තිබෙන බවයි. ඊට එරෙහිව අපි පැහැදිලිව පියවර ගත යුතුයි” යැයි මෙම තීරණය පිළිබඳ අදහස් දක්වමින් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.

වයිබර් ඇප් මෘදුකාංගය, ෆේස්බුක් සමඟ පවත්වාගෙන යන දැන්වීම්කරණය ඇතුළු සියලු සබඳතා අත්හැරීම 2020 ජුලි මස ආරම්භයේදී සිදුවනු ඇත. ඒ අනුව ෆේස්බුක් දැන්වීම් සඳහා වයිබර් ගෙවීම් ද වහාම අත්හිටුවීමට නියමිත ය.

Share77Tweet43
Previous Post

ඊයේ අරවින්ද… අද උපුල් තරංග… ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් ඒකකය වැඩ අරඹයි

Next Post

නිධානයක රන් විකුණන බව කියා ධනවතුන් කොල්ල කෑ දොස්තර සොයයි

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.