බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

 මිනිස් ශුකාණු චලන වේගය වැඩිකරන ලොව හොඳම සංයෝගය සොයාගත් විද්‍යාඥයාට පේටන්ට් අයිතිය ගන්න ඩොලර් නෑ.

by editor
ඔක්තෝබර් 28, 2022
in විද්‍යා හා තාක්ෂණ
Sperm-Cells-Swimming
Share on FacebookShare on Twitter
  • සොයාගත් රසායනික සංයෝගය මිනිස් ශුක්‍රාණු චලන වේගය වැඩිකිරීම සඳහා අද ලෝකයේ සායනික මට්ටමෙන් භාවිතා කරන   සංයෝගයට වඩා 28 ගුණයකින් ප්‍රබලයි…

  • චලන වේගය බින්දුවේ තියන ශුක්‍රානුත් චලනය කළ හැකියි… චලන වේගය අඩු ශුක්‍රානුවල චලන වේගය වැඩි කළ හැකියි…

  • සංයෝගය සොයාගත්තෙ කළුතර දිස්ත්‍රික්කයේ වෙරළ කලාපයේ රතු ඇල්ගී විශේෂයකින්…

  • ඉදිරියේ දී ලෝකයේ බහුලවම භාවිත වන ඖෂධයකට අවශ්‍ය මූලික සංයෝගය මෙය විය හැකි නමුත් එහි අයිතිය ජාත්‍යාන්තරව තහවුරු කරගන්න අවශ්‍ය ඉදිරි පර්යේෂණ සඳහා ප්‍රතිපාදන නෑ…

මේ වනවිට විශාල සමාජ ප්‍රශ්නයක් වී ඇති පිරිමින්ගේ මද සරු බවට ලෝකයේ විශිෂ්ටම ප්‍රතිකර්මය ලෙස ඉදිරිපත් වී ඇති රසායනික සංයෝගය සොයාගත් ලාංකික විද්‍යාඥයෙක් වූ කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද විද්‍යා පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර සිය සොයා ගැනීම සඳහා පේටන්ට් බලපත්‍රය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5ක මුදලක් සොයා ගත නොහැකි වීම නිසා පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කර සිය පර්යේෂණය නිමා කිරීමට තීරණය කර තිබේ.

Dr-Sirimal-Premakumara
කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද විද්‍යා පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර

මිනිස් ශුක්‍රානුවල චලනය වැඩි කිරීම සම්බන්ධව දැනට ලෝකයේ සායනික මට්ටමේ ඇති  එකම සංයෝගයට වඩා 28 ගුණයකින් වැඩි ප්‍රබලතාවයක් සහිත මෙම රසායනික සංයෝගය ඔහු විසින් සොයාගෙන ඇත්තේ   කළුතර දිස්ත්‍රික්කයේ  වෙරළ කලාපයෙන් ලබාගත් රතු ඇල්ගේ විශේෂයකිනි.

දේශීය හා අන්තර්ජාතික වශයෙන් පර්යේෂණ පත්‍රිිකා 350ක් පමණ ප්‍රකාශයට පත් කළ කීර්තිමත් සම්මානිත විද්‍යාඥයෙක් වූ ආචාර්ය සිරිමල් පද්මකුමාර  ශුක්‍රාණුවල වේගය වැඩි කරන නව සංයෝගයක් හඳුනා ගැනීම පර්යේෂණ ජීවිතයේ     විශිෂ්ටතම සොයා ගැනී බව බීබීසී සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබිණි.

“ දැනට සායනිකව පාවිච්චි කරන pentoxifylline කියන රසායනික සංයෝගයට ශුක්‍රාණු  චලනය වන ප්‍රමාණය වැඩි කළ හැකියි. නමුත් ශුක්‍රාණු  චලනය වන වේගය වැඩි කිරීමේ හැකියාවක් නෑ.“

“නමුත් අප සොයාගත්  සංයෝගයට එම හැකියාවන් දෙකම තියනවා. චලන වේගය බින්දුව තියන ශුක්‍රාණු පවා උත්තේජනය කර චලනය කිරීමේ හැකියාව මෙම සංයෝගයට ඇති බව විද්‍යාත්මකව පෙන්වා දී තිබෙනවා.“ ඔහු බීබීසී වෙත පවසා තිබිණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

නමුත් එම සොයා ගැනීම සඳහා මෙතෙක් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට හැකි වී නැති බවත් ප්‍රධාන බාධකය වී ඇත්තේ ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවී ඇති ඇමරිකානු ඩොලර් ලක්ෂ 5. 10ත් අතර මුදල බවත් බීබීසිය හෙළි කරයි. ඉදිරි පර්යේෂණ සඳහා ලංකාවේ  පහසුකම් නොමැතිවීම ඊට ප්‍රධානම හේතුව වී ඇත.

“ විද්‍යාඥයො හැටියට මේ කේෂේත්‍රය තුළ සිටින ප්‍රතිපත්ති තීරකයින්ට අපි දිගන් දිගටම දැනුම්වත් කිරීම් කළා. මා  විද්‍යාඥයෙක් ලෙස කළ මෙම සොයාගැනීම ඊලඟ පරම්පාරාවටවත් යා යුතුයි කියන අදහස තමයි මා තුළ තිබෙන්නේ.  ඒ සඳහා පරීක්ෂණ පත්‍රිකාවක්  ඉදිරිපත් කරලා මෙම පර්යේෂණයෙ වැඩ අවසන් කරන්න මා අදහස් කරනවා. මෙතනින් එහාට මේ කටයුත්ත ගෙනියන්න කාලය සහ ප්‍රතිපාදන මා සතුව නෑ…“

“මා බලාපොරොත්තු වෙනවා මේ පර්යේෂණ පත්‍රිකාව පල කරලා  ලංකාවෙ පේටන්ට් එකකටවත් එය දාන්න. එතකොට අනාගත පරම්පාරවවත් මේ සොයාගැනීම භාවිතා කරලා ඖධයක් නිශ්පාදනය කරයි කියන අහිංසක බලාපොරොත්තුව මා සතුව තිබෙනවා. “

ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර පවසයි.

(බීබීසී ඇසුරිනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය ආඥාපනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් නැති බව පොලිස්පතිට කියා දෙන්න… මානව හිමිකම් කොමිසම පොලිස් ඇමතිට දන්වයි!

Next Post

15 හැවිරිදි දරුවෙකුට පොලිස් වෙඩි ප්‍රහාරයක්… දරුවාට අසාධ්‍යයයි… තිහගොඩ උණුසුම්වෙයි…

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.