දිනසේන රතුගමගේ –
මන්නාරම මුල්ලිකුලම වන ජීවී නිලධාරීන් විසින් ඊයේ සොයා ගත් මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයින් 11 දෙනාගේ මරණයට හේතුව එම මත්ස්‍යයින් දැලක පැටලීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇතැයි අනුරාධපුර වනජීවී කාර්යාලය පවසයි.
මෙම සතුන් 11 දෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාතර මරණ පරීක්ෂණය වන ජීවී පශු වෛද්‍ය කාර්යාලයේ වනජීවී පශු වෛද්යවරුන් වන චන්දන ජයසිංහ සහ ඩබ්ලිව්. එල්. යූ. මධුවන්ති විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබිණි.
මම මරණ පිළිබදව පූර්ණ වාර්තාවක් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මියගිය ඩොල්පින් මසුන් 11 දෙනාගේ සිරුරු සුදුසු ස්ථානයක වළ දමන ලෙස අධිකරණයෙන් නියෝගයක් වන ජීවී නිලධාරීන් වෙත ලබා දී තිබේ.