බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

by editor
අගෝස්තු 14, 2022
in පුවත්
ring
Share on FacebookShare on Twitter

යාල විනෝද සංචාරයක ගිය   නාගරික සංවර්ධන හා නිවාස ඇමති   ප්‍රසන්න රණතුංග අමති දියණයගේ ලක්ෂ විසි පහක් වටිනා මගුල් මුද්දක් නැතිවීම නිසා  ඊයේ කිරින්ද පොලිසියට දැවැන්ත මෙහෙයුමක් කරන්නට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ප්‍රසන්න රණතුංග ඇමති දියණියත්, ඇයගේ පවුලේ ඇත්තන් සහ හිතවතුන් කීප දෙනෙකුත් පෙරේදා යාල විනෝද චාරිකාවක් ගියේය. ඔවුන් නැවතී සිටි හෝටලයේ එදින සිටියේ ඔවුන් පමණය.

ඊයේ දහවල් පිරිස ඇවිදින්නට ගොස් පැමිණ ඇඟපත සෝදා ගන්නා අවස්ථාවේ ඇමති දියණිය සිය විසිපන් ලක්ෂයේ මගුල් මුද්ද ගලවා නාන කාමරයේ උස් බිත්තිය මත තැබුවාය. පරිසර හිතකාමී හෝටලයක්වන එම හෝටලයේ නාන කාමර  නිර්මාණය කර තිබුණේ  බිත්තිවලින් වටවූ   වහලක් නැති  විවෘත අවකාශයකය.

ඇමති දියණියට මුද්ද ගන්නට අමතක වී ආවාය.  පිරිස සමග සාද කතාවේ නිරතවෙමින් පැය කීපයක් ගත වනවිට මුද්ද සිහි වී බලන විට එය තිබූ තැන නැත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

වහාම කිරින්ද පොලිසියට දුරකථන ඇමතුමක් දී සිද්ධිය දැන්නුවේය. පොලිසිය පැමිණිල්ල සටහන් කරගැනීමට හෝටලයට ආවේය.

හෝටල් කළමනාකාරිත්වය සහ එම කාමරය භාර තරුණයා පැහැදිලිවම කීවේ මුද්ද තමන් නොගත් බවය. එහෙත් පොලිසිය එය විශ්වාස කළේ නැත. කළමණාකරු සහ තරුණයාත් රැගෙන කිරින්ද පොලිසියට ගියේය. ප්‍රකාශ සටහන් කර ගැනුණි. ඔවුන් පැවසුවේ මේ ගැන තමුන් කිසිවක් නොදන්නා බවය.

අවසානයේ දී සීසීටීවී දර්ශන පරීක්ෂා කෙරිනි. සීසීටීවී දර්ශවනවල අපහැදිලි ඡායාවක් එම මුද්ද නැතිවූ ස්ථානයේ සිට පිටවී යන වග පෙනෙන දර්ශනයක් සටහන් වී තිබිණි.

හෝටල් කළමණාකාරිත්වයට අමතරව   හෝටලයේ රැඳී සිටි පුද්ගලයින් කවුරුන්දැයි විමසා බලන විට පෙදරේරුවන් තිදෙනෙක් සිටි බවත් එක් පෙදරේරුවෙක්  අද (14) ගෙදර යන්නට සූදානම් වන බවත් පොලිසියට දැගන්නට ලැබිණි.

ඔහුව කැඳවා අද උදෑසන (14) ප්‍රශ්න කරන විට ඔහු පවසා තිබුණේ දිලිසෙන දෙයක් බිත්ති කණ්ඩිය මත දුටු නිසා එය තමන් අරගත් බවය.

“ උඹ දන්නව ද ඒ මුද්ද කාගෙද කියලා. මේ ඇමති තුමාගෙ දුවගෙ. ඒකෙ වටිනාකම ලක්ෂ 25ක් උඹ ඒක දන්නව ද?“

හෙම්බත් වී  සිටි පොලිස් නිලධාරීන් ඉහවහා ගිය කේන්තියෙන් පෙදරේරුවා විමසුවේය.

“ බුදු අම්මේ සර්… ලක්ෂ විසිපහක්… කවුද දෙයියනේ මුද්දක් එච්චර ගණන් වග දන්නෙ“

පෙදරේරුවා ඇස් උඩ තියාගෙන උත්තර දී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

Next Post

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.