බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර මුද්දර වංචාවට සැක පිට සජිත්ගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්  අත්අඩංගුවට

by editor
ජූලි 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මීට වසර 14කට පෙර නීත්‍යානුකූලව තැපැල් දෙපාර්තමේන්තුවට භාර දිය යුතුව තිබූ මුද්දර වටිනාකම් සටහන් යන්ත්‍රයක් හොරෙන් සඟවා තබාගෙන ව්‍යාජ ලෙස මුද්දර සටහන් කර මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනබව කියන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ    දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරන ලේකම්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර්.පීරිස් අද (18)  සැකපිට  පොලිස් අත්අඩංගුවට පත් විය.

ඔහු එසේ අත්අඩංගුවට පත්වන්නේ ව්‍යාජ ලෙස මුද්දර සටහන් කර තැපෑලට දැමූ ලියුම් දස දහසකට ආසන්න ප්‍රමාණයක්   මධ්‍යම තැපැල් හුවමාරුව විසින්  සොයා ගැනීමත් සමගය.

වර්ෂ 2000 – 2004 කාලය තුළ මහජන සේවය සඳහා රජයෙන් ලබා දුන් සහනයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට මෙම මුද්දර වටිනාකම් සටහන් කිරීමේ යන්ත්‍ර බෙදා දී තිබුණේ නිශ්ඡිත ක්‍රමවේදයක් තුළය. යන්ත්‍රයක් නිකුත් කළ  මන්ත්‍රීවරයෙකුට   නියමිත මුදල් සීමාව ඇතුළත යන්ත්‍රය සැකසුම් කර සීල් තබා තිබිණි. එම මුද්‍රාව වෙනස් කළ හැකිව තිබුණේ තැපැල් දෙපාර්තමේන්තුවට පමණි. එමෙන්ම එම මුද්දර වටිනාකම් සටහන් කළ ලිපි තැපැල් කිරීමට තැපැල් ස්ථානයක් නම් කර තිබිණි. ලිපි තැපැල් කළ හැක්කේ එම තැපැල් ස්ථානයෙන් පමණි.

මෙම මුද්දර සටහන් යන්ත්‍රය නිමල් ආර්.පීරිස් පලාත්සභා මන්ත්‍රීවරයෙක්ව සිට වකවානුවේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් නිකුත් කරන ලද්දකි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පසුව මේ ක්‍රමය වෙනස් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණු මේ වටිනාකම් සටහන් කිරීමේ යන්ත්‍ර වර්ෂ 2006 පමණ වනවිට   තැපැල් දෙපාර්තමේන්තුව විසින් යළි එකතු කළේය. ඒ වෙනුවට පාර්ලිිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන්ම විශේෂ මුද්දරයක් මුද්‍රණය කර වසරකට ලක්ෂ තුන හමාරක වටිනාකමකින් යුතු මුද්දර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙත ලබා දුනි.

එසේ තිබිය දී මෙම යන්ත්‍ර භාර නොදී සඟවා තබාගෙන මුද්‍ර කඩා ව්‍යාජ ලෙස මුද්දර වටිනාකම් සටහන් කර   යම් සබඳතා මත කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවලින් ලියුම් තැපැල් කර තිබිණි.

මේ අකටයුත්ත වඩාත් අශෝභන වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කළ මුද්දර භාවිතය ද අවලංගුවන වටපිටාවක මහජන නියෝජිතයන් වෙත ලබා දුන් මුද්දර යන්ත්‍ර සඟවාගෙන අවභාවිත කිරීම නිසා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේක්ෂකයකු ගිය මාරක ගමන සමාජ මාධ්‍ය කළඹයි

Next Post

ජී.එම්.ඕ.ඒ  සියල්ල දත් නෙමෙයි… ඔවුන් මැදට පැන අපේ රාජකාරියත් අවුල් කරනවා…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.