බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොඳ වෙළෙඳපොළකට ඉඩ තිබුණත් පෝට් සිටියේ හැදෙන්නේ සල්ලි සුදු කරන සූදුපොළක්

by Lanka Sara Editor
අප්‍රේල් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගෙන දකුණු ආසියාව තුළ තරගකාරී හොඳ වෙළෙඳපොළක් ගොඩ නැගීමේ හොඳ අවස්ථාවක් පවතිද්දී කරන්නට යන්නේ ඒ වෙනුවට කළු සල්ලි සුදු කරන ජාත්‍යන්තර සූදුපොළක් බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ වරාය නගර කෙටුම්පත තුළ කරුණු පැහැදිලි කර නැති නිසා මෙය කළු සල්ලි මධ්‍යස්ථානයක් බවට පත් වෙනවාදැයි සමාජයීය ගැටලුවක් ඇති වී තිබෙන බවය.

ඔහු විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
“ ජාත්‍යන්තර කලු සල්ලි පිළිබඳ විනිවිද භාවයක් නැති ලැයිස්තුවට 2011 වසරේ දී ශ්‍රී ලංකාව පත් වුණා.එම වසරේ ලෝකයේ බදු පිළිබඳ විනිවිද භාවයක් නැති කළු සල්ලි එකතු කරන මධ්‍යස්ථාන පිළිබඳ ලෝකයේ විශාල ව්‍යාපාරයක් පටන් ගෙන තිබුණා. එය ආරම්භ වූයේ 2009 වසරේ ගෝලීය ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදීයි. චීනය සහ රුසියාව ද ඇතුළත්ව ලෝකයේ ප්‍රධාන ආර්ථික 20 ලන්ඩන් නුවරදී 2009 අප්‍රේල් මාසයේදී එකතුවී බදු පිළිබඳ විනිවිද බවක් නැති කළු සල්ලි මධ්‍යස්ථානවලට එරෙහිව ක්‍රියා කරන්නට තීරණය කළා.
එමෙන්ම මූල්‍ය ක්‍රියා සම්බන්ධ කාර්ය සාධක බලකාය අළුතින් ස්ථාපිත කළා.ජාත්‍යන්තර කළු සල්ලි පිළිබඳ විනිවිද භාවයක් නැති ලැයිස්තුවට 2011 වසරේ දී ශ්‍රී ලංකාව පත් කළේ මෙම ආයතනයෙන්.

මේ සම්බන්ධයෙන් තීරණය කරන්නට තවත් සංවිධාන දෙකක් තිබෙනවා. යුරෝපීය සංගමයේ බදු විනිවිදභාවය පිළිබඳ තිබෙන නීති සහ රෙගුලාසි වලට අනුකූල නීති සහ රෙගුලාසි තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ සම්බන්ධයෙන් ඇති කර තිබෙන තීන්දුව හඳුන්වා දිය හැකියි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

2015 වසරේ අප ආණ්ඩුව ගත් පසුව සාකච්ඡා පැවැත්වූවා. ඒ අනුව ශ්‍රී ලංකාවට අත්ව තිබූ කළු ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවා. ඒ සාකච්ඡා අනුව අප කලු ලැයිස්තුවේ සිට අළු ලයිස්තුවට මාරු කරනු ලැබුවා.ඒ අනුව 2018 වසරේ අප ඉදිරිපත් කළ යෝජනා සියල්ල ම පිළිගෙන ලංකාව එම ලැයිස්තු වලින් ඉවත් කරනු ලැබුවා. ලංකාව නැවත එම ලැයිස්තුවලට යා යුතු වන්නේ නැහැ.
එමෙන්ම ලංකාව නැවත ඇඟලුම් තීරුබදු සහනය නැති කරගත යුතු නැහැ. ඉදිරියට යාමට නම් ලංකාවට ලෝක සහාය අවශ්‍යයි. ඒ තත්ත්වය ආරක්ෂා කර ගනී දැයි අප දන්නේ නැහැ. මූල්‍ය කටයුතු ගැන විනිවිද භාවයක් සහිත අක්වෙරළ සමාගම් සමග ක්‍රියා කරන මධ්‍යස්ථානයක් නම් ඒ සම්බන්ධ වැඩ කටයුතු සඳහා අවුරුදු දහයක් හෝ පහළොවක් ගත විය හැකියි. මෙහි පැමිණ මුදල් ගනුදෙනු සිදු කර බැංකු ගිණුම් ඇතිකරන මධ්‍යස්ථාන ක්‍රියා කරන්න අවශ්‍යයි.

දැනට ලොව ඇති ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථාන පහෙන් තුනක් තිබෙන්නේ ආසියාවේයි.තෝකියෝ, සිංගප්පූරු සහ හොංකොං වල එම මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා.ඩුබායි සහ මොනිෂස් නගර තිබෙන්නේ ඊට පසුවයි. නැවත චීනය ෂැංහයි නගරය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස දියුණු කර තිබෙනවා. එහෙයින් ආසියාවට අවශ්‍ය සේවා දැනට ලබා දෙනවා. ඒ නගර සමඟ තරග කිරීම අපට පහසු කාරණයක් නොවේ. එසේ සිතනවානම් එය සාර්ථක වන්නේ නැහැ.
අප ඉදිරියට යා යුත්තේ ඒවායේ ඇති යම් හිඩැසක් සොයාගෙන පමණයි. දකුණු ආසියාවට අවශ්‍ය සේවා ලබාදීම ගැන මගේ අවධානය යොමු වුණා. ඒ අක්වෙරළ සමාගම් වලින් රක්ෂණ කටයුතු ආදියයි. එමෙන්ම නැව් සහ ගුවන් යානා ලියාපදිංචි කිරීම දැනට සිදුවන්නේ අයර්ලන්තයේ පමණයි. එවැනි අවස්ථා සොයා ගෙන දකුණු ආසියාවට සේවයක් කළ හැකි නමුත් ඊට කල් ගත වෙනවා.
දකුණු ආසියා ආර්ථිකය බෙහෙවින්ම දියුනුවට පත් වන්නේ 2040 වසරෙන් පසුවයි. අප අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරනවා නම් සියලු දෙනාම ඊට උපකාර කරාවි. නමුත් අද පවතින්නේ එවැනි තත්ත්වයක් නොවේ. මෙහි අක්වෙරල සහ මූල්‍ය සමාගම් වලට සුදු පොළවල් ඇතුළත් කර තිබෙනවා .තෝකියෝ, සිංගප්පූරු ,හොංකොං හෝ වෙනත් කොහේවත් මහ බැංකු වලට සුදු පොලවල් ඇති කරන්න බලතල දී නැහැ.
අප එකඟ වූ ලෙස සම්පූර්ණ බලය මහ බැංකුවට ලබා නොදී කොටසක් කොමිසමට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙහි කරන්නට යන්නේ කුමක්ද? අපට ඇති ප්‍රශ්නය එයයි.
මෙහි සුදු පොළවල් ඇති කලේ ඇයි? ඔන්ලයින් සුදු පොළවල් ද ඇති කර තිබෙනවා. මොවුන් මුදල් හොයන්නට හදන්නේ මේ ආකාරයටයි.

මෙයින් ලංකාවේ සියලුම ප්‍රදේශ වල අයට ජංගම දුරකතනය ඔස්සේ මේ සූදු පොළ සමග සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් වන හානිය කුමක්ද?ජාත්‍යන්තර වශයෙන්ද කලුසල්ලි මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. එසේ වුවහොත් අප නැවතත් කළු ලැයිස්තුවට ඇතුළු වීමේ අවදානමක් තිබෙනවා.
අපගේ බැංකු ගිණුම් සහ බදු ගැන විනිවිදභාවයක් නැතිනම් අප එම කලු ලැයිස්තුවට වැටීමේ අවදානමක් තිබෙනවා. අමාරුවේ වැටී ඇති ආර්ථිකයට මේ පහරත් වැදුනොත් ජීවත් වන්නේ කෙසේ දැයි සිතිය යුතුයි. අපට මුහුණ දීමට ඇති ප්‍රධානතම ප්‍රශ්නය මෙයයි. ලංකාවේ කැසිනෝ බලපත්‍ර හතරක් තිබෙනවා. එයින් දෙකක් මේ වරාය නගරයේ පිහිටුවිය හැකියි. එසේ නැතිව අලුතින් කැසිනෝ ඇති කළ යුතු වන්නේ නැහැ. මේ සඳහා අලුත් නීති උවමනා නැහැ.

කැසිනෝ සහ සුදු සියල්ලම පාලනය කරන්නේ මුදල් අමාත්‍යංශයෙන්. මුදල් අමාත්‍යංශයෙන් එම බලය ඉවත් කරන්නේ ඇයි? එහි බලාපොරොත්තුව වන්නේ සූදු පොළක් ඇති කොට එයින් ලැබෙන මුදලි විනිවිද භාවයක් නැති ලෙස බැංකු ගිණුම් පවත්වාගෙන යෑමයි. එමෙන්ම විනිවිද භාවයක් නොමැතිව අයබදු එකතු කිරීමයි.එසේ නැත්නම් කොන්දේසි සියල්ලම නීතියට ඇතුළත් කළ යුතුයි. යුරෝපීය සංගමයේ සඳහන් නීති හා රෙගුලාසි පිළිබඳව ද අප අවදානය යොමු කළ යුතුයි.

අක් වෙරළ සමාගම සේවා සපයනවා නම් ඒ පිළිබඳව වෙනම නීති අවශ්‍යයි.රක්ෂණ සේවා සපයනවා නම් අක් වෙරළ රක්ෂණ නීතියක් අවශ්‍යයි. නාවික සේවා ලබා දෙනවානම් අක්වෙරළ නාවික සේවා නීති අවශ්‍යයි. මේ නිසා එක් එක් අංශයට වෙන වෙනම නීති අවශ්‍යයි. නමුත් එවැනි නීති ඇති කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. විවිධ රෙගුලාසි හදනවා. නමුත් එම රෙගුලාසි පාර්ලිමේන්තුව යටතේ ගෙනාවා යැයි කියා කිසිම සෙතක් වන්නේ නැහැ. ඒ නිසා නීතියක් ගෙන එන්න. නීතියක් ගෙනැවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද උපදෙස් ගෙන සම්මත කරගත යුතුයි .හැම රටකම මෙවැනි නීති තිබෙනවා. එසේ නැතිව රෙගුලාසි පමණක් හදන්නේ නැහැ.මෙය මහ බැංකුවේ සම්පූර්ණ පාලනයට නොදෙන්නේ ඇයි?
මේ හේතු නිසා දැනට පැමිණිය හැකි එකම නිගමනය මෙයයි. එය එසේ නොවේ නම් ඒ ගැන ප්‍රකාශ කරන්න. පාර්ලිමේන්තුවේ සියලුම දෙනා සමග එක්ව අදාළ වුවමනා සංශෝධන ඉදිරිපත් කරන්න. මේ වරාය නගරය පාර්ලිමේන්තු පාලනයෙන් ඉවත් කර ඇත්තේ ඇයි? පාර්ලිමේන්තුවෙන් මෙම නීති සම්මත කරන්නට බල තල නොදෙන්නේ ඇයි? මේ වැඩ කටයුතු පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවට වෙනම බලතල දිය යුතුයි. එම බලතල ඉවත් කරන්නේ ඇයි? මෙම කරුණු සම්පූර්ණ කරනවානම් එය මූල්‍ය සේවා පිළිබඳ විනිවිද භාවයක් ඇති අක් වෙරළ සේවා ලබාදෙන ආයතනයක් ලෙස අපට පිළිගත හැකියි. අවුරුදු දහයකින් හෝ පහළොවකින් එවැනි ආයතනයක් ඇති කළ හැකි නමුත් හදිසියේ නම් ඇති කරන්නට හැකියාවක් නැහැ. නිසි ක්‍රමවේද අනුගමනය නොකළ හොත් සිතන්නට සිදුවන්නේ කළු සල්ලි මධ්‍යස්ථානයක් හැටියටයි.

මේ තත්ත්වය පැහැදිලි කරන්න ආණ්ඩුවට යුතුකමක් තිබෙනවා. කළු සල්ලි මධ්‍යස්ථානයක් නොවේ නම් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන මේ පනතට ගෙන ආ යුතුයි. ඒවා ගෙනෙන්නේ නැතිනම් කළු සම්බන්ධ ස්ථානයක් ලෙස නිගමනය කළ යුතුයි. එවැනි දෙයක් සිදු වුවහොත් එය ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වෙනවා. ආණ්ඩුව ඒ පියවර ගන්නවාද නැද්ද යන කාරණය අපට කිව යුතුයි.අපේ අනාගතය දැන ගත යුත්තේ ඒ තුළිනුයි.තරුණ තරුණියන්ගේ අනාගතය ඕනෑකමින්ම නැති කරන්න හදන්න එපා. දැනටමත් අප ඉන්නේ අමාරුවෙන්.නමුත් හරියට කටයුතු කරනවා නම් මේ තත්ත්වයෙන් ගොඩ එන්නට හැකියාව තිබෙනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් රෝහල්වල ICU ඇඳන් 40ටත් අඩුයි

Next Post

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තමන් දන්නා දේ කියන්න විපක්ෂය රදගුරු සමුළුවෙන් වෙලාවක් ඉල්ලයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.