සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට වර්ජනය කරනවා… නලින්ද ජයතිස්ස වර්ජනය කඩාකප්පල් කරන්න හැදුවොත් සියලුම අත්‍යාවශ්‍ය සේවාවන්ගෙනුත් ඉවත් වෙනවා… රවී කුමුදේශ් කියයි!

by editor
මාර්තු 17, 2025
in පුවත්
health-Strike
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීන් 9ට අයත් සාමාජිකයින් 20000ක් දෙනා හෙට (18) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ සඳහන් කරයි.

මෙවර අයවැය මගින් නිවාඩු දින වැටුප් කප්පාදුව, අතිකාල දීමනා කප්පාදුව හා වැටුප් විෂමතාව පිලිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවන් අසාර්ථක වූයෙන් හෙට දිනයේදී ආරම්භ කිරිමට තීරණ කර තිබු සංකේත වැඩ වර්ජනය ඒ පරිද්දෙන්ම සිදුවන බව හෙතෙම පැවසුවේය.

සෞඛ්‍ය සේවාවේ වසර 50ක ඉතිහානය තුළ කප්පාදු නොකළ වෘත්තීමය තත්ත්වන් කප්පාදු කිරිමට එරෙහිව ඉදිරියේදී සමස්ත සෞඛ්‍ය වෘත්තිකයන්ම බරපතල වෘත්තිය අරගලයන්ට යොමුවනු ඇති බව බලමණ්ඩල සාමාජිකයින් මුදල් අමාත්‍යංශ බලධාරින්ව දැනුවත් කළ බවද අජිත් රෝහණ කීවේය.

හෙට පැවැත්වෙන සංකේත වැඩ වර්ජනයට විසඳුමක් ලබා දීම සඳහා හෙට උදෑසන 7.00 දක්වා කාලය පවතින බැවින් සෞඛ්‍ය ඇමතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මැදිහත්ව ජනතාව අපහසුවට පත්වීම වලක්වා ගැනීමට කටයුතු කළ යුතුයැයි බලමණ්ඩලය අවධාරණය කරයි.

මේ අතර හෙට දිවයින පුරා රජයේ රෝහල්වල ආරම්භ කරන සංකේත වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස හැදු අලුත් දේශපාලන සංගම් කටයුතු කළහොත් රෝහල්වල අත්‍යවශ්‍ය සහ හදිසි සේවාවන් සැපයීම අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

හෙට දිනයේදී පැවැත්වීමට නියමිත සංකේත වැඩ වර්ජනයේදි සියලුම රෝහල්වල හදිසි, අත්‍යවශ්‍ය සහ ජිවිතාරක්ෂක සේවාවන් පවත්වාගෙන යන අතර සියලුම ළමා, පිළිකා, මාතෘ හා වකුගඩු රෝහල් හි වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බවද හෙතෙම පැවසුවේය.

මෙවන් පසුබිමක් මත වර්ජනය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ සංගම් ක්‍රියා කළහොත් රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් බිද වැටීමේ වගකීම රජය භාරගත යුතු බවද සම්මේලනය අනතුරු අඟවා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කවුඩුල්ලේ යුනිකෝන් දළ ඇතාගේ සිරුර හමුවෙයි… වෙඩි තබා ඝාතනය කර ඇති දැයි සැකයි…

Next Post

නලින්ද… මෙහෙම කොච්චර කල් දුවන්න ද?

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.