බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට එන විනාශය වළක්වන්න අදම තීන්දු ගන්න! ප්‍රබල ව්‍යාපාරිකයෝ රජයට කියති

by Lanka Sara Editor
මාර්තු 8, 2022
in පුවත්, ව්‍යාපාර
Vish-Govindasamy
Share on FacebookShare on Twitter

රට තුළ සිදුවෙමින් පවතින ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා බහුවිධ අර්බුද නිරාකරණය කිරීමේදී පියවර වේදනාකාරී ලෙස වුවද දැන් ම ක්‍රියාත්මක කිරීමෙහන් ඉදිරියේදී සහනයක් ලබා ගත හැකි වනු ඇතැයි මෙරට ප්‍රබලම පෙළේ ව්‍යපාර ආයතනවලින් සැදුම් ලත් ව්‍යාපාර සංවිධාන ගණනාවක් රජයට යළිත් අවධාරණය කරති.

ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය ඇතුළු ව්‍යාපාර සංවිදාන නවයක් ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ ඉහළ බදු මෙන්ම උපයෝගිතා මිල ගණන් යටතේ අමතර බරක් දරා රජයට දුෂ්කරතා හමුවේ සහාය දීමට සූදානම් නමුත් රජය වහාම විදේශ සංචිත ක්ෂය වීම, ඩොලර් හිඟය, විදුලිබල හා ඉන්ධන සැපයුම අර්බුදයට ලක් වීම වැනි ප්‍රශ්න හමුවේ කඩිනම් විසඳුම් ලබා දිය යුතු බවය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දසාමි මහතා සඳහන් කළේ හෙට සිදුවිය හැකි දරුණු පරාජයන් වළක්වා ගැනීමට නම් අදම නිවැරදි තීන්දු කඩිනමින් ගත යුතු බවය.

වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCSIL), ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්ත සම්මේලනය (JAAF), තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC), ජාතික වාණිජ මණ්ඩලය (NCCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCISL) සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC)යන ව්‍යාපාරඉ සංවිධාන පසුගිය සතියේ හදිසියේ රැස්වීමෙන් පසු රටේ පවතින අවිනිශ්චිත තත්ත්වය විසඳීම සඳහා ඔවුන්ගේ ගැටලු සහ යෝජනා ලැයිස්තුගත කර ඇති අතර සියලු දෙනාම ඒකාබද්ධව මාධ්‍ය හමුවේ මෙම කරුණු රටට ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. මෙම ව්‍යාපාර සංවිධාන පුධාන වශයෙටන් කරන යෝජනා පහත පරිදි වේ.

1. විනිමය අනුපාතිකය මත නම්‍යශීලී වීමට ඉඩ සලසන අතරම ඉන්ධන, ගෑස් සහ විදුලිය සඳහා වෙළෙඳපළ මත පදනම් වූ මිල සූත්‍රයක් ස්ථාපිත කිරීම. ආර්ථික ක්‍රියාකාරකම් අඩාල කරන විදේශ විනිමය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල වර්තමාන හිඟයට සාපේක්ෂව පිරිවැය ඉහළ යාමේ තත්ත්වයක් කළමනාකරණය කිරීම වඩා හොඳ විසඳුම ලෙස එම සංවිධාන මෙම යෝජනාව සලකයි.
2. පවතින වානිජ සහ වානිජ නොවන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් වහාම ආරම්භ කරන්න. මෙම ක්‍රියාවලිය ඉක්මනින්ම ආරම්භ කිරීම මගින් ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ආනයන සඳහා හිඟ ඩොලර් වෙන් කිරීමට රජයට යම් අවකාශයක් ලැබෙනු ඇත.
3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම මෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළඳපොළට සහ පෞද්ගලික අංශයට විශ්වාසයක් ඇති කරන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සකස් කිරීම.
ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට සහ සියලු පාර්ශ්වකරුවන් විසින් අපේක්ෂා කරන පරිදි ශක්තිමත් වැඩසටහනක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික අංශය ද රජයට ඔවුන්ගේ සහය ප්‍රකාශ කරන වද මෙම ව්‍යාපාර සමාගම් එක්ව ප්‍රකාශ කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වර්තමාන අර්බුදවල බරපතලකම අවබෝධ කර ගනිමින් පෞද්ගලික අංශය එක හඬින් කතා කිරීමට එකතු වී සිටිනවා, මේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල නවය සාමූහිකව සහ තනි තනිව අර්බුදයේ බලපෑම සහ ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග පිළිබඳව රජයට සහ අනෙකුත් අදාළ නිලධාරීන්ට මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ මේ වනවතෙක් මේ සම්බන්ධ පුගතියක් දක්වන ත්ත්වයක් අප දුටුවේ නෑ. සිදුවූයේ තත්වය තවත් නරක අතට ගමන් කිරීම පමණයි.

පසුගිය කාලයේ විදුලිය විසන්ධි වූ නමුත් නිෂ්පාදන ආර්ථිකය ක්‍රියාත්මක වූයේ ජනක යන්ත්‍ර ආධාරයෙන්. නමුත් අද වන විට විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් නොමැතිකම හේතුවෙන් කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර අඩාල වෙමින් පවතිනවා. විදුලිය කප්පාදුව සහ ඉන්ධන හිඟය යන ඒකාබද්ධ ප්‍රශ්නය ව්‍යාපාර, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට බලපාමින් දරුනු අර්බුදයක් මේ වනවිට නිර්මාණය කරමින් සිටිනවා. එබැවින් හෙට සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වය පාලනය කිරීමට වේදනාකාරීව වුවත් අද ගත යුතු පියවර ගත යුතු වනවා. “යයි ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දසාමි මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සඳහන් කළේය.

ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCI) ප්‍රධාන විධායක නිලධාරී / මහලේකම් ඉංජිනේරු කර්නල් (විශ්‍රාමික). ආනයනික ඉදිකිරීම් ද්‍රව්‍ය නොමැතිකම සහ පිරිවැය 35% සිට 50% දක්වා ඉහළ යාම හේතුවෙන් පුද්ගලයින් 50,000ක් රැකියා විරහිත වී ඇති බව නිශ්ශංක එන් විජේරත්න අනාවරණය කළේය.

“ඉදිකිරීම් කර්මාන්තය තුළ සමාගම් කිහිපයක් ඈවර කිරීමට මුහුණ දී සිටින අතර අර්බුදය විසඳා නොගතහොත්, විශේෂයෙන් විදේශ විනිමය හිඟය, තවත් රැකියා අහිමි වනු ඇත,” කර්මාන්තය 650,000 කට සෘජු රැකියා ලබා දෙන බව CCI හි නිලධාරියා පැවසීය.

වත්මන් අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රතිලාභ සැලසෙන පරිදි රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීමට රජයේ සැලසුම් පිළිබඳව ද ඔහු සැක පළ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් නෑ… රොහල්වල පාසල්වල ආපන ශාලා වැසේ…

Next Post

සුනාමියේ දළ රළෙන් ගැලවුණත් අමානුෂිකත්වයේ උදම් රළ අතර නොමැරී මැරෙන ගැහැණියක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.