ඉරිදා, ජූනි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට ඇප දෙනවා කියලා නම් කියන්න එපා… ගත්ත නම් හරියට වැඩේ කරන්න…

by editor
ජනවාරි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යෝෂිත රාජපක්ෂ අද සී.අයි.ඩී අත් අඩංගුවට පත් විය. ඒ මැදමුලනට යන ගමන් බෙලිඅත්ත ප්‍රදේශයේ දීය. අධිවේගී මාර්ගයේ දී ඔහු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වැඩ පටන් ගත්තට පස්සේ කෙඳිරි ගාන්න එපා… ආණ්ඩුව අනතුරු අඟවා තිබිණි. අත් අඩංගුවට ගන්න විදිහත් ඔවුන් කීවේය. “අපිව කලබල කරන අයට අපි කියන්නේ මෙච්චරයි. නීතියට අනුව ඔයාලගේ ගෙදරට සිතාසියක් එයි. අන්න එදාට එන්න. සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත්වල හැංගිලා ඉන්නේ නැතිව.” අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙදී පැවසීය.

ඒත් පටන් ගත්ත පළමු වැඩේම පුස්ස බින්දා සේ විය. අවුරුදු 10කට පෙර මූල්‍ය වංචාවකට අදාලව පසුගිය 22 දා මහ රෑ අනුර ප්‍රියදර්ශන යාපා අත් අඩංගුවට ගත්තේය. ඔහු කීවේ අඩුම තරමින් තමන්ට මේ බව දැනුම් දුන්නා නම් ප්‍රශනය  ඊට මුහුණ දීමට කිසිම බාධාවක් මතු නොවී තිබිය දී එක්වරම පැමිණ කළ මේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධ නොතේරන බවය. පහුවදාම අනුර ප්‍රියදර්ශන යාපාට ඇප ලැබුනේය. ගැලරියට ගහන ගේමෙන් කොමිටල් වෙන්නේ ආණ්ඩුව බව දැනගෙනම ඒ ගොබ්බ වැඩේ කළේ ගහන්නට ඉන්න උන්ට පොළු මුගුරු නොව මෝටාර් ද ලබා දෙමිනි.

පොඩි සන්දර්ශනයක් ද සහිතව අත් අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධව එවැන්නක් සිදුනොවනු ඇතැයි අපේ බලාපොරොත්තුවය. දශයකට වඩා වැඩි කාලයක් තිස්සේ විමර්ශනය වෙමින් තිබුණු නඩුවක්, අතේ සාක්ෂි තිබුණ බව කී නඩුවක්, අධිකරණයත් කොමිටල් කරමින් ඩේසි ආච්චිගේ මැණික්මල්ලේ කතාව පදනම් කරගත් රටම දන්නා නඩුවක් සඳහා වෘත්තීය යැයි අප විශ්වාස කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අනුව අත් අඩංගුවට ගත් යෝෂිතට හෙට හෝ අද අහවස ඇප ලැබෙනු ඇතැයි අප විශ්වාස නොකරන බව ලියා තබමින් මේ සටහන ආරම්භ කරමු. මොකද ආණ්ඩුව තමන්ගේ සුපිරි අපරාධ පරීක්ෂණ වැඩ්ඩන්වන ශානි ඇතුළු පට්ට නිලධාරීන් සෙට් එකකුත් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ගෙන, විද්‍යානුකූල දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අත් අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගත් “වික්‍රමාන්විත” සිද්ධිය ජිංතුපිටියේ ඩාන්ස් එකක් වනු දැකීම මේ ආණ්ඩුවට ඡන්දය දුන් කිසිවෙකුගේ අපේක්ෂාව නොවන බැවිනි.

RelatedPosts

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

මිහිඳු මාවතේ ඉඩම් නඩුව

රුපියල් ලක්ෂ 500කට ආසන්න වටිනාකමින් යුතු දෙහිවල මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ගේ නමට මිලට ගැනීම සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණේය.

අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතුවලට සහ දේපළ මිල දී ගැනීමේ කටයුතු සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එරෙහිව මෙම නඩුව ගොනු කළේය.

නඩුවට නිමිතිවන නෛතික සාක්ෂි පදනම කුමක් ද යන්න පිළිබඳව ඉතාම පැහැදිලි හෙළිදරව්වක් ඒෂියන් මිරර් වෙබ් අඩවිය 2016 වසරේ ජූනි 13 දා හෙළි කර තිබිණි. සිද්ධියේ ස්වරූපය තේරුම් ගැනීමට එම කතාව ඒ ලෙසම වාර්තා කිරීම දැනට ප්‍රමාණවත්ය.

පහත දැක්වෙන්නේ ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබූ කතාවය.

යෝෂිත රාජපක්ෂගේ ගල්කිස්සේ ඉඩම් නඩුව නීතියේ ඇසින් බැලීමේදී සිදුවී ඇත්තේ ඒවා පවතින නීතියට පටහැනිව සිදු කෙරුණු ක්‍රියාදාමයන් බවය. එලෙසටම අදාල ඉඩම් හිමිකරුවන් බලහත්කාරයෙන් පොළඹවා ගනිමින් සිදුකරන ලද ගණුදෙනුවක් බවය. ඒ සඳහා බලය හා නීතිය අයුතු ලෙස යොදාගනිමින් තහවුරු කළ නොහැකි අති විශාල මුදලක් භාවිත කරමින් තම මිත්තනියක වූ ඩේසි ෆීරියස් වික්‍රමසිංහ නැමති කාන්තාවත් දඩමීමා කරගනිමින් සිදුකරන ලද වංචනික ගණුදෙනුවක් බවය. ඒ සම්බන්ධව පැහැදිලි ලිඛිත සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

සැබෑ කතාව

ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් මෙම පාරම්පරික දේපල ගල්කිස්සේ මිහිඳු මාවතෙහි පිහිටා තිබේ. එකී දේපලට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සතුව තිබූ අයිතිය වර්ෂ 2015.10.12 වන දින වීරමන් නැමති ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු සහතික කරන ලද 3221 දරණ ඔප්පුව මගින් යෝෂිත රාජපක්ෂ මහතාට පවරා දී තිබේ.

නමුත් රාජපක්ෂවරුන්ගේ කීර්ති නාමය තහවුරු කිරීමට තරම් නොසරිලන ඉඩම් ප්‍රමාණයකින් යුතු වූ මෙම ඉඩම, විශාල කරගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට සහ එම පවුලේ අනෙක් අයට අවශ්‍යව පැවති බවත් ඒ අනුව මෙම කුප්‍රකට අනීතික ක්‍රියාව තම බලය යොදා ගනිමින් සිදුකර ඇති බවත් ඒ සඳහා තම මවගේ මුල් ඉඩම අසල පිහිටි අසල්වාසීන්ගේ ඉඩම් හොඳින් හෝ නරකින් මුල් ඉඩමට බද්ධ කිරීම සඳහා තම බලය හා මුදල් යෝෂිත රාජපක්ෂ මහතා යොදා ඇති බවත් මෙකී ගණුදෙනුව හොඳින් විශ්ලේෂණය කරන කල පෙනී ගොස් ඇත.

ඒ සඳහා මුල් ඉඩම අවට පිහිටි පුද්ගලික ඉඩම් අයිතිකරුවන්ට හිමිව තිබූ පර්චස් 12.4 ක්, පර්චස් 10 ක්, පර්චස් 02.6 ක් සහ දෙහිවල ගල්කිස්ස සමූපකාරයට හිමි පර්චස් 05 ක ඉඩම් ප්‍රමාණයක් ද මෙම අනීතික පවරා ගැනීමේ ක්‍රියාවලියට යටත් කොට තමන් වෙත ඈඳා ගැනීමට කටයුතු කර ඇති බවට පෙනී ගොස් ඇත.

ඉහත සඳහන් පර්චස් 27.1 ක් වූ ඉඩම් සඳහා වර්ෂ 1995 පහත සඳහන් පාර්ශවකරුවන් අතර ගල්කිස්ස දිසා අධිකරණයේදී බෙදුම් නඩුවක් පැවති බවට වාර්තා වේ. එකී බෙදුම් නඩුවේ අංකය වන්නේ 147/95/පී යන නඩුවයි. එම ඉඩම් නඩුවේ පාර්ශවකරුවන් වූයේ

01* ස්ටීවන් ප්‍රනාන්දු

02* අයිරින් ද සිල්වා

03* සිරිල් ප්‍රනාන්දු

04* හේමලතා රණවීර

05* මේබල් සුරවීර

06* පැට්ට්‍රික් ප්‍රනාන්දු

07* ඇසලින් ප්‍රනාන්දු

08* ඇඩ්මින් ප්‍රනාන්දු

09* වයලට් ප්‍රනාන්දු යන අයයි.

මෙකී අය අතර ඇතැම් අය අදාල ඉඩම්වලට හිමිකම් ඔප්පු පවතින පුද්ගලයන් වූ අතර ඇතැම් අය එම ඉඩම්වල හුදු භුක්තිකරුවන් පමණක් වූ බව වාර්තා වේ.

නීතිය වන වැදී

දැනට රටේ බලපවත්නා බෙදුම් නීතිය අනුව යම් ඉඩමක් බෙදීම සඳහා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලිස්පෙන්ඩනය නැමති ලේඛනයක් ලියාපදිංචි කරන අතර ඉන්පසුව එකී බෙදීමට යෝජිත ඉඩමේ අයිතිවාසිකම් නඩුවේ අවසාන තීන්දුවෙන් විනා වෙනත් ආකාරයකින් තුන්වන පාර්ශවයකට පැවරිය නොහැකි බව නීතියෙන් පිළිගත් කරුණකි. යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එකී සියලු පැවරීම් නිත්‍යානුකූල නොවන පැවරීම් ලෙස සැලකීමට ද අධිකරණය විසින් කටයුතු කරයි.

ඉහත සඳහන් බෙදුම් නඩුවේ නම් සඳහන් සියලු පාර්ශවකරුවන් සමග පළමුව ඩේසි ෆීරියස් වික්‍රමසිංහ පහත සඳහන් විකිණීමට එකඟ වීමේ ගිවිසුමට එළඹ තිබේ. එකී විකිණීමට එකඟ ගිවිසුම් ඉහත සඳහන් වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කොට ඇති අතර එකී විකිණීමට එකඟවූ ගිවිසුම් වන්නේ, අංක 3084, අංක 3085, අංක 3086, අංක 3087, අංක 3088, අංක 3089, අංක 3090, අංක 3091 හා අංක 3092 වේ.

බෙදුම් නඩුවක් අතරතුරදී ඔප්පුවක් අත්සන් කරයි

ඉන් අනතුරුව මුලින් සඳහන් කරන ලද පර්චස් 12.4, පර්චස් 10 සහ පර්චස් 2.6 ක් වන ඉඩම් සඳහා ඉහත සඳහන් වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් වර්ෂ 2013.05.03 දින සහතික කරන ලද අංක 3093 බෙදුම් ඔප්පුවක් සකස් කොට තිබේ. මෙයද ශ්‍රී ලංකාවේ මෙලෙස ප්‍රථමවරට සිදුවූ සුවිශේෂී නෛතික ක්‍රියාවක් වන අතර එකී බෙදුම් ඔප්පුව යටතේ ඉහත සඳහන් 147/95/පී නඩුවේ පාර්ශවකරුවන් අතර බෙදුම් නඩුවෙන් අවසානයේදී හිමිවන දේපල අයිතිවාසිකම් පිළිබඳ එකඟතාවක් මෙමගින් පාර්ශවකරුවන් අතර ඇති කොට ගෙන තිබේ.

යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාවලිය අවභාවිත වීම 

ඉන් අනතුරුව ඉහත කී 147/95/පී නඩුවේ අතුරු තීන්දුවට එරෙහිව එකී නඩුවේ පාර්ශවකරුවන් කොටසක් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනා නඩුවක් සීඒ/938/97එෆ් යටතේ පවරා එම නඩුවේදී ඉහත කී බෙදුම් ඔප්පුව මත ඇති කරගත් එකඟතා මත අධිකරණමය සමතයක් පාර්ශවකරුවන් අතර ඇතිකරගෙන තිබුණි.

ඉන් අනතුරුව ඉහත නඩුවේ පාර්ශවයන්හට ඉහත කී ඩේසි ෆීරියස් වික්‍රමසිංහ විසින් පහත අගයක් ගන්නා වූ මුදල් ප්‍රතිශ්ඨාවක් ලෙස ගෙවා ඔප්පු හතරක් මගින් ඉහත කී පාර්ශවකරුවන්ගේ ඉඩම් අයිතිය ඩේසි ෆීරියස් වික්‍රමසිංහ වෙත පවරාගෙන තිබුණි. එකී විකුණුම් ඔප්පු වන්නේ ඉහත කී වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කරන ලද අංක 3107, අංක 3108 හා අංක 3109 දරණ ඔප්පු හා එම නොතාරිස්වරයාම වර්ෂ 2013.08.29 සහතික කරන ලද 3158 දරණ ඔප්පුව වේ. ඒ අනුව පහත සඳහන් ලෙස රුපියල් ලක්ෂ 495.2 ක මුදලක් ඉහත කී පාර්ශවකරුවන්හට ඩේසි ෆීරියස් වික්‍රමසිංහ විසින් ගෙවා ඇත.

01* ස්ටීවන් ප්‍රනාන්දු – ලක්ෂ 75

02* අයිරින් ද සිල්වා – ලක්ෂ 35.4

03* සිරිල් ප්‍රනාන්දු – ලක්ෂ 70

04* හේමලතා රණවීර – ලක්ෂ 60

05* මේබල් සුරවීර – ලක්ෂ 33.4

06* පැට්ට්‍රික් ප්‍රනාන්දු – ලක්ෂ 70

07* ඇසලින් ප්‍රනාන්දු – ලක්ෂ 25

08* ඇඩ්මින් ප්‍රනාන්දු – ලක්ෂ 15

09* වයලට් ප්‍රනාන්දු – ලක්ෂ 33.4

එකී ගණුදෙනුවෙන් අනතුරුව ඉහත කී පාර්ශවකරුවන් අතරින් හිමිකම් අයිතිවාසිකම් නොමැති නමුත් භුක්තියේ සිටි ඇතැම් පාර්ශවකරුවන් ලවා අයිතිය අත්හැරීමේ ඔප්පුවක් ඉහත කී වීරමන් නොතාරිස්වරයා ලවාම වර්ෂ 2013.03.06 වන දින සහතික කොට අංක 3106 යටතේ ලියාපදිංචි කොට තිබේ.

අවසාන විග්‍රහය

ඉහත සඳහන් වන්නේ රාජපක්ෂවරු රටේ ඉඩම් නීතියට තම බලය යොදවා නීතියේ කාර්ය පරිපාටිය ද යුක්තිය පසිඳලීමේ ආයතන ද දේපල අයිතිවාසිකම් දරණ පුද්ගලයන්ගේ දේපල දැරීමට ඇති අයිතියට ද බලපෑම් සිදුකළ ආකාරයයි.

ඉහතින් අප දක්වා සිටින්නේ ලංකාවේ මෙතෙක් කිසිවෙකු මෙතෙක් නොසිතූ ඉඩම් සම්බන්ධ නීතිය තම සිතැඟි පරිදි අයථා පරිහරණයට ලක් කිරීමට අදාල විශ්ලේෂණයකි. එසේම ඩේසිගේ මෙම වත්කම් ගණුදෙනුව තුළින් මතුවන අනෙක් කරුණවන්නේ යෝෂිත රාජපක්ෂ මහතාගේ 80 වියැති මිත්තණියට ( දැන් ඇයට වයස අවුරුදු 89යි)  ඉහත සඳහන් ආකාරයේ රුපියල් ලක්ෂ 495.2 වියදම් කිරීම සඳහා වත්කම් ලැබුණේ කෙසේද යන්නයි. ඇය දැනට වාර්තාවී ඇති කරුණු අනුව ඇය කිසි දිනෙක ආදායම් බදු ගෙවා ඇති පුද්ගලයෙකු නොවන අතර තමන්ට කියා කිසිඳු හරිහමන් දේපලක් නොතිබුණු පුද්ගලයෙකු බවද වාර්තා වේ. ( උපුටාගැනීම නිමි)

ඩේසි ආච්චිගේ සුප්‍රසිද්ධ මැණික් මල්ලේ කටඋත්තරය –

කවදාවත් ආදායම් බදු ගෙවා නැති විශාල වත්කම් සම්බන්ධව කිසිම විශ්වාසනීය තොරතුරක් රහිත අතීතයක් සහිත ඩේසි ෆොරස්ට ලක්ෂ පන්සීයකට අධික තමන් නමින් ඇති වත්කම් පිළිබඳව අපරාධ මූල්‍ය විමර්ශන කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දිය යුතු බව 2017 සැප්තැම්බර් (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ලක්ෂ 500ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගැනීමට ඩේසි ගේ වත්කම් විමර්ශනය කිරීමට කටයුතු කෙරිනි.

ඒ අනුව ඇය අපරාධ මූල්‍ය විමර්ශන කොට්ඨාසයට පැමිණියාය. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය කීවේ නාඳුනන මුස්ලිම් මුදලාලි කෙනෙක් මැණික් පාර්සලයක් ගෙනත් දුන් බවය. ඉන් සුමාන තුනකට පමණ පසු නාඳුනන පුද්ගලයින් තුන් දෙනෙක් පැමිණ මුදල් මළු දෙකක් ලබා දී මැණික් පාර්සල රැගෙන ගිය බවය. එම මුදලින් ඉඩමත් ඉඩම මැද ගොඩනැගුණ සුඛෝපභෝගී මන්දිරයත් ඉදි කළ බව ඇය ප්‍රකාශ කළාය.

එවිට FCID නිලධාරීන් ප්‍රශ්න කර ඇත්තේ අදාල මුදල් සමන්විත වූයේ 2000 නෝට්ටුවලින්ද? 5000 නෝට්ටුවලින්ද ? යන්නය. ඩේසි ආච්චිගේ එක්වරම පැවසුවේ සියළුම මුදල් 5000 නෝට්ටුවලින් ලැබුණු බවය. විශේෂත්වය වන්නේ මේ ගනුදෙනුව සිදුවන විට රටේ 5000 නෝට්ටු මුද්‍රණය වී නොතිබීමය.

FCID නිලධාරීන් ආච්චි අම්මාට ඒ බව කීවේය. ඩේසි ආච්චි ලබා දුන්නේ අපූරු උත්තරයකි.

“නාකි මට 5000 කොලයි 2000 කොලයි එක පාර හඳුනාගන්න බෑ…”

දැන් මුණුබුරා අත් අඩංගුවේය. රටේ මිනිස්සුන්ගේ බුද්ධියටත් අධිකරණයටත් නිගා කරමින් සිදුකළ බව කියන මේ අත්තනෝමතික ගනුදෙනු පිළිබඳ නිශ්චිත නඩු විභාගයන් සහිත ඉදිරි ක්‍රියාවලියක් දැන් මේ රටට අවශ්‍යය. කිව යුත්තේ තවත් නම් ෂෝ එපා කියයා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බේරේ වැවේ සතුන් මිය යෑමට හේතුව පැහැදිලි නෑ… ඒත් කුරුළු උණ නොවන බව ස්ථිරයි… කොළඹ නගරසභාව කියයි!

Next Post

රටේ නීතිය ක්‍රියාත්මක කරනකොට අඬන්න වැළපෙන්න වැළලෙන්න හදන්න එපා… ධීවර නියෝජ්‍ය ඇමති ඉල්ලයි!

Related Posts

පුවත්

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ජූනි 7, 2026
Udaya-Gammanpila
පුවත්

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...
පුවත්

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ජූනි 7, 2026
Udaya-Gammanpila

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

ජූනි 6, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • ‘වෙලේ සුදා’ ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!
  • ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!
  • තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.