පවතින කාලගුණික තත්ත්වය ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.
යාපනයේ වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට නුසුදුසු මට්ටමක් තෙක් වර්ධනය වී ඇත. ලෙස අඩු වී ඇත. බදුල්ලත් එසේය. දඹුල්ල, යාපනය, කුරුනෑගල, මුලතිව්, කොළඹ, පොලොන්නරුව, නුවර, වව්නියාව සහ හම්බන්තොට ප්‍රදේශවල වායුගෝලිය ගුණාත්මකභාවය සුළු වශයෙන් අඩුවී තිබේ.
පෙර දිනය තුළ, බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිනි.
පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශ සීමා ව්‍යාකුල තත්ත්වය හේතුවෙන් අද දිනය තුළ වායුගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර තත්ත්වයක් තෙක් පැමිණිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අජිත් ගුණවර්ධන ජනතාවට දැනුම් දෙයි. මෙම දිගුවෙන් වායුගෝලීය තත්ත්වය නිරීක්ෂණය කළ හැකිය. https://aq.nbro.gov.lk/







