අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හීමා දාස් හොයන්න “අඩිඩාස්“ ව ඉන්දියාවට ගෙන්වූ ඇසෑමයේ රන් කෙල්ල

by editor
මැයි 23, 2020
in ක්‍රීඩා, පුවත්
හීමා දාස්

හීමා දාස්

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

‘මම මුලින්ම දුවන්න පටන් ගත්තේ පාවහන් රහිතවයි. ඒත් ජාතික මට්ටමේ තරගාවලියට තේරුණාට පස්සේ මට පාවහන් පැලඳ දුවන්න සිදුවුණා. තාත්තා මට මිළදී ගෙන දුන් පාවහන් ඉතා බාල වර්ගයේ එකක්. ඉතින් මා කළේ ඒ පාවහන් මත ‘අඩිඩාස්‘ නම සටහන් කිරීමයි. දෛවය කියන්නේ මොකක්ද කියලා මට හරියටම අවබෝධ වුණේ ඊට අවුරුදු කිහිපයකට පස්සේ.  ඒ ලෝක ප්‍රසිද්ධ ‘අඩිඩාස්‘ සමාගම මගේ නමින් පාවහන් නිෂ්පාදනය කරන්නට පටන් ගත්තට පස්සෙයි.‘

අභිප්‍රේරණය (Motivation) සම්බන්ධව කොතෙකුත් ඇතත් අවුරුදු 19ක් තරම් යොවුන් වයසක පසුවන යුවතියකගෙන් එවැන්නක් අසන්නට ලැබීමත් එක අතකින් විස්මයජනකයි. කෙනකුට සිය ජීවිතය ආලෝකමත් කරගැනීමට හෝ පන්නරයක් ලබාගැනීමට ඉවහල් වන එවැනි කතාවකට සරිලන අත්දැකීම් තිබිය යුතුයි. මේ යුවතිය තවම ජීවිතය පටන් ගත්තා පමණයි. ඔබට එසේ සිතෙන්නට පුළුවනි. එහෙත් ඇගේ ජීවිතයේ ආරම්භයම අපිට අභිප්‍රේරණයක් වූ සැටි…?

ඇය හීමා දාස්…!

කෙටි දුර ධාවන පිටියේ ජාත්‍යන්තර රන් පදක්කම් දිනූ පළමු හා එකම ඉන්දීය ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතේ සිය නාමය රන් අකුරින්ම සටහන් කරමින් අලුත් පරිච්ඡේදයක් ලියා තැබූ මේ අහිංසක යුවතියගේ කතාව ඔබේ ජීවිතයට වෙනස්ම තාලයේ අත්දැකීමක් මෙන්ම අලුත්ම තාලයේ අභිප්‍රේරණයක් ඇති කරලන්නාක් බව සහතිකයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඩින් ටවුමට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි කුඩා කෘෂිකාර්මික ගම්මානයක් වූ කන්දුලිමාරි ග්‍රාමීය ජනපදයේ වෙල් ඉපනැල්ලේ දුවන්නට පුරුදු වූ මේ දුගී දුප්පත් යුවතිය වසර කිහිපයකට පසුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ජයගැනීමට සමත්වීම විස්මයජනක නෙවේද..?

පළමුවතාවට ජාතික මට්ටමේ කෙටි දුර ධාවන තරගවලට ඉදිරිපත් වෙද්දී ඇයට ඒ සඳහා භාවිත කරනු ලබන පාවහන් පවා තිබුණේ නෑ. ඇරත් එවැනි මිල අධික පාවහන් ඇයට ලබාදීමට තරම් දරුවන් හය දෙනකුගේ බර දරමින් සිටි හීමාගේ පියාට මුදල් නොතිබුණු බව ඇත්ත.  ඇගේ අසරණ පියා ඔහුට හැකි පමණින්,  එහෙත් ඉතා අඩු මුදලකට ඇයට මිළදී ගෙන දුන් පාවහන් තරගයට භාවිත කිරීමට තරම් ඉහළ මට්ටමක  නොතිබුණු බවත් ඇත්ත. කොහොමවුණත් එතැන තමයි ඇය ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ.

‘මම මුලින්ම දුවන්න පටන් ගත්තේ පාවහන් රහිතවයි. ඒත් ජාතික මට්ටමේ තරගාවලියට තේරුණාට පස්සේ මට පාවහන් පැලඳ දුවන්න සිදුවුණා. තාත්තා මට මිළදී ගෙන දුන් පාවහන් ඉතා බාල වර්ගයේ එකක්. ඉතින් මා කළේ ඒ පාවහන් මත ‘අඩිඩාස්‘ නම සටහන් කිරීමයි. දෛවය කියන්නේ මොකක්ද කියලා මට හරියටම අවබෝධ වුණේ ඊට අවුරුදු කිහිපයකට පස්සේ මේ ලෝක ප්‍රසිද්ධ ‘අඩිඩාස්‘ සමාගම මගේ නමින් පාවහන් නිශ්පාදනය කරන්නට පටන් ගත්තට පස්සෙයි.‘

ඉතින් ඇගේ කතාව අසා දැනගැනීමට උනන්දුවක් හෝ ආශාවක් ඇති නොවන්නේ කාටද..?

වසර 2000දී දුප්පත් පවුලකට දාව උපන් මේ දිරිය දියණිය ඩින් මහජන උසස් පාසලේ ඉගෙනුම ලබද්දී ඇගේ කැමැත්ත තිබුණේ පාපන්දු ක්‍රීඩාවට පමණයි. පාසලේ කොල්ලන් හා එක්ව හරි හරියට දුව පනිමින් පාපන්දු ක්‍රීඩාවේ නිරතවූ ඇය පන්දුව රැගෙන ගෝල් කණුව වෙත දිව යන වේගය ගැන සැළකිලිමත්වූ එවකට එම පාසලේ ශාරිරික අභ්‍යාස ගුරුවරයා වූ ෂම්ෂුල් ශේක් ඇයට පාපන්දු අතහැර කෙටි දුර ධාවනට යොමු වෙන්නැයි ඉතා වටිනා උපදේශයක් ලබා දුන්නා. එය තමා ඇගේ අනාගතය මුළු මනින්ම වෙනස්කළ සිදුවීම වුණේ.

එහෙත් කෙටි දුර ධාවනය පුහුණුවීමට තරම් උචිත ක්‍රීඩාංගණයක් හීමාගේ ගම්මානයේ තිබුණේ නෑ. ඇයට පුහුණුවන්නට සිදුවූයේ මඩ සහිත වෙල්යායක හෝ බොරළු සහිත ගුරු පාරකයි. කොහොමවුණත් එවැනි අඩු පහසුකම් යටතේ වුණත් කෙටි දුර ධාවනය පුහුණු වූ හීමා ප්‍රාන්ත කෙටි දුර තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් අත්කර ගනිමින් සිය ඉරණම වෙනස් කළ ක්‍රීඩා ක්ෂේත්‍රයට පා තැබුවා. ඒ වසරේ අවසන් භාගයේදී ජාතික කණිෂ්ඨ  මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වට ඇය සුදුසුකම් ලැබීමට සමත් වුණා.

ජාතික තරගාවලියේ දැක්වූ දස්කම් නිසා නොසිතූ අයුරින් ජාත්‍යන්තර තරග බිමේ දොරටු විවර කරගත් හීමා 2018 ඔස්ට්‍රේලියාවේ පැවැති පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව උදාකරගත්තා. එහිදී මීටර් 400 අවසන් වටයට සේන්දු වූ ඇය තරගය නිමා කළේ 6 වැන්නා ලෙසිනුයි. එහෙත් ඉන් අනතුරුව ඒ වසරේදිම ජූලි මාසයේ ෆින්ලන්තයේ පැවැති අවුරුදු 20න් පහළ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 තත්පර 51.46කින් නිමා කරමින් රන් පදක්කම දිනාගැනීමට ඇය සමත්වූයේ කණිෂ්ඨ තරගාවලියේ එවැනි දස්කමක් පෑ පළමු හා  එකම ඉන්දීය ක්‍රීඩිකාව ලෙසිනුයි. ඒ ඓතිහාසික ජයග්‍රහණයත් සමග වාසනාව ඇය පසුපස හඹා ආවා.

ලෝ ප්‍රකට අඩිඩාස් සමාගම ඇය සොයා ආවේ එලෙසටයි. මේ දිරිය දියණිය නමින් පාවහන් නිශ්පාදනය කිරීමට අඩිඩාස් සමාගම තීරණය කළා. ඊට අවුරුදු කිහිපයකට කළින් ඇය මේ වෙළෙඳ නාමය තම පාවහන් මත සටහන් කළ බවක් අඩිඩාස් සමාගම දැන සිටියේවත් නෑ. එය දැන සිටියේ හිමා පමණයි. අන්තිමේදී හීමා දාස් නමින් ලෝකයට අඩිඩාස් පාවහන් නිශ්පාදනය වීමේ ආරම්භය එසේ සටහන් වුණා. එම පාවහන් යුගලයේ වම් පස ‘Hima Das’ නමත් , දකුණු පස ‘create history’ ලෙසත් සටහන්වී තිබුණා. හීමාට දැනුණේ අපමණ සතුටක්. එකවරම ඇයට අතීත සිදුවීම සිහිපත් වන්නට ඇති.

2018 වසර කියන්නේ හීමාගේ ජීවිතය සොයාගෙන වාසනාව පැමිණි වසරයි. අඩිඩාස් ගිවිසුමේ උණුසුම පහවී යන්නටත් පෙර ඇය නවදිල්ලි නුවර ජනපති නිල නිවස රාෂ්ට්‍රපති භවාන් හී දී ජනාධිපති ශ්‍රී රාම් නාත් කෝවින්ද් අතින් ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට පිරිනැමෙන අර්ජුන සම්මානයත් ලබා ගත්තා. ඒ අතරතුර අසෑම් ප්‍රාන්ත රජය විසින් ඇය එම ප්‍රාන්තයේ ක්‍රීඩාවේ තානාපතිනිය ලෙස පත් කරගත්තා. 2018 වසර අවසානයේදී යුනිසෙෆ් සංවිධානය විසින් ඉන්දියාවේ එතෙක් මෙතෙක් පළමුවරට තාරුණ්‍යයේ තානාපතිනිය ලෙස හීමා දාස් පත් කරමින් ඇය ඉහළට ඔසවා තැබුවා. තව දුරටත් කියනවා නම් වසර 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවනතුරු (කොවිඩ් වසංගතය හේතුවෙන් පසුව එය වසරකින් කල් ගියා) හීමා දාස්ගේ සියළු වියදම් දැරීමට ඉන්දීය රජය පොරොන්දු වුණා.

අඩිඩාස් ගිවිසුමත් සමග ඩින් එක්ස්ප්‍රස් නමින් ලොව පුරා ඇය ජනප්‍රිය ක්‍රීඩිකාවක් බවට පත්වුණා. සමහරු ඇය ඉන්දියාවේ රන් කෙල්ල ලෙසත් හඳුන්වනවා. මේ අලුත් පන්නරයත් සමග නව ජීවයක් ලැබූ හීමා දාස් වසර 2019 ඇගේ කෙටි දුර ධාවන තරග දිවියේ විශිෂ්ටතම වසරක් බවට පත් කරගන්නේ දින 20ක් ඇතුළත ජාත්‍යන්තර රන් පදක්කම් 5ක්ම දිනා ගනිමිනුයි. එයත් වාර්තාවක්. මේ පදක්කම් 5ම ඇය අත්පත් කරගත්තේ යුරෝපා සංචාරයක් අතරතුරදියි.

පළමුව 2019 ජූලි මාසයේ 2 වැනිදා පෝලන්තයේදී මීටර් 200 තරග ඉසව් දෙකකින් රන් පදක්කම් දෙකක් දිනාගත් හීමා දාස් අනතුරුව  ජූලි 13 වැනිදා චෙක් රාජ්‍යයේදී  මීටර් 200 ඉසව්වේ තවත් රන් පදක්කමකුත්, මිටර් 400 ඉසව්වෙන් රන් පදක්කමත් දිනා ගත්තා. පිට පිට පස්වැනි රන් පදක්කම ඇයට ගෙන දුන්නේ චෙක් රාජ්‍යයේදිම ජූලි 20 වැනිදා පැවැති තවත් තරගාවලියකදියි.

ඩින් පළාතට වාසනාව අරන් හීමා දාස් ආපහු එද්දී මිනිස්සු පිස්සු වැටිලයි හිටියේ. මුළු නගරය පුරාම ඇගේ පොස්ටර්, කටවුට් පිරිලා තිබුණා. හුළඟ වගේ වේගයෙන් දුවන මේ යුවතිය ඇගේ ගම්මානය ජාත්‍යන්තර සිතියමේ කාටත් දැකගන්න සැලැස්සුවා.

Share69Tweet43
Previous Post

නිල ඇඳුම ගලවා දමා අඩි 60 ගැඹුර දියට පැණ ජීවිතයක් බේරාගත් පොලිස් විරුවා

Next Post

අනිල් ජාසිංහගේ සහතිකය සමග දේශපාලකයෝ ඉවක් බවක් නැතිව වැඩ අරඹති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.