දිනසේන රතුගමගේ –
වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරී පුරා විද්‍යා නටබුන් ප්‍රදේශය සියළු දෙනාටම තහනම් කරමින් වවුනියාව අධිකරණයෙන් නියෝගයක් 4 දා නිකුත් කොට තිබේ.
නෙඩුන්කේණී පොලීසිය විසින් ගොණු කරණ ලද පෙත්සමක් සැලකිල්ලට ගෙන එම පළාතේ සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.
බෞද්ධ නටබුන් සහිත පුරා විද්‍යා ස්ථානයක් වූ වෙඩුක්කුනාරී කටාරම් සහිත ස්ථානය යුද සමයේදී පළාතේ හින්දු ජනතාව වන්දනාමාන කිරීමට තෝරා ගෙන තිබුණි.
යුද්ධය උග්‍රවීමත් සමගම ජනතාව එම ප්‍රදේශය අතහැර යළි පදිංචියට පැමිණීමෙන් පසුව දෙමළ දේශපාලනඥයින් වෙඩුක්කුනාරී බෞද්ධ ස්ථානය හින්දු ජනතාවට අයත් බව කියමින් විරෝධතා දියත් කොට අධිකරණය හමුවේ නඩු ගොණු කිරීමක්ද සිදු කළහ.
අවසානයේදී බෞද්ධ නටබුන් වලින් මීටර් 500 ක් දුරින් හින්දු ජනතාවට වන්දනා කිරීමට කෝවිලක් සකසා ගැනීමට අධිකරණයෙන් අවසර ලැබුණු අතර එම සීමාව ඉක්මවමින් කටයුතු කිරීම නිසා නිතර නිතර මේ ස්ථානයේ ඇතිවන ආරවුල් හේතුවෙන් අධිකරණය නියෝග කොට ඇත්තේ කිසිම නිලධාරියෙකුට හෝ ආගමික නායකයින්ට එම ප්‍රදේශය තහනම් බිමක් බවට පත් කරණ බවටය.