සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු හමුදාපති මහේෂ් ඇතුළු හමුදා බුද්ධි ප්‍රධානීන් පාස්කු විමර්ශන විනාශ කළ අයුරු ගැන ශානිගෙන් බිහිසුණු හෙළි දරව්වක්!

by editor
සැප්තැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂත්  එක්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන ද අන්දමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ අරමුණුගත පරික්ෂණ කඩාකප්පල් කර නොමග යැවූ ආකාරය පිළිබඳව එවකට එම පරීක්ෂණ භාරව කටයුතු කළ අපාරධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද (25) බිහිසුණු හෙළිදරව්වක් කළේය.

ශානි අබේසේකර අද මෙම හෙළිදරව්ව කළේ සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ප්‍රහාරය, පාර රාජ්‍යයේ සෙවැනැල්ල සහ නොවිසඳුන අබිරහස් නම් ගවේෂණාත්මක කෘතිය ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි. .

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද පැවසූ එම කතාව සැබෑ ලෙසම අසා සිටින පිරිස තැතිගන්වන සුළු එකක් වූයේය.

ඒ කතාවේ සංවේදීම කොටසක් මෙසේ උපුටා දක්වන්නේ ඔහුගේම වචන වලිනි.

“මෙම ප්‍රහාරය හුදකලාව අප්‍රේල් මාසයේ 21 වැනිදා සිදුවූවක් නොවේ. මෙය යම් කුමන්ත්‍රණකාරී පෙර හැසිරිමක් සහිතව සිදුකළ සංවිධානාත්මක ප්‍රහාරයක් බව ස්ථිර වශයෙන්ම කියන්න පුලුවන්.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

යම් කණ්ඩායමක අවශ්‍යතාවයකට අනුව මෙය සිදුවුනා කියන එකත් අනාවරණය වූ සාක්ෂි අනුව පැහැදිලිව පෙනී යනවා.
ඒ අනුව දැනට විමර්ශනය කර ඇති කොටස්වලින් බොහෝ කරුණු එළියට ඇවිත් තියනවා එම කුමන්ත්‍රණය කොහොමද සිද්ධ වුනේ කියලා.

නමුත් එක එක කොටස් සම්බන්ධීකරණය කිරීම සොයන්න තව දුරටත් විමර්ශන පැවැත්විය යුතුයි.

කවුරුත් කතා නොකළ සංවේදී කාරණාව

කරුණු ආනාවරණය වුනා හන්සීර් මවුලානා කියලා තැනැත්තෙක් සම්බන්ධව. ඉතාම ගැඹුරින් විමර්ශනය කළ යුතුයි ඔහුගේ ප්‍රකාශය.

මම හිතන්නේ ඒ ගැන තවම කවුරුත් අතගහලවත් නෑ, එහි තියන එක සංවේදී කරුණක් ගැන පමණක් මම කියන්නම්.

ඔහු සඳහන් කරනවා මීට නම ඈඳුන කෙනෙක් අප්‍රේල් මාසේ 21 වැනිදා දුරකථනයෙන් ඇමතුමක් දෙමින් කිව්වා කියලා “ටාජ් සමුද්‍රා හෝටලයේ ඉන්නවා අපේ කෙනෙක්. එයාව එළියට ගන්න” කියලා.

නමුත් ඔහු කියනවා” මම ඉන්නේ මඩකලපුවෙ. මට ඒක කරන්න අමාරුයි “කියලා.

ඊට පස්සේ ටාජ් සමුද්‍රා හෝටලයේ පිපිරවීම සිදුකරගන්න උත්සාහ කළ ජමීල් කියන පුද්ගලයා සීසීටීවී එකේ අපි දකිනවා. නමුත් මද වෙලාවකින් අපි අර සීසීටීවී එකේ දකිනවා ඔහුගේ දුරකථනයට කෝල් එකක් එනවා.
ෆෝන් එක බ්ලින්ක් වෙනවා.

ඒ දුරකථනය අරගෙන තත්ත්පර ගණනක දී ඔහු බැක් පැක් එකත් ඇඳගෙන ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටත් වෙනවා.

ඊට පස්සේ තමයි ඔය ට්‍රොපිකල් ඉන් කියන දෙහිවල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලට ජමීල්ව එක්කන් යන්නේ.

ඊට පස්සේ එතන කාමරයක් බුක් කරලා ඔහු තමන්ගේ බැක් පැක් එක තියලා එය ආසන්නයේ තියන පල්ලියකට එනවා.
එතකොට එතනදි ඇතිවන සැකයක් මත පල්ලිය චෙක් කරන්න එන ආරක්ෂක නිලධාරියෙකුට එතන ඉන්න මහ ජනයා දැනුම් දෙනවා මොහු සැකයි කියලා.

මොහු ප්‍රශ්න කරද්දි ජමීල් කියනවා “මම බිරිඳත් එක්ක බහින්බස් වීමක් වෙලා ආවේ. ඕන නම් බිරිඳගේ දුරකථන අංකය දෙන්නම් බිරිඳගෙන් අහන්න” කියලා.

බිරිය කියනවා “කතාවක් ඇතිවෙලා එයා පිටවෙලා ගියා. හැබැයි බුද්ධි අංශයෙනුත් ඇවත් දැන් එයා ගැන හොයනවා එයා ගෙදර ඉන්නව ද කියලා.” ඒ වෙලාවේ ඕමාර් ඛත්තා කියන ජමීල්ගෙ බිරිය ආරක්ෂක නිලධාරීන්ට කියනවා.

කතා කරලා ජමීල්ව චෙක් කරපු හිටපු පොලිස් නිලධාරියා එතැනින් පිටවෙලා යනවා. ටික වෙලාවක දි විනාඩි දහයකින් විතර කෝල් එකක් එවනවා ජමීල්ගෙ බිරිඳගේ ෆෝන් එකෙන් “ඔය මනුස්සයා ඔතන තියාගන්න… අපි ඔතෙන්ට එනකම්” කියලා.

අංක 2 වව්නතිව් සිද්ධිය

ඊට අමතරව මේ වවුනතිව් පොලිස් නිලධාරීන් 2018 නොවැම්බර් මාසේ 30 වැනිදා ඝාතනය වෙච්චි තැන. මම එතෙන්ට යැව්වා ටීම් එකක් විමර්ශනයට. දීර්ඝ පරීක්ෂණයක් කරන අතරෙ 2018 දෙසැම්බර් මාසෙ 03 වැනිදා රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයා අපේ රවී සෙනවිරත්න මහත්තයට දුරකථනයෙන් කතා කරලා කියනවා “සර්, මේ මර්ඩර් එකට යූස් කරපු ජැකට් එකක් හම්බවෙලා තියනවා…. ඒ ගැන ඉන්ක්වයරි කරන්න” කියලා.

ඒ අපරාධ ස්ථානය මගහැරලා කෙලින්ම ඒ වෙනකොට බුද්ධි අංශ මගින් ලබා දුන්න තොරතුරු මත විමර්ශන කරනවා. වව්නතිවු පොලිස් ස්ථානාධිපති අත් අඩංගුවට ගත්ත අජන්තන් කියන පුද්ගලයගේ ගෙදරට තමයි බල්ලා ගියේ.

අනික තමයි මේ ජැකට් එක විවෘත ස්ථානයක තිබුණ…. මේ සිද්ධිය වෙච්චි නොවැම්බර් මාසේ 30 වැනිදයි, මේ ( ජැකට් එක ගැන) තොරතුරු දීපු දෙසැම්බර් මාසේ 03 වැනිදයි අතර පැය 72ක් ගත වෙලා… එතකොට ඒක කොහොමටවත් තියෙන්න බෑ.

අනික ඒ හම්බවෙච්චි බෝක්කුව ලඟින් පල්ලෙහාට බැහැලා කුඹුරකට යනවා මනුස්සයෙක්. කුඹුර අයිතිකාරයගෙනුත් අපි කටඋත්තර ලිව්වා. ප්‍රශ්න කළා. ඔහුත් කියනවා අද උදේ මම මෙතැනින් ගියා. මේ ජැකට් එකනම් මෙතන තිබුණෙ නෑ කියලා.

හමුදා බුද්ධි වාර්තා

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න මහත්තයගෙ නමට එවනවා මේ වවුනතිව් ඝාතනය සම්බන්ධ බුද්ධි වාර්තා හතරක්. ඒ හතරෙම සඳහන් වන්නේ මේක එල්.ටී.ටී.ඊ සංවිධානය තමයි මේක කළේ කියලා. ඔවුන්ගේ වාර්තාවල් අපට සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.

අප්‍රේල් 25 වැනිදා ගෆුර් මාමා අත් අඩංගුවට ගැනීමෙන් පසුව තමයි අපට අනාවරණය වෙන්නේ සහරාන්ගේ ප්‍රමුඛත්වයෙන් පිහිටවලා තිබුණ ජාතික තවුහිද් ජමාද් සංවිධානය තමයි මේ ඝාතනයට වගකිව යුත්තේ කියලා.

ඇයි බුද්ධි අංශ මේ වගේ තොරතුරු දීලා විමර්ශනය නොමග හැරියෙ කියන එක බරපතල ගැටලුවක්.”

ශානි අබේසේකර කීවේය. ඒ අතර ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව ද ශානි සිහි කළේය. එහිදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාධ්‍යයට පිළිතුරු දෙමින් මෙම ප්‍රහාරය එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් බව සනාථ කිරීම සඳහා හමුදා බුද්ධි අධ්‍යක්වරයා සහ හමුදාපති මහේෂ් සේනානායක තවත් නිලධාරීන් දෙදෙනෙක් සමග ගත් උත්සාහය පිළිබඳ ව ශානි අබේසේකර සිහි කළේය.

“එහෙමනම් රාජ්‍ය නායකයත් නොමග යවලා තියනවා මේ හමුදාපති තුමත් බුද්ධි අධ්‍යක්ෂකත්.” ඔහු අවධානරණය කළේය.

සයින්දමරුදු ගිනි අවිය

මේ පිලිබඳ ශානි අබේසේකර පැහැදිලි තොරතුරු ප්‍රමාණයක් රටට කීවේය.

සයින්දමර්දු වලදි සොයා ගත්ත ගිනි අවිය රස පරීක්ෂකවරයාට යැව්වාම වව්නතිව් නිලධාරීන් ඝාතනය කරල තිබුණ තැනදි අහුවෙච්චි පතොරොම් කොපු අටම හරියටම ටැලි වෙනවා ගිනි අවියට.

එතකොට ඒ ගිනි අවිය සොයා ගැනීමෙන් පසු නැවතත් ගවුෆර්ව ගෙන්වලා පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් කරනව. ඔහු පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ ගිනි අවිය කවුද ගත්තේ කියලා.

ඒ කතන්දරය කිව්ව ගමන්ම SIU එකේ, ඒ කියන්නෙ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ තිබ්බ විමර්ශනය වහාම නවත්වලා ඒකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා. එතනින් එහාට ඒ විමර්ශනය යන්නේ නෑ.

මේවා සොයාගෙන යද්දි තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් මාසේ 18 වැනිදා.

එවකට මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක. කිසිදු හේතුවක් සඳහන් නොකර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වශයෙන් ස්ථාන මාරුවීමක් ලැබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ රටේ සියලුම ජනකොටස්වලට ශ්‍රී ලාංකික පුරවැසි අභිමානය සහිතව ජීවත් විය හැකිවන තුරු මේ රට සමත් රටක් වෙන්නේ නෑ…. ජනපති කියයි!

Next Post

මහ මැතිවරණයට නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් ගණන මැතිවරණ කොමිසම නිවේදනය කරයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.