බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට ගත්තේ ඇයි?.. විමර්ශනයේ තොරතුරු නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රටට හෙළි කරයි….

by editor
අගෝස්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • එක රැයක් පහන් කිරීම සදහා හිටපු ජනපතිට, ජනපති බිරියට සහ පුද්ගලික ලේකම්වරියට එක් කෝටි හැට දෙලක්ෂයක් රජයේ මුදල් වියදම් කිරීම ගැන නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කී කතාව…  

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අත් අඩංගුවට ගන්නේ  සිය පුද්ගලික සංචාරයකදී    එක් රැයක් පහන් කිරීම වෙනුවෙන්  ඔහුටත්  ඔහුගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහටත්, පෞද්ගලික ලේකම්වරිය වු සැන්ඩ්‍රා පෙරේරාටත්  පමණක්   එක් කෝටි හැට අට ලක්ෂ හැත්තෑ දහස් පන්සිය හැත්තෑ තුනයි ශත අසූ තුනක රාජ්‍ය මුදලක් වියදම් කිරීම සම්බන්ධව බවත් එම  මුදල  ජනාධිපති වැය ශීර්ෂයෙන් වෙන් කර  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යවා තිබුනු බවත්  අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා පොලිසියේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ පැහැදිලි කළේය.

මෙම මුදලට අදාල   ස්ටර්ලින් පවුම් හතලිස් දාස් හාරසිය හතලිස් පහක  ( ලංකාවේ මුදලින් රුපියල්  එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දාස් පන්සිය හැත්තෑ තුනයි ශත අසූ තුනක මුදලක්) ඇස්තමේන්තුවක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් එවා තිබුණේ  ප්‍රවාහන, නවාතැන්, ආහාර වාහන කුලී, අමුත්තන්ගේ පර්යන්ත වෙන් කිරීම් සහ අනෙකුත් වියදම් වෙනුවෙන් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

එම මුදලට ගුවන් ටිකට් පත් ඇතුළත්ව නොතිබුණ බවත් ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයාගේ සහ ආරක්ෂකයින්ගේ වියදම් නාවික හමුදාවෙන් සහ පොලිසියෙන් දරා ඇති බවත් එම මුදල රුපියල් ලක්ෂ 32කට වැඩි බවත් එම මුදල් ප්‍රමාණය ද මෙම ඇස්තමේන්තුගත මුදලට ඇතුළත් නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

විමර්ශනවලින් ආනාවරණය වූ කරුණු අනුව කිසිදු රාජ්‍ය තාන්ත්‍රික  හමුවීමක් හෝ වැඩසටහනකට ජනාධිපතිවරයා මේ ගමනේ දී සහභාගී වී තිබුණේ නැති බව ද ඔහු අවධාරණයෙන් අනාවරණය කළේය.

නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති  කාලිංග ජයසිංහ හිටපු ජනාධිපතිවරයාගේ අත් අඩංගුවට ගැනිම සහ එහි විමර්ශන සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින්  වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

විමර්ශනය සිදුකළේ ඇයි?

මේ විමර්ශනය සිදුවෙමින් පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගෙන් ලබා ගත්තු සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණක් ඉදිරිපත් කරනවා.  මෙහි නඩු කටයුත්තක් සහ විමර්ශනයක් පැවැත්වෙන බැවින් මේකට අදාලව ඉදිරිපත් කළ හැක්කේ සීමිත කරුණු ප්‍රමාණයක් පමණයි.

මෙතනදි හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 10 දෙනෙකුගේ කණ්ඩායමක් පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් රාජධානියට යෑම සම්බන්ධව.  මේ සංචාරය සිදුවෙලා තිබුණේ 2022/09/22 සහ 23 දවස් දෙකේ.

මේ සම්බන්ධයෙන් 2025/05/23 වැනි දින ජනාධිපති ලේකම් තුමාගෙන් පොලිස්පති තුමාට විමර්ශනයක් සිදුකිරීම සම්බන්ධව ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා. ඒ ඉල්ලීම ඉදිරිපත් වෙන්නට පාදක වෙන්නේ ජනාධිපති  ලේකම් කාර්යාලයේ දූෂණ විරෝධී සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් අනුව එහි අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ අභ්‍යන්තර විමර්ශනයකින් ලැබුණු තොරතුරු ප්‍රමාණයක් සමග තමයි මෙම ඉල්ලීම නිකුත් කරලා තිබ්බේ.

සංචාරයේ ස්වරූපය

ඒ අනුව පොලිස්පති තුමා විසින් විමර්ශන සිදුකිරීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනවා. එතැනදි මෙම සිදුවීම වන්නේ 2022/09/22 හා 23 දින.  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එතුමාගේ මැතිණිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එක්සත් රාජධානියේ වොල්වර්හැම්ටන් කියන විශ්වවිද්‍යාලයට ගිහින් තිබ්බා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමේ අවස්ථාවට.

මේ සඳහා සහභාගී වෙලා තිබ්බා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එම මැතිනිය. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පුද්ගලික ලේකම් විදිහට කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සහ තවත් සන්ධාන නිලධාරියෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍ය නිලධාරියා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් හතර දෙනෙක් මේකට සම්බන්ධ වෙලා තිබුණා.

විශේෂයෙන්ම මෙම සංචාරයට පෙර හිටපු ජනාධිපති තුමාට තව සංචාර දෙකක් යෙදිලා තිබ්බා. එම සංචාර 2023/09/13 ඉඳලා 24 දක්වා මෙම සංචාර තුනට එතුමා සහභාගී වෙලා තිබුණෙ. මෙහිදී 2023/09/13 ඉඳලා 9/16 වෙනකම් කියුබාවේ හවානා නුවර ජී 77 සමුළුවට එතුමා සම්බන්ධ වෙලා තිබුනා ආරාධනයක් අනුව. 9/17 සිට 21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට එතුමා සම්බන්ධ වෙලා තිබුණා. ඒ එන අතරතුර තමයි එතුමා මේ සංචාරය සඳහා සම්බන්ධ වෙලා තිබුණෙ.

විමර්ශන ආරම්භය

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම විසින් සිදුකරන ලද විමර්ශන ආරම්භ කර තිබුණේ 2025/5/23න් පස්සේ. එතනින් පස්සේ විශාල ලේඛන සංඛ්‍යාවක් සොයා ගත්තා. විශාල පිරිසකගෙන් සාක්ෂි සටහනක් සිදුකර තිබුණා.

ඒ අනුව මේ සංචාරයට අදාලව ජනාධිපති ලේකම් කාර්යාලය  විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය අතර ලිපි හුවමාරුවක් සිදුවුනා. මේ ලිපි හුවමාරුවේ මුල් අවස්ථාවල හැම එකකම සඳහන් වෙලා තිබ්බේ මේක පුද්ගලික සංචාරයක් කියන එක.

මේ සංචාරය දින දෙකක් රැඳලා ඉන්නවා. මේ සංචාරය තුළ වැඩසටහන් විස්තරයක් තියනවා. විමර්ශන නිලධාරීන්ගෙ විමර්ශන විස්තරවලට අනුව ඒ වැඩසටහන් විස්තරයේ කිසිම අවස්ථාවක රාජ්‍ය තාන්ත්‍රික විස්තරයක් සටහන් වෙලා නෑ.

හිටපු ජනාධිපතිවරයාගේ මේ දින දෙක සදහා බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා මේ රටට ස්ටර්ලින් පවුම් හතලිස් දාස් හාරසිය හතලිස් පහක මුදලක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල්  එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දාස් පන්සිය හැත්තෑ තුනයි ශත අසූ තුනක මුදලක්.

ඒ දල ඇස්තමේන්තුව තුළ ආවරණය වෙලා තිබ්බේ ප්‍රවාහන, නවාතැන්, ආහාර, වාහන කුලී, ඊට අමතරව අමුත්තන්ගේ පර්යන්ත වෙන් කිරීම් සහ අනෙකුත් වියදම් කියලා.

ඊට අමතරව මෙතැනදි විමර්ශනවලින් ආනාවරණය වූ කරුණු අනුව කිසිදු රාජ්‍ය තාන්ත්‍රික  හමුවීමක් මේ වැඩසටහන් විස්තර ඇතුළෙ නෑ.  ඊට අමතරව මේ අදාල මුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දහස් පන්සිය හැත්තෑ දෙකයි ශත අසූ තුනක මුදල විදේශ අමාත්‍යාංශයට බැර කිරීමක් සිද්ධ කරනවා මේ සංචාරය සඳහා.

මීට අමතරව මේ මුදල සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තිබ්බේ හිටපු ජනාධිපතිතුමාගේ සහ එම මැතිණියගේත් පුද්ගලික ලේකම්වරියගේත් අදාල වියදම් සඳහා පමණයි.

ඊට අමතරව වෛද්‍යවරයා නාවික හමුදාවේ. ආරක්ෂකයින් පොලිසියේ.  ඔවුන්ගේ  වියදම් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන වාර්තාව අනුව   ලක්ෂ 32කට වැඩි මුදලක් ඒ සඳහා වියදම් වෙලා තිබුනා කියලා වාර්තා කරලා තියනවා.

රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවෙයි

මෙතනදි මේ හිටපු ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අනුව කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවන බවයි සඳහන් වෙලා තිබ්බේ. මම සංචාරය සඳහා කිසිම රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් තිබිලා නෑ. සාමාන්‍යයෙන් සංචාරයක් නම් ඒ අදාල රටින් පිළිගැනීමක් සිද්ධ කරනවා. මෙම සංචාරය සඳහා එවැනි පිළිගැනීමක් කර නෑ. අදාල රටින් ආරක්ෂකයො දෙනවා. එවැනි ආරක්ෂකයො ලබා දීමක් නවාතැන් ලබා දීමක් වැනි කිසිම දෙයක් මේ සංචාරය තුළ සිද්ධ වෙන්නේ නැති බවයි විමර්ශනවලදි අනාවරණය වෙලා තියෙන්නේ.

ඊට අමතරව මෙම මුදල පවුම් හතලිස් දහස් හාරසිය හතලිස් පහක පමණවන මෙම මුදල ඇතුළෙ ගුවන් ටිකට්පත් අන්තර්ගත වෙලා නැ. රාජ්‍ය තාන්ත්‍රික ගමණක් යන අතරතුර වෙච්චි සංචාරයක් නිසා මේ ගුවන්ටිකට්පත් වලට යන මුදල අන්තර්ගත වෙලා නෑ.

මේ වියදම දරලා තියෙන්නේ  හිටපු ජනාධිපතිවරයාටත් ඔහුගේ බිරියටත්, පෞද්ගලික ලේකම්වරියටත් බ්‍රිතාන්‍ය ඇතුළෙ   නවාතැන්, ආහාර, ගමන් බිමන් සහ ඉතිරි කටයුතු සඳහා පමණයි. ඒ වියදම් පමණයි මේක ඇතුළෙ අන්තර්ගත වෙලා තියෙන්නේ.

විමර්ශන ඇතුළෙ අනාවරණය වෙලා තියෙන්නේ මේක පුද්ගලික සංචාරයක් කියන එක. ඒ අනුව තමයි විමර්ශන කණ්ඩායම් විසින් මේක පුද්ගලික සංචාරයකට අදාලව රජයේ මුදල් භාවිතා කිරීම සම්බන්ධව විමර්ශන කළේ.   අනතුරුව ඔහුව අත් අඩංගුවට ගැනීම  සිදුකළේ.

ඒ අනුව ඊයේ අත් අඩංගුවට ගත්ත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරනපොදු දේපල පනතේ 5-1 වගන්තිය  දණ්ඩ නීති සංග්‍රහයේ 386 , 388 සහ 398 කියන වගන්ති යටතේ අත් අඩංගුවට අරගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ.

නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙම මුදල අනුමත කළ බලධාරියා හිටපු  ජනාධිපති ලේකම්වරයා බවද පැවසුවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති රනිල් බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය(ETU) වෙත යොමු කරයි…

Next Post

රජයේ වෛද්‍ය නිලධාරින් සඳුදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක… GMOA දැනුම් දෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.