බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

හිටපු ජනපති කිව්වෙ සහරාන්ගෙ ගැහිල්ලවගේ ගැහිලි වෙන්න ඇති... ඒවට යළි ඉඩ නෑ... රොෂාන් රණසිංහ

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
roshan-ranasinghe

roshan-ranasinghe

Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරයා අමුතු ගැහිල්ලක් ගැන කී බවත් සමහරවිට සහරාන්ගේ ගැහිල්ලත් ඒ වගේ ගැහිල්ලක් විය හැකි බවත් කී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ නැවත ඒ අයට එවැනි ගැහිලි ගැසීමට ඉඩ නොතබන බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ  කළේය.

කැබිනට් එකඟතාවයක් සහිතව සම්මතවුණු කාබනික වගාව සම්බන්ධ රාජ්‍ය එකඟතාවය බිඳිමින් පිරිහී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා පක්ෂ ප්‍රතිසංවධානය කළේ කාබනික වගාවට එරෙහිව ගොවීන් උසිගන්වමින් බව ඕනෑම තැනක කියන්නේ යැයි කී රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයා තමන් කේලම් කාරයෙක් නොවන බවත් කියන දේ මූණටම කියන බවත් පැවසුවේ තමන් නැති අතරේ හිටපු ජනාධිපතිවරයා තම නම සඳහන් කරමින් රටට බොරු කී බව දක්වමිනි.

රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ඊයේ දිනයේ හිටපු ජනාධිපතිතුමා මගෙ නම සඳහන් කළා. මම කේලම් කාරයෙක් කිව්වා.    මහින්දානන්ද ඇමතිතුමා එහෙම ප්‍රකාශ කළේ මගෙ කීම් අහලා කියලා කිව්වා. මම ජීවතේට කේලම් කියන කෙනෙක් නෙමෙයි. එතුමලාට ඒ කේලම් කීමේ පුරුද්ද  තියනවා.“

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“අපි දන්නවා කාබනික වගාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය දි තීරණය ගත්තේ. ඒ තීරණය  ගත්තෙ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, පරිසර ඇමතිවරයා  විදිහට  මහින්ද අමරවීම මැතිතුමා, කැබිනට් මණ්ඩලයේ නැති වුනත් ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු සියලු දෙනාගෙම එකඟතාවය මත.“

“ ඒක සාමුහික තීන්දුවක්. හිටපු ජනාධිපතිතුමා ඒ තීන්දුව විවේචනය කළා පමණක් නොවෙයි.  බොරුවක් කිව්වා මම කේලමක් කිව්වා කියලා. කේලමක් නෙමෙයි. කියන දේ  කෙළින්ම කියනවා. එතුමා පක්ෂය ප්‍රතිසංවිධානය කළේ මේ වී ප්‍රශ්නය අල්ලගෙන. කාබනික වගාව අල්ලගෙන. ඒක තමයි  ඇත්ත. අන්ත පල්ලෙහාට වැටිලා තිබුන නිසා එතුමගෙ දේශපාලන වෙනුවෙන් එතුමා ඒක කළා. ජනාධිපතිතුමා හොඳ  තීන්දුවක් ගත්තා. අපි ඒ තීන්දුව වෙනුවෙන් පෙනී හිටියා. ගොවි ජනතාවත් සියට 50ක්  කාබනික වගාවට එකතු වුණා.      ඒ ගොවි මතයත් අවුස්සලා එතුමා යම් දේශපාලන වැඩපිළිවෙළක්  කළා.“

එතුමා ඊයෙ කිව්වා අපි ගහන ගැහිලි වෙනමම ක්‍රමයක්  කියලා. මම හිතන්නෙ සහරාන්ගෙ ගැහිල්ලත් ඒ විදිහෙ   ගැහිල්ලක් වෙන්න ඇති. එහෙම ගැහිලි තවදුරටත් ගහන්න නැතිවෙන්න අපි කටයුතු කරන්න ඕන.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක අපට ගැටලුවක් නෑ. ඒ අය අපිත් එක්ක ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා අපිට ප්‍රශ්නයක් නෑ කතා නායක තුමනි.

මේ අවස්ථාවේ දී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න රොෂාන් රණසිංහට පිළිතුරු දෙන්නට නැගී සිටියේය.

“මේ පිළිබඳ සියලු පක්ෂවලින් අදහස් යෝජනා ඉදිරිපත් කළා. මේ ගැන නැවත කතා කළ යුතුද යන්න සියලු දෙනා සිතිය යුතුයි.  ඊයෙ දයාසිරි ජයසේකර මැතිතුමාගෙ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේ දී සභානායක තුමා ගෙ අදහස වුනේ යම් කරුණක් ඉදිරිපත් කරනවා නම් අදාල මන්ත්‍රීවරයාත් දැනුම්වත් කරන්න. එතුමාට එතකොට සභාවෙ ඉන්න පුලුවන් කියලා.  ඒ නිසා මං හිතන්නෙ ගරු මෛත්‍රීපාල  මැතිතුමා දැනුම්වත් කරලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කළානම් එතුමාට පිළිතුරක් දෙන්න හැකිවේවි.

මේ පිලිබඳ සභානායක තුමා ඊයේ සිය මතය ඉදිරිපත් කළා.

මේ පිළිබඳව දිගින් දිගටම අදහස් ඉදිරිපත් කරනවා නම්   අපටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස  දිගින් දිගටම කතා කරන්න සිද්ධ වෙනවා.

යළි රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයා නැගී සිටියේය.

“ඔබතුමා එක්ක මම එකඟයි. එතුමා අවුරුදු 30ක් පාර්ලිමේන්තුවෙ ඉන්නවා.  කොච්චර සදාචාර විරෝධීද මම නැති වෙලාවෙ  මගෙ නම කියලා මං කේලම් කාරයෙක් කියපු එක..“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවිරු සැමරුම තහනමට එරෙහි අධිකරණ තීන්දුවලට එරෙහිව ශිවාජිලිංගම් අධිකරණයට යයි!

Next Post

යුගදනවි පෙත්සම් විභාගයට ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.