සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු අගවිනිසුරුට එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතකම දුන්න හේතුව ආණ්ඩුව කියයි!

by editor
මාර්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියට අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරත්, මාලිමාවෙන් ඡන්ය ඉල්ලා පරාජය වුන මහින්ද රත්නායකට කියුබාවේ තානාපති තනතුරත් ලබා දුන්නේ කිසිම දේශපාලන හේතුවක් මත නොවන බවත්, ඔවුන් එම තනතුරු සඳහා රට නියෝජනය කිරීමට සිටින සුදුසුම පුද්ගලයින් බව රජය තක්සේරු කළ නිසා බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැබිනට් රැස්වීමේ දී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. හිටපු අග විනිසුරුවරයෙකුට මෙවැනි පත්වීමක් ලබා දීමෙන් අදහස් කරන්නේ ආණ්ඩුවට හීලෑ වී සිටියහොත් අත්කරගත හැකි සශ්‍රීක අනාගත ප්‍රතිලාභ පිළිබඳව කියා දීම සඳහා දැයි මාධ්‍ය විමසුවේය. එමෙන්ම ඔවුන් ඇසුවේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මැතිවරණයට තරග කළ පරාජය වූ මහින්ද රත්නායකට කියුබාවේ තානාපති ධූරය ලබා දීම දේශපාලන පත්වීමක් නොවන්නේ කෙසේ දැයි පැහැදිලි කරන ලෙසය.

මැතිවරණයට පෙර මැතිවරණ වේදිකාවේ දී බරපතල ලෙස ප්‍රතික්ෂේප කළ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් මේ ආකාරයෙන් පවත්වා ගැනීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ද මාධ්‍ය පැවසුවේය. මාධ්‍ය විමසුවේ ඥාති හිතවත්කම් වෙනුවට පක්ෂයේ හිතවත්කම් මාරු වී ඇති ද යන්නය.

ඒ සම්බන්ධව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මෙසේ පැවසුවේය.

“විදේශ සේවයට පුද්ගලයින් පත් කිරීම සම්බන්ධයෙන් අපි ඉන්නවා කිසිදු ආකාරයක ඥාති හිතවත්කම් මත පත්වීම් ලබා දෙන්නේ නෑ කියන ස්ථාවරයේ ඉන්නවා. ”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“රාජ්‍ය සේවයෙන් පරිබාහිරව යම් පුද්ගලයෙක් පත් කරනවා නම් පත් කරන්නේ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය සහ හැකියාව මත. මම හිතනවා ඔබ පාර්ලිමේන්තුව මැතිවරණයට සහ මහ මැතිවරණයට කලින් අපි මේ සම්බන්ධව කියපු දේවල් ඇහුවොත් අපි කියලා තියෙන්නේ විදේශ සේවාවේ ඉන්න නිලධාරීන්ගෙන් පත් කරන අතරම මේ එක් එක් තනතුරු සඳහා දක්ෂතාවය හැකියාව තියන වෙනත් අය ඉන්නවා නම් ඒ අය පත් කරන්න අපි කටයුතු කරනවාය කියන එක.”

“ඒ අනුව කටයුතු කළා මිසක් මේ කිසිවෙක් වෙනත් හේතූන් මත පත් කරලා නෑ. හිටපු අග විනිසුරු තුමා අගවිනිසුරු වීම නෙවෙයි සුදුසුකම වෙන්නේ, අප හිතනවා රාජ්‍ය නියෝජනය කිරීම සඳහා එතුමාට හැකියාවක් දක්ෂතාවයක් තියනවා කියන එක.
මහින්ද රත්නායක කියලා කියන්නෙත් මාධ්‍ය ක්ෂේත්‍රය සහ සමාජ ක්‍රියාකාරිත්වය ඇතුළෙ දක්ෂ කෙනෙක්. අපි ඒ තීන්දුව ගත්තේ ඒ නිසා. මේ දෙන්න විතරක් නෙමෙයි තවත් කීප දෙනෙක් රාජ්‍ය තාන්ත්‍රික සේවාවට යොදවලා ඉන්නවා. සමහරු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු. ත්‍රිවිධ හමුදාවේ සේවය කළ දක්ෂ නිලධාරීන්. ඒ පත් කරන්නේ අපි හඳුනාගෙන තියනවා ඔවුන් තමන් ඉටු කරන වෘත්තියේ දී දක්ෂතාවයක් පෙන්වලා තියනවා. ඔවුන්ට රට නියෝජනය කිරීමේ හැකියාවක් තියනවා. ඒ අනුව මිසක් නෙමෙයි මේවා දේශපාලනික පත් වීම් නෙමෙයි.”

“රාජ්‍ය තාන්ත්‍රික සේවයට වැඩි ප්‍රමාණයක් එම සේවාවෙන් පත්කිරීම් කරන අතරේ … පහුගිය කාලෙදි විදේශ සේවාවට බඳවා ගැනීමත් නතර කරලා තිබ්බේ. ඒකත් සැලකිල්ලට ගත්තා මේ පත් කිරීම් කරද්දි. ”

“ඔබ පුලුවන්නම් අපට පෙන්වන්න අපේ ඥාතියෙක් දුවෙක් පුතෙක් මාමෙක් බෑනෙක් කොතැනකවත් යොදවලා තියනව ද කියලා. මේ සියලු දෙනා ඔබ දන්න කියන රාජ්‍ය සේවයේ නිරත වෙච්චි අය. ඒ අයට රාජ්‍ය සේවයේදි යම් ප්‍රශ්නයක් තිබුණා නම් දැන් මතු කරන්න පුලුවන්.”

මාධ්‍ය – ජයන්ත ජයසූරිය මහත්තයා යටකරගෙන හිටපු නඩු තමයි මේ වෙනකොට කතා කෙරෙන්නේ උසාවියෙ. රාජ්‍ය සේවයේ ඔහු කටයුතු කරපු කාලෙ යටපත් කරපු නඩු ඒවා. ඒවයෙ ලකුණු ආණ්ඩුව මේ දාගන්නේ. අපි පැහැදිලිව කියන්නේ දේශපාලන වේදිකාවේ තිබුණේ මීට වඩා වෙනස් ස්ථාවරයක් මේ පත්කිරීම් සම්බන්ධව. හමුදා පොලිස් සහ අධිකරණ සේවයේ ඉන්න නිලධාරීන් විදේශ තානාපති වැනි තනතුරුවලට පත් කිරීම සම්බන්ධව බරපතල විවේචනයක් ඔබතුමන්ලාගේ පක්ෂය තුළ තිබ්බා. ඒකට ඉඳුරාම වෙනස් පියවරක් දැන් අරන් තිබෙන්නේ. ප්‍රශ්න කරන්නේ ඒකයි.

නලින්ද – ඔව් ඉතින්… උදයංග වීරතුංග සහ ජයන්ත ජයසූරියවයි සංසන්දනය කරන්න බෑ. අපේ විවේචනය තිබුණෙ එතන. කිසිම සුදුසුකමක් නැති මහින්ද රාජපක්ෂගේ පුංචි අම්මගේ පුතාවීම නිසා හරි, නැන්දගේ දුවෙක් වීම නිසා හරි, නැතිනම් කෙහෙලිය රඹුක්වැල්ලගේ දුව වීම නිසා හරි පත්කිරීම් තමයි අපේ බරතල විවේචනයට ලක් වුනේ. නමුත් මතක තියාගන්න, අධිකරණ පද්ධතියේ හෝ හමුදා සේවයේ හෝ විශ්වවිද්‍යාල පද්ධතියේ හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හෝ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හෝ රට නියෝජනය කරන්න හැකියාවක් සහිත කෙනෙක් ඉන්නවා නම් යම් අවස්ථාවල මේ තනතුරු ලබා දෙන්න අවස්ථාවක් තිබෙනවා.

අපි විශ්වාස කරනවා ඔවුන් තමන්ගේ සේවාව ඇතුළෙ කළාටත් වඩා වැඩියෙන් රට වෙනුවෙන් විදේශයන්හි කටයුතු කරයි කියලා. මේ පත්වීම්වලින් විදේශ සේවාවේ නිලධාරීන්ට අගතියක් කරන්න බලාපොරොත්තුවක් නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශවේන්ද්‍ර, උපුල්, වසන්ත සහ කරුණාට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද හවසට…

Next Post

එප්පාවල කිරලෝගම අසපුවේ නායක හිමියන් ඝාතනය කිරීමට පෙර දස වධ දිලා… විමර්ශන අංශ හෙළි කරගනී!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.