හික්කඩුව තොගටමුව පාලම අසල මොලපු ඔයෙන් හමුවූ රුසියානු ජාතික කාන්තාවගේ මරණය සැක සහිත එකක් බව පොලිසිය පවසයි.
මෙම 35 වියැති මෙම කාන්තාව ක්රයිසැනෝවස්කියා සේනියා නම් වන අතර ඇය හික්කඩුව ගල්වල පාරේ පිහිටි රිවර් කොටේජ් නම් නවාතැනෙහි නැවතී සිට ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිටය.
ධීවරයෙක් විසින් ලබා දුන් තොරතුරක් අනුව ඇයගේ මළ සිරුරක් ඊයේ (08) පස්වරුවේ දි සොයාගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.
ඇයගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය







