බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැරල්ඩ් සන් පුවත්පත හෙළි කරන ලාංකික ඕස්ට්‍රේලියානුවාගේ ක්‍රිකට් මගෝඩිය…

by editor
ඔක්තෝබර් 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සදෙව් රත්නායක –

  • හැරල්ඩ් සන් හෙළිදරව්ව අනුව ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා සමාජවලට එක්වීමට  ඔස්ට්‍රේලියානු ඩොලර් දසදහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහතුන් ලක්ෂයක) මුදලක් අරන්…
  •  ගෙන්වන ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළු කිරීම සඳහා  ඉහළ මට්ටමේ ක්‍රිකට් දස්කම් ඇතුළත් කර ව්‍යාජ ලිපිලේඛන සකස් කරලා…
  • ක්‍රීඩකයන් වැඩි දෙනෙකුට ක්‍රීඩා සමාජවලින් ගෙවන මුදල ඔහුම අරගෙන…
  • සිද්ධිය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ සහ වික්ටෝරියා ක්‍රිකට් ආයතනයේ  දැඩි අවධානයට

ව්‍යාජ ලිපිලේඛන සකස් කර , ඩොලර් දහස් ගණනින් අය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා වීසා බලපත් ලබා දෙන වංචාකාරී ශ්‍රී ලාංකික රැකියා නියෝජිතයකු පිළිබඳ එරට ‘හැරල්ඩ් සන්‘ පුවත්පත අනාවරණය කරයි. මේ රැකියා නියෝජිතයා සෑම් හෙවත් සමන් කන්දගේ නමැති පුද්ගලයකු බවත් එම පුවත්පත කියයි. 

එම පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනිය මැන්ඩි ස්කියුරස් විසින් හෙළි කරනු ලැබූ මේ ප්‍රවෘත්තිය ඔස්ට්‍රේලියානු රජයේ සහ එරට ක්‍රිකට් ආයතනයේ සහ වික්ටෝරියා ක්‍රිකට් ආයතනයේ දැඩි අවධානයට ලක්වී තිබෙන අතර ඊට එරෙහිව ඉක්මනින් කටයුතු කිරිමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. මේ වනවිටත් ඔස්ට්‍රේලියානු දේශසීමා හමුදාව සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සිද්ධිය පිළිබඳ වෙනම පරික්ෂණ ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා සමාජවලට එක්වීම වෙනුවෙන් දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින එම නියෝජිතයා ඔස්ට්‍රේලියානු ඩොලර් දසදහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහතුන් ලක්ෂයක) මුදලක් ඉල්ලා සිටින බවත්, අනතුරුව එම ක්‍රීඩකයන්ට නවාතැන් සමග වික්ටෝරියා  ප්‍රාන්තයේ විවිධ පළාත්වල ක්‍රිකට් කණ්ඩායම්වලට එක්වීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත් අනාවරණය වී ඇත. ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා  ඔවුන්ගේ ඉහළ මට්ටමේ ක්‍රිකට් දස්කම් ඇතුළත් ව්‍යාජ ලිපිලේඛන සකස් කරන බව ද  හෙළිදරව් වී තිබේ.

සමන් කන්දගේ

ගෙවීම් වංචා කරලා

එසේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩි දෙනකුට ක්‍රීඩා සමාජවලින් ලැබිය යුතු ගෙවීම් ද නියෝජිතයා විසින් ලබාගන්නා අතර, ක්‍රීඩකයා ලැබෙන්නේ ඉතා අඩු මුදලක් බැවින් ඔවුන් දැඩි අසරණ තත්ත්වයට ඇද වැටී ඇති බවත් වාර්තා වෙයි.

එම නියෝජිතයා සපයා ඇති නවාතැන්වල තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින බවත්, නිදන කාමර තුනක් සහිත එම නවාතැන්වල ක්‍රීඩකයන් 17ක් පමණ නවාතැන් ගෙන සිටින බවත් හෙළිදරව් වී තිබේ. එසේවුවත් සෑම ක්‍රීඩකයකුගෙන්ම නිවාස කුලියක් ද අයකරගන්නා බව වාර්තා වෙයි. සිය ක්‍රීඩා ගිවිසුම කිසිදිනෙක දැක නොමැති බවත්, ඇතැම් ක්‍රීඩකයන්ට එවැනි නියෝජිතයන්ගෙන් පහර කෑමට ද සිදුවී ඇතැයි ‘හැරල්ඩ් සන්‘ පුවත්පත සඳහන් කරයි.

එම සිදුවීම් සම්බන්ධව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ සහ වික්ටෝරියා ක්‍රිකට් ආයතනයේ  දැඩි අවධානය යොමුවී ඇති අතර ඕනෑම මට්ටමක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට පැමිණෙන කිසිදු ක්‍රීඩකයකුට අයුතු ලෙස සැලකීමට ඔස්ට්‍රේලියාවේ කිසිදු ඉඩක් නොමැති බවත්, එය අනුමත නොකරන බවත්, මේ සම්බන්ධව දැඩි කනස්සල්ලට පත්වූ බවත් එම ආයතන දෙකම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයන්ගේ පළමුපෙළ ක්‍රිකට් ඉතිහාසය මුළුමනින්ම අලුතින් සකස් කර ඔවුන්ගේ දක්ෂතා ඉහළ තලයක තිබෙන බවට ව්‍යාජ ලේඛන සකස් කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට එරට ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලබාගැනීම සඳහාය.

හැරල්ඩ් සන් පුවත්පත අනාවරණය කරන පරිදි ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයාට ගෙවනු ලබන දීමනාව ද  එම නියෝජිතයා අත්පත් කරගන්නා බවය. ඒ සඳහා ඔහු පෙන්වා දෙන්නේ එම ක්‍රීඩකයා වෙනුවෙන් ටැක්සි සහ ආහාර සඳහා මුදල් ඔහු විසින් වැය කර ඇති බවය.

ක්‍රීඩාව අප්‍රසන්නයි..

මෙවැනි කරුණු ගණනාවක් මත තමාට දැන් ක්‍රිකට් ක්‍රීඩාව අප්‍රසන්න බව එක්තරා ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩකයකු හැරල්ඩ් සන් පුවත්පතේ මාධ්‍යවේදිනියට පවසා තිබේ. ඔහු කියා ඇත්තේ තමා ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළේ එක් පළමුපෙළ තරගයකට පමණක් බවය. නමුත් ඔහුගේ ක්‍රිකට් සංඛ්‍යාලේඛන ඉහළ තත්ත්වයකින් පෙන්නුම් කිරිමට එම රැකියා නියෝජිතයා වූ සැමී හෙවත් සමන් කන්දගේ කටයුතු කර තිබිණි.

පසුගිය වසරේ අවසානයේදී ඔස්ට්‍රේලියාවට පැමිණි මේ තරුණ ක්‍රීඩකයා මෙල්බර්න් ගුවන්තොටුපලේදි සමන් කන්දගේට ඔස්ට්‍රේලියානු ඩොලර් දසදහස ගෙවා තිබේ. අනතුරුව නවාතැන සඳහා ඔහු කැටුව ගොස් ඇති අතර, කාමර තුනකින් සමන්විත එම නවාතැනේ පුද්ගලයන් 16ක් සිටින බව තරුණ ක්‍රීඩකයා පවසා තිබේ. 

‘ඒක හරියට අනාථ කඳවුරක් වගේ. මගේ ජීවිතය ගැන බයකුත් ඇතිවුණා‘ එම ක්‍රීඩකයා එසේ කියා ඇත.

‘ඩොලර් දහදාහක් කියන්නේ ශ්‍රී ලංකාවට ලොකු මුදලක්. ‘ නම හෙළි කිරීමට බිය වූ එම ක්‍රීඩකයා හැරල්ඩ් සන් මාධ්‍යවේදිනියට පවසා තිබේ.

16 දෙනෙක් නවාතැන් ගෙන සිටි නිවස

ක්‍රීඩකයන් 70ක්…

23 හැවිරිදි මේ ක්‍රීඩකයා දකුණු පළාතට අයත් ක්‍රීඩකයෙකි. ඔහුට අනුව පසුගිය තරගවාරයට වික්ටෝරියා ප්‍රාන්තයට ශ්‍රී ලංකාවෙන් එසේ තරුණ ක්‍රීඩකයන් 70ක් පමණ ගෙන්වා ඇති බවය.

නම සඳහන් කිරීමට අකමැති තවත් ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයකු එම පුවත්පතට කියා ඇත්තේ ඉන් ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ගණකාධිකාරිවරයෙක් විසින් පවත්වාගෙන යනු ලබන ඔස්ට්‍රෙලියාවේ පිහිටි අධ්‍යාපන ආයතනයක් සමග සබඳතා තිබූ අය බවය. එම ආයතනයේ මූලස්ථානය කොළඹ පිහිටා ඇති අතර, දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ  ප්‍රදේශ තුනක සෙසු ශාඛා පිහිටා තිබේ.  සිය වීසා ‘ශිෂ්‍ය වීසා‘ බවට පත් කිරීමට බොහෝ විට  නියෝජිතයාට වැඩි මුදලක් ගෙවීමට සිදුවූ බවත් එම ක්‍රීඩකයා අනාවරණය කර තිබේ.

නමුත් ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාව වන්නේ කෙසේ හෝ ඔස්ට්‍රේලියාවට පැමිණීම බව සඳහන් කරන එම ක්‍රීඩකයා එසේ පැමිණි බොහෝ ක්‍රීඩකයන් සැබැවින්ම දක්ෂයන් නොවන බවත්, පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවූ වැඩි ප්‍රමාණයක් සිටින බවත් සඳහන් කර තිබේ.

‘මම පෞද්ගලිකව දන්නවා සමහර ක්‍රීඩකයන් මෙහේ ආවේ මුදල් හම්බ කරන්න පුළුවන් කියලා හිතලා ගොඩක් ණය වෙලයි. ඔවුන්ගෙන් සමහරු හොඳට ක්‍රීඩා කළ අයත් නෙවෙයි. සමහරු පළමුපෙළ ගහලම නෑ. ඒත් කොහොමහරි එන්න ඕන කියන බලාපොරොත්තුව විතරයි තිබුණේ. ‘

ආවෙ සල්ලි ණයට හොයන්…

ඇතැම් ක්‍රීඩකයන්ට ඔස්ට්‍රේලියාවට  පැමිණීමට ඔවුන්ගේ මාපියන් විශාල මුදලක් ණය වි තිබූ අතර, ඇතැම් අය රැකියා නියෝජිතයාට ගෙවීමට තමන් සතු ඉඩකඩම් හා රන් ආභරණ විකුණා දමා ඇති බවත් ‘හැරල්ඩ් සන්‘ පුවත්පත වාර්තා කළේය.

හැරල්ඩ් සන් පුවත්පත විසින් දෙනු ලැබූ දුරකතන ඇමැතුම්වලට සහ යොමු කරනු ලැබූ ඊමේල් පණිවිඩ සඳහා අදාළ නියෝජිතයා ලෙස හඳුන්වන සමන් කන්දගේ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් එම පුවත්පත කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ලොක් ඩවුන් කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලයි

Next Post

පොලිසියේ 103 කට කොරෝනා – විශේෂ රෝහල් 4ක් සුදානම් කෙරේ

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.