අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හැමදේම ආනයනය කර විකුණා ශක්තිමත් ආර්ථිකයක් හදන්න බෑ”

ජනපති පෞද්ගලික ව්‍යවසායකයන්ට කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන් සමග අද (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡවේ දී පැවසීය.

ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බව කී ජනාධිපතිවරයා ඊට ඉවහල් වන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා ඇති බාධක හඳුනාගන්නා ලෙසත් පෞද්ගලික අංශයට යෝජනා කළේය.

විශේෂයෙන් කොවිඩ්-19 ව්‍යාප්තිය නිසා අඩාල වූ ආර්ථිකය යළි සක්‍රීය කොට දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම පරමාර්ථය කොට ගෙන ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යවසායකයන් කණ්ඩායම් වශයෙන් හමුවීමට මෑතකදී තීරණය කළේය.

අද රැස්වීම පැවැත්වුණේ දෙවැනි කණ්ඩායම සමගයි. සංචාරක ව්‍යාපාරය, ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම්, සන්නිවේදන තාක්ෂණය, හෝටල් ව්‍යාපාරය, ශාඛ නිෂ්පාදන, පශු නිෂ්පාදන, කිරි කර්මාන්තය, ලුණු නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදන, සුළු අපනයන භෝග, කාබනික ගොවිතැන ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛ පෙලේ ආයතනවල ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපති රාජපක්ෂ මහතා අනුගමනය කරන ස්ථීර සාර සහ විධිමත් ප්‍රතිපත්ති ගැන ප්‍රසාදය පළ කළ ව්‍යවසායකයෝ 2021 අයවැයෙන් ආර්ථික වෘද්ධිය සදහා සපයා ඇති සහන පිළිබඳව මහත් සේ පැසසුම් කළහ.

තම ව්‍යාපාරික ක්ෂේත්‍රවල වත්මන් තත්ත්වය ගැන ජනාධිපතිවරයාට පැහැදිළි කළ ඕව්හු තමන් වර්තමානයේ මුහුණ දෙන ගැටළු විස්තර කළහ. පුහුණු ශ්‍රම හිඟය, ආයතිනක අකාර්යක්ෂමතාව, ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය, ඇතැම් ශ්‍රමිකයන්ගේ උදාසීනතාව සහ නව වෙළෙඳපොළ සොයා ගැනීමේ අපහසුව ඔවුන් සඳහන් කළ ප්‍රධාන ප්‍රශ්න අතර විය.

“සමාජයේ සෑම ස්ථරයකටම ඉහළ ආර්ථික ශක්තියක් අත්කර දීම ප්‍රමුඛ අවශ්‍යතාවක්. අපේ රටේ ජනගහණයෙන් 35%ක් ගොවීන්. ජනගහණයෙන් 70%කම ජීවනෝපායට කෘෂිකර්මාන්තයේ සම්බන්ධතාවක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ඵලදායීතාව වර්ධනය කරන අතර, තරුණයන් ඊට ආකර්ශණය කරගත යුතුයි”, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු අධ්‍යයනය කොට විසඳුම් සපයන බව ජනාධිපතිවරයා ව්‍යවසායකයන්ට පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල යන මහත්වරු ද සාකච්ඡාවට සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

Next Post

වෛද්‍ය පාදෙණියගේ රැවටිලිකාර බොරු ලිපියක් ගැන විශේෂඥ වෛද්‍යවරු ජනපතිට ලියති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.