බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැංගි හැංගි වෙස් බැඳ අද කරළියට ආ 43 වැනි සේනාංකය ගැන චම්පික රණවක කළ කතාව

by Lanka Sara Editor
ජනවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

• කළකිරීමෙන් ඉන්න අය එකතු කරගෙන ආණ්ඩුව පෙරළුවාට රටක් හැදෙන්නේ නෑ
• කුසලතා පූර්ණ නිපුණතා සහිත අය ඉදිරියට ගත යුතුයි
• ප්‍රාදේශීය දේශපාලනයේ  තිබෙන්නේ තනිකරම දූෂිත පැළැන්තියක් අතේ
• අපේ රට කළ අනෙක් දේශපාලන පවුල්වලට වඩා රාජපක්ෂ පරම්පරාව වෙනස්

කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙන යා නොහැති බවත් සමහර විට රට මීටත් වඩා අපහසුතාවට සහ අර්බුදයට ගමන් කරන්නට තිබෙන ඉඩකඩ වැඩි බැවින් මේ මොහොතේ අප සිතිය යුත්තේ යුග පෙරළියක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය පාඨලී චම්පිත රණවක මහතා අද පැවසීය. චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ 43 සේනාංකය නම් සමාජ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයේදී ය.

මෙම යුග පෙරළියට ගාමක බලවේගයක් අවශ්‍ය බවත් ඒ ගාමක බලවේගය ගොඩ නගා ගැනීමට නම් මේ රටේ කුසලතා පූර්ණ පිරිසට අපි දේශපාලන ආගමික ජනවාර්ගික හෝ තවත් භේදවලින් තොරව ආරාධනා කළ යුතු බවද රණවක මහතා මෙහිදී සඳහන් කළේය.

මිනිසත්කම, දැනුම, කුසලතාව පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික නව ජීවනයක් අත්පත් කරගැනීමේ හා සමාජ ප්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් ලෙස 43 සේනාංකයේ මංගල ප්‍රකාශය එළිදැක්වීම අද(17) උදෑසන 9.45 ට ගාලුමුවදොර හෝටලයේදී සිදු කෙරිණ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රිවරයා
“ අපේ ඉදිරි පරම්පරාවට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කර ගැනීමට අප එම මාර්ගය තැනිය යුතුයි.
ඒ සඳහා අපට ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවා. එනම්, ආර්ථික අර්බුදය හා නිපුණතා කණ්ඩායමක් නොමැතිවීම. රටේ පවතින වත්මන් පාලන තත්ත්වය තුළ, චණ්ඩි කතා, මුග්ධ කතා. ව්‍යාජ දේශප්‍රේමී කතාවලට මේ රටේ රාජ්‍ය මූල්‍යයේ පවතින ප්‍රශ්නයවත්, විදේශ ණය ප්‍රශ්නයවත් දැවැන්ත ආර්ථික අර්බුදයවත් විසඳීමට නොහැකි බව අප වටහාගත යුතුයි. ඒ නිසා තමයි අපට නිපුණතා කණ්ඩායමක අවශ්‍යතාය පැන නගින්නේ. තම තමන්ගේ ක්ෂ්ත්‍රවල ව්‍යවසායකත්වයෙන්, වෘත්තීය ක්ෂේත්‍රවල, ක්‍රීඩාව, කලාව ඇතුළු හැම ක්ෂේත්‍රයකම නිපුණතාවය මුල්තැනට ගත්, කුසලතාවය මුල්තැනට ගත් පරපුරක අවශ්‍යතාවය මතුවන්නේ එහෙයින්.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ සඳහා අපි ඉදිරි කාලයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රතිපත්ති, ප්‍රතිපත්ති මත පදනම් වූ වැඩපිළිවෙළක්, ඊට පදනම් වූ ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සඳහා අප ක්‍රියා කරනවා. ඒ සඳහා ඔබ සියලුදෙනාගේම දායකත්වය හා කැපවීම අප බලාපොරොත්තු වෙනවා.

අද අපට අවශ්‍ය දියසෙන් පරපුරක්. එකට හිතන එකට ගමන් කරන, කුසලතාවයෙන් පරිපූර්ණ නවීණත්වය දැක තිබෙන ලෝකය ජයගන්න පුළුවන් දුක වේදනාව, සමාජය හඳුනන පරපුරක් අද අපට අවශ්‍යය. අද අපට තනි දියසෙන් කුමාරයෙක් ගැන බලාපොරොත්තු තබා කටයුතු කල නොහැකිය. අන්න ඒ දියසෙන් පරපුර ගොඩගනාගැනීමයි අප විසින් කළ යුත්තේ.

විශදත්වය – සරල පැහැදිළිතාවය, නිදහස් ක්‍රියාකාරීත්වය, දයාබරිත සහකම්පනය, වගවීමෙන් ඉලක්ක සපුරා ගැනීම යන මේ ගුණාංගවලින් යුතු වන පරම්පරාවේ නායකත්ව මණ්ඩලයක්, එනම් දියසෙන් පරපුරක් අප බිහිකළ යුතුය.

මොකක් ද මේ නව පරපුර – 43 වන සේනාංකය ?
43 සේනාංකය යනු, අධ්‍යාපනය නැමති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අද මේ රටේ අපට තිබෙන ප්‍රධානම සවිමත් සමාජ දර්ශක දෙකක්. මෙම සමාජ දර්ශක දෙකෙන් අපේ රටේ ආර්ථිකයට, රටේ ඉදිරි ගමනට කොපමණ දායකත්වයක් ඇති වුණාද කියන එක ප්‍රශ්නයක් වුණත් අපට ආඩම්බර විය හැකි පළමු ලෝකයේ තත්ත්වයක් මේ දර්ශක දෙක ඔස්සේ අපට ලැබී තියෙනවා. අපේ ආයු කාලය, අපේ සාක්ෂරතාවය මේ මඟින් නිරූපනය වෙනවා. අපි සමාජ සංගුණක මගින්, අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් හොඳ තැනක හිටියත් ආර්ථික අතින් හොඳ තැනක නැති බව තමයි කියන්න තියෙන්නේ.

අපේ රටේ පසුගිය අවුරුදු 70 ක කාලය තුළ ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම වගකිය යුත්තේ පවුල් 04 ක්. සේනානායක – කොතලාවල පරම්පරාව, බණ්ඩාරනායක – රත්වත්තේ පරම්පරාව, ජයවර්ධන – වික්‍රමසිංහ පරම්පරාව සහ රාජපක්ෂ පරම්පරාවයි. මෙම පරම්පරා අතරින් කිසිදු පරම්පරාවක් නොකළ ආකාරයට බිම් මට්ටමේ තිබෙන සුළු ව්‍යාපාරයේ සිට ඉහළ ගණයේ පවතින සෑම ව්‍යාපාරයක්ම තම පවුලට නතු කරගැනීමේ වුවමනාවක් රාජපක්ෂ පරම්පරාවට තිබෙනවා.

අද අපේ රටේ ප්‍රාදේශීය දේශපාලනය මෙහෙයවන්නේ වැලි, කළුගල්, පස්, මත්ද්‍රව්‍ය, මත්පැන් සහ රෙස්ටෝරන්ට් නමින් ගණිකා මඩම් පවත්වාගෙන යන අශිෂ්ඨ පාදඩ සමාජ පන්තියක් විසින්. එම පාදඩ අශිෂ්ට සමාජ පන්තිය විසින්ම අද ව්‍යාපාරික ලෝකයත්, සමාජ ලෝකයත් මාධ්‍ය ලෝකයත් අත්පත් කරගෙන තිබේ. මේ රට පාලනය කරනා හා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවන්ට නම් ඒ සඳහා ඉදිරියේදී හැකියාවක් නැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා තිබෙන බවත් අප සඳහන් කළ යුතුයි.

මෙහිදී 43 වන සේනාංකයේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් සමායෝජක කණ්ඩායමක් ප්‍රකාශයට පත් කෙරිණ. එහි සමාජිකයන් ලෙස කරුණාරත්න පරණවිතාන, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ, සුමේධ රත්නායක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ, ධනුෂ්ක රාමනායක, කේ සංජීව, තීක්ෂණ ගම්මන්පිල, ප්‍රියදර්ශනී ආරියරත්න, වෛද්‍ය ශිහාන් අසීස්, සංජීව රත්නායක, නිරාශාන් විතානගේ, ලක්ෂාන් තංගරාජා සහ එම්.අයි.එම්. ඉන්ෆාස් කටයුතු කරනු ඇත. සියලු තොරතුරු සහ මංගල ප්‍රකාශනය පරිශීලනය සඳහා මෙන්ම සහසම්බන්ධවීම වෙනුවෙන් www.43.lk වෙබ් අඩවිය ද ප්‍රකාශයට පත් කෙරිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

සේනා දළඹු උවදුර 95%ක් නසන දියරයක් සොයා ගනී…

Next Post

පොලිසියට හෝ එම්.ඕ.එච් ට නොදන්වා මිනුවන්ගොඩ පොලිස්වසමක් හුදකලා කරලා…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.