අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරි දේ වැරදි විදිහට කරන්න ගිහින් රට තිගැස්සූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොළඹ මෙහෙයුම…

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අදාල  පොලිස් බලප්‍රදේශයේ පොලිසිය සහ  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අතර  නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් ඇති වූ  මෙහෙයුමක ප්‍රතිඵලයක්  ලෙස අද කොළඹ තිගැස්සුනේය.

පාතාල පැහැර ගැනීමකට නොදෙවෙනි මේ සිද්ධිය  එවැනි දෙයක් නොවන බවත් එය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමක් බවත් දැනගන්නේ  සිද්ධිය වූ  ස්ථානයට පොලිසිය, අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය ගෙන්වා මුළු  කොළඹම සීරුවෙන් තබා  පැයකටත් ආසන්න කාලයකට පසුය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

යුරෝපීය රටක සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විශේෂ පාර්සලයක් ලැබී තිබිණි. එම පාර්සලය පැමිණ තිබුණේ මෝදර ප්‍රදේශයේ කාන්තාවකගේ නමටය.

එය ලබා ගැනීමට පැමිණ සිටියේ තැපැල් සේවකයෙකි. ඔහු කාන්තාවගේ ජාතික හැඳුනුම්පත සහ පැවරුම් ලිපියක් රැගෙන පාර්සලය නිදහස් කරගැනීමට පැමිණ තිබිණි.  සියලුම නිශ්කාෂණ කටයුතු නිමා කර යම් සැකයක් ඇති වූ හෙයින් පාර්සලය විවෘත කර බලන විට පැමිණ තිබුණේ  කිලෝ හතරකට වැඩි බරකින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය තොගයකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අවස්ථාවේ දී පලා යෑමට තැත් කළ පුද්ගලයා අත් අඩංගුවට ගැනුණි. අනතුරුව මෙම මත්ද්‍රව්‍ය පාර්සලය නිදහස් කරගැනීමට   තැපැල් සේවකයා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත  එවූ බව කියන කාන්තාව ගැන විමසන විට පෙනී ගොස් තිබුණේ  එය ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් බවය.

මෙම මත්ද්‍රව්‍ය පාර්සලයේ සැබෑ හිමිකරුවන් අත් අඩංගුවට පත් සේවකයා ලවා මධ්‍යම තැපැල් හුවමාරුව අසලට ගෙන්වා  ගන්නේ ඉන් පසුවය. එතැනට බී.එම්.ඩබ්ලියු රථයකින් පැමිණෙන තරුණයෙක් සහ මැදිවිය ගෙවමින් සිටින පුද්ගලයෙකි. මේ මැදිවිය ගෙවමින් සිටින තැනැත්තා ද තැපැල් සේවකයෙකි.

මෙම පුද්ගලයින් පැමිණි වහාම රැක සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ  නිලධාරීන් දෙදෙනෙක් විසින් ඔවුන්ව අත් අඩංගුවට ගෙන ත්‍රීවිල් රථයකින් රැගෙන යන්නේය. වැටලීම කළ නිලධාරියෙක් පොලොවට වෙඩි දෙකක් තබන්නේ  එක් සැකකරුවෙක් මිදී පලා යන්නට උත්සාහ කරන විටය.

කෙසේ වෙතත් යහපත් සැලැස්මක් වුවත් ක්‍රියාත්මක කළ යුතු යහපත් විදිහක් තිබේ. මේ සිද්ධියෙන් කොළඹ සිවිල් ජනතාව පමණක් නොව, රටේම ජනතාව තිගැස්සුනේය. ආරක්ෂක අංශ විපිළිසර විය . පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හොඳ දේ හරි ක්‍රමයට  කර නැති බව පමණක් පෙනුනේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලලිත් කොතලාවලගේ දේහය භාර ගැනීම බිරිය සිසිලියා ප්‍රතික්ෂේප කරයි… බිරියගේ වැඩිමහල් සොයුරිය දේහය භාර ගනී!

Next Post

විවාහ වී සති  තුනයි… තරුණ සැමියා බිරිය මරා වළ දමා පලාගොස් සිටිය දී පොලිස් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.