බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටාගේ කෝටි 330ක කුඩු තොගය අල්ලන්න මුහුද මැද කළ නාවික මෙහෙයුම!

by editor
ජනවාරි 25, 2022
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව අද නිවේදනය කළේය.

මෙම ජාවාරම සම්බන්ධව සැකකරුවන් 16 දෙනෙක් දැනට අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින්  අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි සිට මහාපරිමාණ ජාවාරමක යෙදෙන “මිදිගම චින්තක” නොහොත් ‘හරක් කටා”ගේ බවට තොරතුරු ලැබී තිබේ.

රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 330 කට අධික  ඇසුරුම් බරක් සහිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මත්ද්‍රව්‍ය තොගය…

එම මත්ද්‍රව්‍ය සහිත දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු  පසුගිය ජනවාරි  17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මෙහෙයුම

මත්ද්‍රව්‍ය තොගය තිබුණු යාත්‍රාව

රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 737ක පමණ දුරින් වූ (කිලෝ මීටර් 1364ක් පමණ) ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දහතුනක් තුළ   පාර්සල් 309ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික (ඇසුරුම් බර සහිතව) තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම දේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් 06 දෙනෙකු 2022 ජනවාරි මස 17 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනා…

එම මුහුදු ප්‍රදේශයේ සමුදුර නෞකාව මඟින් තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් දේශිය බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු 2022 ජනවාරි මස 22 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩු තොගය රැගෙන යෑමට පැමිණි සැකකරුවන් පස් දෙනා…

ගෙඩබිම් ජාලය

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙහෙයුම් සිදු කරනු ලබයි.

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම් කරු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු සනාථ වී ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් හෙරොයින් තොගය, සැකකරුවන් සහ බහු දින ධීවර යාත්‍රා නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මේ වන විට කොළඹ වරායට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 වර්ෂයේ දී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කලාපීය භූ චලන හඳුනාගන්න චීන ආධාර ඇතිව බස්නාහිරට නව භූ කම්පන මධ්‍යස්ථානයක්!

Next Post

දරුවන් පෙන්වමින් හිඟා කන නුවර ගෑණු පොලිසියෙන් අල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.