මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව කන්දකාඩු මුතුවැල්ල හන්දියේ හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් ගසක ගැටී සිදුවූ අනතුරකින් හමුදා නිලධාරියකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

අද (22) අළුයම මෙම අනතුර සිදුවී තිබේ. මියගොස් ඇත්තේ විශේෂ බලකායේ කපිතාන් වරයෙකුවන මාන්න ආරච්චිලාගේ දේවේන්ද්ර වුඩ්මන් නැමැති නිලධාරියෙකි.
ත්රිකුණාමලය මන්කි බිච් 4 වන විශේෂ බලකාය කඳවරේ සිට මාදුරුඔය විශේෂ බලකා කදවුර වෙත ගමන් කරමින් සිටියදි ඩිෆෙන්ඩර් රථය පාරෙන් ඉවතට පැන ගසක වැදි මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලබා වැලිකන්ද රෝහලේ ප්රතිකාර ලබන්නේ රථයේ රියදුරු සෙබලාත් හමුදා සැරයන්වරයෙක් සහ කෝප්රල් වරයෙකුත්ය
වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 







