මනම්පිටිය නිමල් ජයරත්න –
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී දැවී ගිය පුද්ගල මළ සිරුරක් ඊයේ ( 25 ) රාත්රියේදී සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි.
හබරණ මින්නේරිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් කැබ් රථයක් ගිනි ගන්නා බවට මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබෙන කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඉන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබූ කැබ් රථයේ ඇතිව තිබූ ගින්න නිවා දැමීම සඳහා මින්නේරිය පොලීසිය හා පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර තිබේ.
ගිනිගෙන තිබූ කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස ආසනයේ තිබී පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.
25 වෙනිදා රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගිනි ගන්නා අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා නතර කොට තිබී ඇති අතර එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බව මින්නේරිය පොලීසිය පවසයි.
ඒ අනුව පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුළ දමා රැගෙන එම සිරුර පිලිස්සීම සඳහා මෙම කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය විසින් සැකකරයි.
මෙම ගිනි ගැනීමට ලක්වූ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකුට අයත් කැබ් රථයක් බවට පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර පිලිස්සීමට ලක්ව මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් සොයා ගෙන නොමැත, රජයේ රස පරීක්ෂක සහ මහේස්ත්‍රාත්වරයා මෙන්ම නිලධාරීන් සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ සිදු කරන බවත්, මෙය ඝාතනයක් ද නැද්ද යන්න පරීක්ෂණවලින් අනතුරුව තහවුරු කර ගැනීමට හැකිවන බවත්, මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු අප කළ විමසීමකදී පැවසීය.
පිලිස්ස්සී මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හා කැබ් රථය ගිනිගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද (26 ) සිදු කිරීමට නියමිත අතර මේ පිලිබඳව වැඩ්දුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.







