සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හබරණ මින්නේරිය මාර්ගයේ ගිනි ගත් කැබ් රථයක් තුළ පිලිස්සුන මළ සිරුරක්… ඝාතනය කර පුලුස්සා දැමුවාදැයි සැකයක්!

by editor
දෙසැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී  දැවී ගිය පුද්ගල මළ සිරුරක් ඊයේ ( 25 ) රාත්‍රියේදී සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි.

හබරණ මින්නේරිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් කැබ් රථයක් ගිනි ගන්නා බවට මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබෙන කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඉන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබූ කැබ් රථයේ ඇතිව තිබූ ගින්න නිවා දැමීම සඳහා මින්නේරිය පොලීසිය හා පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර තිබේ.

ගිනිගෙන තිබූ කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස ආසනයේ තිබී පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

25 වෙනිදා රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගිනි ගන්නා අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා නතර කොට තිබී ඇති අතර එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බව මින්නේරිය පොලීසිය පවසයි.

ඒ අනුව පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුළ දමා රැගෙන එම සිරුර පිලිස්සීම සඳහා මෙම කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය විසින් සැකකරයි.

මෙම ගිනි ගැනීමට ලක්වූ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකුට අයත් කැබ් රථයක් බවට පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර පිලිස්සීමට ලක්ව මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් සොයා ගෙන නොමැත, රජයේ රස පරීක්ෂක සහ මහේස්ත්‍රාත්වරයා මෙන්ම නිලධාරීන් සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ සිදු කරන බවත්, මෙය ඝාතනයක් ද නැද්ද යන්න පරීක්‍ෂණවලින් අනතුරුව තහවුරු කර ගැනීමට හැකිවන බවත්, මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු අප කළ විමසීමකදී පැවසීය.

පිලිස්ස්සී මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හා කැබ් රථය ගිනිගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද (26 ) සිදු කිරීමට නියමිත අතර මේ පිලිබඳව වැඩ්දුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විෂ එන්නත් කර 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කරලා…

Next Post

දුම්රිය වාරප්‍රවේශ පත්‍ර වෙනුවට ලබන අප්‍රේල් සිට පෙර ගෙවුම් කාඩ් පතක්….

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.