මනම්පිටිය නිමල් ජයරත්න –
රටේ හතු පිපෙන්නාක් සේ ගොවි සංවිධාන නමින් පිරස් එක්වන බවත් ඔවුන් කරන්නේ ආණ්ඩුවට එරෙහිව මඩ ගැසීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බංඩාර පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ මේ පුද්ගලයින් මේ මොර දෙන්නේ ගොවීන්ගේ වී මිළදී ගැනීමට රජය කටයුතු නොකල අවධියක් පසුකර පැමිණි පිරිස් බවය. ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සරිලන සහතික මිළක් වත්මන් රජය විසින් ලබා දී තිබෙන ආකාරය ද බව ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බංඩාර මහතා මේ අදහස් පලකර සිටියේ අද 11 උදෑසන දිඹුලාගල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බංඩාර මෙසේද පවසා සිටියේය.
පාර්ලිමේන්තුවේ අපිට 61 %ක් අපිට ලැබිලා තියෙනවා. හැබැයි 31% ක් තව එළියෙ ඉන්නවා. මේ එලියෙ ඉන්න අය මේ එකතු වෙච්ච ජනතා බලය වෙනස් කරන්න සහ විවිධ මාධ්‍ය හරහා අපිට එරෙහිව මඩ ගහමින් අපිට එරෙහිව කටයුතු කරමින් ඉන්නවා.
වසර ගණනාවක් ආණ්ඩුවලින් වී මිළදී ගත්තෙ නෑ. වී වලට නිසි මිළක් දුන්නෙ නැ. ඒ අනුව තමයි අපි කෘෂිකාර්මික දිස්ත්‍රීක්කයක ඉදන් වීවලට යන නිෂ්පාදන වියදම සලකලා මේ සාධාරණ මිළ තීන්දු කළේ. ඒ නිසා අවලාද අපි ප්‍රතික්ෂේප කරනවා. ගොවීන් ඉන්නෙ අපිත් එක්ක කියල අපි කියනවා.







