සමන්තික් වීරවර්ධන –
සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමයේ පවත්වනු ලබන අවුරුදු උත්සව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල මාර්ගෝපදේශ පිළිනොපදින සංවිධායකවරුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය) එස්. එම්.ආර්නල්ඩ් සදහන් කරයි.
නිරෝදායන පනත යටතේ මේ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය හිමිවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.
කිසියම් ප්‍රදේශයක අවුරුදු උත්සවයක් පවත් වන්නේ නම් එම අවුරුදු උත්සවය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහ මජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණයට අනිවාර්යයෙන්ම ලක්විය යුතු බවත් එම ප්‍රදේශයේ පොලීස් නිලධාරීන්ගේ සහය ලබා ගැනීමද අනිවාර්ය බව ඔහු පෙන්වා දෙයි.
අවුරුදු උත්සව සදහා මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ කොවිඩ් 19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමින් රට මුදවා ගැනීම සඳහා බවත් ඔහු සඳහන් කරයි.