ඉදිරි මාස 06 සඳහා අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් අද දිනයේදී පැතිරුණු විස්තර සහිත වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව මාස හයක් සඳහා අවශ්‍ය සියලු ඖෂධ ප්‍රමාණය ගණනය කර මාස තුන බැගින් කොටස් දෙකකින් යුතුව වාර්තාව සම්පාදනය කළ යුතු බව අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
මේ වසරේ රටට අවශ්‍ය ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (11) පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.