බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ගොඩගන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජනතා ආධාර ඉල්ලයි…

by editor
මාර්තු 6, 2025
in පුවත්
Nalinda
Share on FacebookShare on Twitter

රටේ ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට මහජන ආධාර අවශ්‍ය බවත් දෙස් විදෙස් දානපතීනට ඒ සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවත් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි. රජයේ මාර්ගෝපදේශය යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘති සඳහා ඉඩම් හෝ මුදල් පරිත්‍යාග කිරීමට මහ ජනතාවට හැකියාව ඇති බව ද ඔහු කියයි.

සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මෙම ආරාධනාව කළේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමිනි.  ඔහු මෙසේ ද පැවසුවේය.

“අපේ රටේ ජනගහණය මිලියන 32ක වුනාට වසරකට බාහිර රෝගී ප්‍රතිකාර ගන්නා ප්‍රමාණය රාජ්‍ය අංශයෙන් දල වශයෙන් මිලියන 90ක් 100ක් වෙනවා. පෞද්ගලික අංශයෙනුත් මීට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ගන්නවා. ආයුර්වේද අංශයෙනුත් දල වශයෙන් මිලියන 06ක් පමණ වාර්ෂිකව ප්‍රතිකාර ගන්නවා. සියල්ල ගත්තොත් දළ වශයෙන් මිලියන 200 -210 අතර ප්‍රමාණයක් වාර්ෂිකව බාහිර රෝගී ප්‍රතිකාර ගන්නවා. ඒ කියන්නේ ඒක පුද්ගලයෙක් අවුරුද්දකට 10 වතාවක් 11 වතාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගන්නවා.”

“මේක අපේ විසඳිය යුතු බරපතල ප්‍රශ්නයක්. දෙවවැනි කාරණාව අපේ රටේ බෝ නොවන රෝග ව්‍යාප්තිය. දළ වශයෙන් අපේ ජනගහණයෙන් සියයට 14ක් දියවැඩියාවෙන් පෙලෙනවා. සියයට 34ක් පමණ අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. අපේ රටේ සිද්ධවන මරණවලින් සියයට 70කට හේතුව බෝ නොවන රෝග. බෝ නොවන රෝගවලින් සිදුවන මරණවලින් සියයට 70ක් හෘදයාබාධ. බෝ නොවන රෝගවලින් සිදුවන හානිය වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි.”

“ඊලඟ ප්‍රධාන හේතුව වැඩිහිටි ජන ගහණ වර්ධනය. කොළඹ විශ්වවිද්‍යාලමේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානයකගේ පර්යේෂණයකට අනුව 2032 දී වැඩිහිට ජනගහණය 20.8% . 2037 වනවිට එය 22.1% දක්වා වර්ධනය වෙනවා.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මේ ප්‍රධාන හේතු තුන නිසා බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉතාම විශාල ප්‍රමාණයක් වීම,  බෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩි වීම, වැඩිහිටි ජනගහණය වර්ධනය කියන හේතු සාධක නිසා   සෑම පුරවැසියෙකුටම තමන් පදිංචි ස්ථානයේ සිට කිලෝ මීටර දෙකක් දෙක හමාරක් නිවසට කිලෝමීටර 2ක් දෙක හමාරක් තුළ තමන්ගේ රෝගවලට ප්‍රතිකාර කරගන්න, නිවාරණය කරගන්න, සහන සත්කාර ලබා ගන්න, පුනරුත්ථාපනය කරන්න… මේ ආදී වශයෙන් සෞඛ්‍ය අංශවලට අදාල සියලු ප්‍රතිකාර නිවාරණ පහසුකම් ප්‍රවේශ වෙන්න පහසු ආකාරයට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියක් සකස් කළ යුතු වෙනවා.”

“අපේ ඉලක්කය ජනගහණයෙන් 5000කට ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක් ලබා දීම. ඒ කියන්නේ ජනගහණයෙන් පන් දහසක් බලා කියාගන්න පුලුවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නිශ්චිතව නම් කරනවා කියන එක. ජනතාව එහෙට මෙහෙට පැන පැන ප්‍රතිකාර විධි වෙනස් කළ යුතු නෑ. පුරවැසියා වෙනුවෙන් වග වෙන වග කියන ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමයි අපේ බලාපොරොත්තුව.”

“මේ සඳහා අපේ රටේ දැනට ක්‍රියාත්මකවන ප්‍රධාන ව්‍යාපෘතිවල අත්දැකීම් සහිතව මෙවර අයවැයේ දී ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා රුපියල් බිලියන 12.1 වියදම් කරනවා මේ අයවැයෙන්. මධ්‍යම රජය බිලියන 6යි පළාත් රෝහල්වලට බිලියන 6යි. ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් මූලිකව බිලියන 12.1ක් වෙන් කරනවා.”

“ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ඩොලර් මිලියන 100 ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා ඉතාම කෙටි දුරක් ඇතුළත ජනතාවගේ සෞඛ්‍යයට ප්‍රවේශ යෙන්න පුලුවන් ප්‍රාථමික මධ්‍යස්ථාන දහසක් ඉදි කරන්න අපේ සැලැස්මක් තියනවා.”

“ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න ප්‍රාථමික රෝහල් 486ක් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 545ක්. මේ සෞඛ්‍ය මධ්‍යස්ථ 1031 නවීකරණය කරනවා. මුදල් වෙන් කරනවා.”

“මම ආරාධනා කරනවා මෙන්න මේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා මහා මාර්ග පහසුකම් සහිත,  තමන්ගේ ග්‍රාමසේවා වසම් තුනකට එක මධ්‍යස්ථානයක් ලබා දීමට ඉඩමක් පරිත්‍යාග කිරීමට කැමති කෙනෙක් ඉන්නවා නම් පර්චස් 20ක… මේකට ආධාර කරන්න කැමති අය ඉන්නවා නම් අපි ලෑස්තියි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් සහිතව මේ කටයුත්තට ඔබේ දායකත්වය ලබා ගන්න”.

“ඒ පරිත්‍යාගශීලීන්ට, දේශීය විදේශීය දානපතීන්ට අපි ආරාධනා කරනවා මෙන්න මේ ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ඔබගේ ඉඩම් සහ මූල්‍යමය අනුග්‍රහය ලබා දෙන්න කියලා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙවිල් ප්‍රනාන්දු රෝහල සංචාරක සෞඛ්‍ය කර්මාන්තයේ කේන්ද්‍රය කරගන්න රජය හා එක්වන්න… පුද්ගලික අංශයෙන් සෞඛ්‍ය ඇමති ඉල්ලයි!

Next Post

ඖෂධ මිල දැනෙන ලෙස අඩුකරගැනීම සඳහා රජයෙන් මිල සූත්‍රයක් යෝජනා වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.