සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සොරුවිල පාරම්පරික ගොවීන්ගේ ගොවිතැන් මහවැලියෙන් තහනම් කරලා… ගොවි පවුල් 50ක 300ක් අසරණයි… ගොවීහු කියති…

වගා කළේ ණයට බිත්තර වී අරන්... බැංකු ණය ගෙවා ගන්න විදිහක් නැතිව අපි අසරණ වෙලා...

by editor
ඔක්තෝබර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න  –

  • තහනම් කළේ තාවකාලිකව…. මැනීම් කර සාධාරණව කන්න බදු ක්‍රමයට ඉඩම් ලබා දෙනවා… මහවැලිය කියයි..

වසර පහළොවක පමණ කාලයක සිට මහවැලි බී කලාපයේ දිඹුලාගල සොරුවිල ගම්මානයේ වර්ෂා පෝෂිත ඉඩම්වල වී, මුං, ඉරිගු ,කජු,  ඇතුළු විවිධ භෝග වගා කරමින් ජීවත් වූ ගොවි පවුල් 50කගේ  පමණ වගා කටයුතු තහනම් කරමින් ඔවුන් ගොවිබිම්වලින් ඉවත් කිරිම නිසා   පුද්ගලයින් තුන්සියයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව ඇති බව සොරුවිල පාරම්පරික ගොවි එකමුතුව ප්‍රකාශ කරයි.

දිඹුලාගල සොරුවිල ගම්මානයේ පාරම්පරික ගොවීන් සඳහන් කරන්නේ  වර්ෂා පෝෂිත ජලයෙන් පමණක් වගා කරන තමන්ට, මෙම භූමි පැවති රජයන් සහ බලයට පත් වත්මන් රජය සින්නක්කරව ලබා දෙන බවට පොරොන්දු වූ බවය. ගොවීන් කියන්නේ එම පොරොන්දු කඩවී ඇති බවය.

තම පාරම්පරිකව ගොවිතැනේ යෙදුනතමන්ට වෙනත්  කිසිදු වගා භූමියක් නොමැති බවත්, වසර ගණනාවක්ම මෙම ඉඩම්වල වගාකරමින් දරු පවුල් නඩත්තු කරමින් විශාල ආදායමක් මෙන්ම අස්වැන්නක් ගෙන ජාතික නිෂ්පාදනයට එක් කළ බවත් ඔවුහු පවසති.

සකස් කළ වගා භූමි…

එවැනි පරිසරයක තම පාරම්පරික ගොවි සාමාජිකයින් භූමිවලින් ඉවත් කිරීම බලවත් අසාධාරණයක් බව පාරම්පරික ගොවි එකමුතුවේ සම්බන්ධීකාරක සොරුවිල ගම්මානයේ දෙදරු පියෙකු වන කේ ගනේෂ් මූර්ති   ලංකාසරට අදහස් දක්වමින් සඳහන් කළේය.

මේ වනවිට පවතින වර්ෂාවෙන් භූමි සකසා වී වැපිරීම් සිදුකරන විට, මහවැලි නිලධාරීන් පැමිණ ඒවා තහනම් කළ බව ඔවුහු කියති.  ගොවීන්  බැංකු ණය ලබා ගනිමින් බිත්තර වී ලබාගෙන ගොවිතැන්  ආරම්භ කළ බව පවසන සම්බන්ධීකාරකවවරයා පවසන්නේ මහවැලි නිලධාරීන් ගත් හදිසි තීරණයක් නිසා ගොවීන් කරකියා ගත නොහැකි අඩියකට පත් වී ඇති බවය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

මෙම අසාධාරණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරම්පරිකව කරගෙන ආ වගා කටයුතු අඛණ්ඩව සිදුකිරීමට කෘෂිකර්ම හා මහවැලි අමාත්‍යවරයාගේත්, ජනාධිපතිවරයාගේත් අවධානය යොමු කරමින් තමන්ට එම අවස්ථා ලබාදෙන ලෙස සොරුවිල ගම්මානයේ පාරම්පරික ගොවීහු සඳහන් කරති.

සොරුවිල ගම්මානයේ පාරම්පරික ගොවීන් නගන මෙම චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිඹුලාගල දළුකාන කුඩාවැව වසම් බාර ඒකක කළමනාකාර රංජිත් ලාල් ගෙන් දුරකථනයෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ඉඩම් කීපදෙනෙක් සංවර්ධනය කරන බවත්, කීපදෙනෙක් සංවර්ධනය කිරීම ගම්මානයේ තවත් පිරිසකට සිදුකරන අසාධාරණයක් බවත්ය.

ඉඩම් කන්න බදු ක්‍රමයට ලබාදෙන තෙක් තහනම් කළ බවත්, එම ඉඩම් මැනුම් කටයුතු කර සාධාරණව ලබාදීමට පියවර ගන්නා බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවාඩු පිට ඇවිත් හරක් හොරකමේ ගිහින්… හොරකම් කළ හරකාත් සමගම මාට්ටුවුන කොස්තාපල්ගේ වැඩ තහනම්!

Next Post

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.