පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් අසර්බයිජානියානු ගුවන් යානා අනතුරට මුල රුසියානු ප්‍රහාරයක් බව අනාවරණය වීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති වැඩිමීර් පූටින් එය “ඛේදනීය සිදුවීමක්” ලෙස ප්‍රකාශ කර අසර්බයිජානයෙන් සමාව අයැද සිටියේය.

අසර්බයිජාන් ගුවන් සේවයේ J2-8243 දරන ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට දකුණු දිග චෙච්නියාවේ ග්‍රොස්නි දක්වා පියාසර කරමින් තිබී ඇත. ගොඩබෑම සිදුකිරීමට උත්සාහ කරන අවස්ථාවේ අවට පරිසරය දැඩි මීදුමකින් වැසී ඇති බැවින් නියමුවා අවස්ථා කීපයක දී ගොඩබෑම සාර්ථක කරගැනීමට උත්සාහ කර තිබේ.
මීදුම සහිත අවස්ථාවේ මෙම ගොඩබෑමට කරන කර උත්සාහ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් ලෙස වරදවා වටහාගෙන රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල වෙඩි තැබීමට ලක්ව ඇති බව මේ වනවිට තහවුරු වන සාධක ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අනතුරෙන් දිවි ගලවා ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය අසර්බයිජානියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ගුවන් යානය ග්‍රෝස්නිට ඉහළින් ගොඩබැස්සවීම සඳහා උත්සාහ කරමින් සිටිය දී විශාල ශබ්ද ඇසුණු බවය.
රුසියාව කියූ කතාව
රුසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානී දිමිත්‍රි යාද්‍රෝව් සිකුරාදා පවසා ඇත්තේ අසර්බයිජාන් ගුවන් යානය දැඩි මීදුමක ග්‍රොස්නි වෙත ගොඩබෑමට සූදානම් වන විට යුක්රේන ඩ්‍රෝන යානා නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ඇත්දැකීම ඇති බලධාරීන් ප්‍රදේශය ගුවන් ගමනාගමනය සඳහා වසා දැමීමට පොළඹවන ලද බවය.
දිමිත්‍රි යාද්‍රෝව් පැවසුවේ කපිතාන්වරයා ගොඩබෑමට අසාර්ථක උත්සාහයන් දෙකක් ගත් පසු තත්ත්වය හඳුනාගෙන ඔහුට හදිසි ගොඩබෑමක් සඳහා වෙනත් ගුවන් තොටුපළවල් ලබා දුන් නමුත් කසකස්ථානයේ ඇක්ටෝ වෙත පියාසර කිරීමට තීරණය කර තිබුණේ යානයේ කපිතාන්වරයාම බව ඔහු වැඩිදුරටත් කීවේය.
සෙනසුරාදා නිකුත් කරන ලද නිල ක්‍රෙම්ලිනයේ ප්‍රකාශයක් කියා සිටියේ බදාදා දිනයේ දී මෙම ගුවන් යානය “නැවත නැවතත්” ගොඩබෑමට උත්සාහ කිරීමත් සමඟ ගුවන් ආරක්ෂක පද්ධති ග්‍රොස්නි ගුවන් තොටුපළ අසල එම යානයට වෙඩි තැබූ බවය.
නිල වශයෙන් බාරගෙන නෑ…
“රුසියානු ගුවන් සීමාවේ සිදු වූ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන්” පුටින් අසර්බයිජානියානු ජනාධිපති ඉල්හාම් අලියෙව්ගෙන් සමාව අයැද සිටින්නේ ඉන් පසුවය. කෙසේ වෙතත් සිද්ධියේ වගකීම රුසියාව විසින් නිල වශයෙන් භාරගෙන නැත.
සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අසර්බයිජානියානු රාජ්‍ය අභිචෝදකයින් ඒ වෙනුවෙන් සහභාගී වීමට ග්‍රොස්නි වෙත පැමිණ ඇති බව කියැවේ.
රුසියාව, අසර්බයිජානය සහ කසකස්තානය යන රටවල “ කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේ කඩාවැටුණු ගුවන් යානය සහ එය කඩා වැටුන ස්ථානය පිළිබඳව ඒකාබද්ධව විමර්ශනය කරන බවද ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.
ඔප්පු වුනොත්
රුසියානු වෙඩි තැබීමකින් ගුවන් යානය කඩා වැටී ඇති බව ඔප්පු වුවහොත්, එය යුක්රේනයේ සටන් හා සම්බන්ධ දෙවන මාරාන්තික සිවිල් ගුවන් අනතුර වනු ඇත.
2014 දී මොස්කව් පිටුබලය ලබන බෙදුම්වාදීන් විසින් පාලනය කරන ලද නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් සිටියදී මැලේසියානු ගුවන් යානයක් රුසියානු මිසයිලයකින් බිම හෙළන ලද අතර එහි සිටි පුද්ගලයින් 298 දෙනාම මිය ගියහ. රුසියාව වගකීම ප්‍රතික්ෂේප කළේය.
වෙනත් ගුවන් සමාගම්වල තින්දු
බදාදා අසර්බයිජානයේ බකු සිට ග්‍රොස්නි සහ ඒ අසල මකච්කාලා වෙත ගුවන් ගමන් අත්හිටුවීම නිවේදනය කළ අසර්බයිජාන් එයාර්ලයින්ස් සමාගම සිකුරාදා නිවේදනය කළේ තවත් රුසියානු නගර අටකට තමන් පවත්වාගෙන යන සේවා ද නරත රකන බවය.
අනතුරෙන් පසු තවත් ගුවන් සමාගම් කිහිපයක්ම එවැනිම නිවේදන නිකුත් කළේය. කසකස්තානයේ කසාක් එයාර් ගුවන් සේවය සිකුරාදා කියා සිටියේ අස්ටානා සිට යූරල් කඳුකරයේ රුසියානු නගරය වන යෙකටරින්බර්ග් වෙත පියාසර කිරීම මාසයකට නතර කරන බවයි.
මධ්‍යම ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන ටර්ක්මෙනිස්තාන් ගුවන් සේවය සෙනසුරාදා අවම වශයෙන් මාසයකට මොස්කව් වෙත ගුවන් ගමන් නවතා දැමුවේ ආරක්‍ෂාව හේතුවෙනි.







