සිය කාර්යාලයේ සේවය කරන සේවිකාවකට අමානුෂික ලෙස පහරදුන් වීඩියෝවක් සමාජ මාධ්‍ය සහ මාධ්‍යයේ පළවීමෙන් පසු එම පහරදීම සිදුකළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා ගම්පහ දී අද අත්අඩංගුවට ගෙන තිබේ.
උඩුගම්පළ කාර්යාලය අනුයුක්තව සේවය කරන මෙම ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ පොලිසියේ නිලධාරීන් විසිනි.
මෙම පහර දීම සමාජයේ මතභේදයට තුඩුදුන් අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු ද ප්‍රකාශ නිකුත් කර තිබුණි.