සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල්වයා ජේ.එම්. ගුණසිරිය. ඔහු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස සේවය කර විශ්‍රාම ගිය පසු මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කර කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ නිලධාරියෙකි.
එම තනතුර සමබන්ධව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රකාවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම කැබිනට් පත්‍රිකාවට අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ජේ.එම්. ගුණසිරි හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන් කර ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ II)ලෙස කටයුතු කරනු ලබන දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ ශ්‍රේණීයේ නිලධාරී යූ.ඩි.එන් ජයවීර වහාම ක්‍රියාත්මකවන පරිදි සුරාබදු දෙපාරත්මේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර ඇත.
දේශීය බදු ආදායම් සම්බන්ධව මතුවී තිබුණු ගැටලුවේ දී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අශුද්ධ ක්‍රියාකලාපය ගැන පසුගිය වකවානුව පුරාම බපතල ප්‍රශ්න කිරීම් මතු වී තිබිණි.







