සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුජිත් පෙ‍රේරා මන්ත්‍රීවරයාගේ කලිසම ගලවන්න ගොස් ඩයනා රාජ්‍ය ඇමතිවරිය හිංසනයට ලක් වූ හැටි… ( වීඩියෝ සහිතයි)

කාන්තා හිංසනය දරාගත නොහැකිව ශෝක වන්නට පෝලිමේ එන්න...

by editor
ඔක්තෝබර් 20, 2023 - Updated on දෙසැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද ( 20) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කවදාවත් නැති යෝජනාවක් කලේය. ඒ ගලිබවුසර් වැනි කාන්තාවන්ගෙන් පුරුෂ  අයිතිවාසිකම් රැක ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ හදන ලෙසය.

පුරුෂ අයිතීන් ඉල්ලා මේ කතා කරන්නට යෙදුනේ සීසීටීවී කැමරා, ස්මාට් ජංගම දුරකථන ඇති රටක ගොබ්බ බොරු කියන්නට බැරි බව අමතක වූ ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට කළ පැමිණිල්ලක් සමගය. ඇය කීවේ පාර්ලිමේන්තුවේ පිටත විදුලි සෝපානය අසල දී රාජ්‍ය ඇමතිවරයක්, මන්ත්‍රීවරියක් වන තමට කෑගල්ල දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා පහර දුන් බවය.

සිද්ධිය වාර්තා වුනේ මෙසේය.

තමන්ට කාන්තා හිංසනයක් සිදුවූ බව ඩයනා ගමගේ අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ සුජිත් පෙරේරා කියන සජබ මන්ත්‍රීවරයා විසින් මට පහරදීමකට ලක් කළා. දැන් මේ පල්ලෙහා ලයිබ්‍රරි එක ලඟදි. දැන් පැය එක හමාරකට දෙකකට කලින්. මා පහර කෑවේ සුජිත් පෙරේරා කියන මේ සජබ මන්ත්‍රීවරයාගෙන්.”

“ ගරු කතානායක තුමාගෙන් මට මේ ගැන පරීක්ෂණයක්  අවශ්‍යයයි. මම මේකට මේ මන්ත්‍රීවරයාට විරුද්ධව  නීත්‍යානුකූලව පියවර ගන්නවා. “

“ මේ සජබ   මේ මන්ත්‍රීවරුන්ට ලොකු ප්‍රශ්නයක් තියනවා කාන්තාවො එක්ක. සුජිත් කියන්නේ තමුන්ගේ බිරිඳටත් පහර දෙන කෙනෙක්. සක්කිලි කාලකණ්ණි වගේ මිනිස්සු තමයි මෙහෙම හැසිරෙන්නේ.”

“මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට පහර දෙන්න පුලුවන්නම් මොන කාන්තාවො ගැනද සජබෙ ඉන්න මේ මන්ත්‍රීවරු කතා කරන්නේ. කාන්තා මන්ත්‍රීවරියකට, රාජ්‍ය ඇමතිවරියකට පහර දෙනවා නම් මොන කතා ද මේ සජබෙ ඉන්න මන්ත්‍රීවරු ගැන. මට මේ ගැන අනිවාර්යයෙන් පරීක්ෂණයක් පවත්වන්න ඕන.  මම ඉල්ලා සිටිනවා ගරු කතා නායක තුමාගෙන් ඒක කරන්න කියලා.”

අන්තිමේදි ඩයනා ගමගේ මන්ත්‍රිවරිය මේ ලෙසත් කීවේය.

“මේ රටේ ජනතාව මේ රටේ කාන්තාවො. ලෑස්ති වෙන්ඩ. මම මේකට විරුද්ධව පාරට බහිනවා. නැවත නැවතත් මේ පාර්ලිමේන්තුව තුළ මේවා කරන්න මම ඉඩ දෙන්නේ නෑ. “ ඩයනා ඉඳගත්තාය.

ඒ සමග අගමැතිවරයා නැගි සිටියේය. සභාව විනාඩි 10කට කල් තබන ලෙස මූලාසනයෙන් ඉල්ලුවේය. ඒ ඇය  කියන බරපතල කරුණ ගැන කතානායකවරයාට කරුණු කීම සඳහාය. අගමැතිවරයා කීවේ මෙය කවදාවත් සිදුනොවුන බරපතල තත්ත්වයක් බවය.

අගමැතිවරයාගේ ඉල්ලීම මත සභාව විනාඩි 10කට කල් දැම්මේය. යළි නියෝජ්‍ය කතානායකරවරයා සභාව ආරම්භ කළ විට ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඩයනා ගමගේ සිදුකළ චෝදනාව ගැන කතා කළේය.

“ අපි කතානායක තුමා හම්බවුනා ඔහුගේ චේම්බර් එකේ…  අප ඔහුට පෙන්නුවා වීඩියෝ ටේප් එක. අපි කතානායක තුමාට කිව්වා මේ වීඩියෝ ටේප් එක බලලා කවුද පරුෂ වචන පාවිච්චි කළේ  කවුද හෑන්ඩ් බෑග් එකෙන් ගැහුවෙ කියලා කතානායක තුමාටම නිරීක්ෂණය කරන්න කියලා. “

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉදිරිපත් කළ චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ඉල්ලීමක් කරනවා අවශ්‍ය වීඩියෝ පට බලලා කතානායකතුමාට අවශ්‍ය තීරණයක් දෙන්න කියලා.  මේක පාර්ලිමේන්තුව ඇතුළෙ වෙච්චි සිද්ධියක්. පාර්ලිමේන්තුවෙන් පිට විවිධ ආයතන සම්බන්ධ කරගන්න අවශ්‍ය නෑ.”

ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් ඉල්ලීමක් කළේ සුජිත් සංජය පෙරේරාට වචන කීපයක් කතා කරන්න ඉඩ දෙන ලෙසය.

සුජිත් සංජය පෙරේරා නැගී සිටියේය.

“ මම නැති වෙලාවේ තමයි මෙතන එතුමිය ප්‍රකාශයක් කියලා තියෙන්නේ එතුමියට මා පහර දුන්නා කියලා. එහෙම කිසිම දෙයක් සිදුවුනේ නෑ. අපි පාර්ලිමේන්තුවෙ බිම් මහලට යනකොට එතුමිය ඉතාම අසභ්‍ය වචනවලින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමා එක්ක වාදයක් ඇති කරන් තිබුණා. ඒ අවස්ථානුකූලව මම කිව්වා මන්ත්‍රීතුමියට කරුණාකරලා මේ  වගේ දේවල් කරන්නෙ නැතිව යන්න කියලා.”

“එතුමිය මට පහර දෙන්න උත්සාහ කළා. මම කළේ පහර දීම වැලැක්වූ එක විතරයි. මේ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න සීසීටීවී දර්ශන ගත්තානම් තේරේවි මොකද උනේ කියලා.”

මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව කියමින් සංජය පෙරේරා කතාව නිමා කළේය.

ඉන් පසු නැගී සිටි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර  කීවේ අපූරු කතාවකි. ඔහු ගලි බව්සර වැනි කාන්තාවන්ගෙන් පුරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ දී ඉල්ලුවේය.

“ අපි පාඩුවේ ලිෆ්ට් එකට ආවේ. බැණ බැණ ඉන්නවා මම දැක්කා. පියල් නිශාන්ත ඇමතිතුමත් එක්ක. මම පාඩුවෙ ලිෆ්ට් එක ලඟට ආවා.  එයා හිතුවා මම බයට එතෙනින් යනවා කියලා. මාව  ෆලෝ කරන් එතෙන්ට ආවා. මගේ කලිසම ගලවනවා කිව්වා. කියන්න බැරි වචන ගණනාවක් කිව්වා. කාන්තා හිංසනය ගැන කතා කරන මේ කාන්තාවන් ගනුදෙනු කරන්න   පුරුෂ අයිතීන් ආරක්ෂා කරගන්නත් ක්‍රමවේදයක් හදා දෙන්න.   කලිසම් ගලවන්න. කණ පලන්න, එලියෙන් බලාගම්මු කියන්න…මොනවද මේ.

එතුමියට අයිතිය තියනවා වගේ අපටත් අයිතිය තියනවා පාර්ලිමේන්තු ගර්භය තුළ  කතා කරන්න. නියෝජ්‍ය කතා නායක තුමනි. අපට  අපේ අයිතිවාසිකම් බේරලා දෙන්න.

අපේ කරුමෙට කොහොවත් යන ගලි බවුසරයක් අපේ ඇගේ පෙරළුනා මන්ත්‍රිවරයා කිවේය.

අවසානයේ ඔබට ඉදිරිපත් කරන්නේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය හිංසනයට පත් වූ ආකාරයයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිදු දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම්!… චීන ජනපති පවසයි.

Next Post

යළිත් අනතුරක්…  වෛද්‍ය හා ශල්‍ය උපකරණ ජීවානුහරණය කරන Disinfectant ද්‍රාවණය රටේ වත් නෑ… ශල්‍යකර්ම නවතින ලකුණු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.