අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීසීඩී ය හා පාතාලය පොලිසියට හඳුනාගත නොහැකි වූ වැලිගම සිද්ධිය – පොලිස් පිටපතේ වැරදි ගොඩක් !

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Police
Share on FacebookShare on Twitter

පාතාලයෙන් වෙන් කර හඳුනා ගත නොහැකි වීම නිසා වැලිගම පොලිසියේ වෙඩි පහරට ලක් වූ  කොළඹ අපරාධ කොට්ඨාසයේ (සී.සී.ඩී)  නිලධාරීන් සිදුකළා යැයි කියන  මෙහෙයුම  සම්බන්ධව බරපතල පරස්පරතා රැසක් මතුවෙමින් ඇතැයි විමර්ශන අංශ ආරංචි මාර්ග පවසයි.

මෙම අතිශයින්ම ගැටලුසහගත සිද්ධියේ දී  සී.සී.ඩී නිලධාරීන්ගේ වෙඩි තැබීමට ප්‍රථම ඔවුන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් දක්වා ඇති නිල ප්‍රකාශයට සම්බන්ධ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් වාර්තා වී  නැති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඔවුන් කියන්නේ  සී.සී.ඩී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති W15 හෝටලය    ඇත්තේ එම නිලධාරීන් වෙත වෙඩි තැබූ බව කියන හෝටලයට වඩා වෙනස් දිශාවක බවය.

එමෙන්ම පොලිසියේ  නිල ප්‍රකාශය අනුව යම් කිසි පාතාල වෙඩි තැබීමකින්  සී.සී.ඩී. නිලධාරීන්ට තුවාල සිදුවූ බවට වූ ප්‍රකාශයට වඩා පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි ඇත්තේ වැලිගම පොලිසියේ ජංගම සංචාරක රථයේ ගමන් කළ නිලධාරීන්ගේ වෙඩි තැබීමෙන් සී.සී.ඩී නිලධාරීන්ට තුවාල සිදු වූ බවට යැයි ද කියැවේ.

වෙඩි ප්‍රහාරයට ලක් වීමේ සිද්ධිය වනවිට  වෑන් රථය තුළ 07 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කර ඇත.  පොලිස් මාධ්‍ය  ප්‍රකාශවරයා කළ නිල ප්‍රකාශයට අනුව  සී.සී.ඩී නිලධාරීන්  හැකි ඉක්මනින් වාහනය ධාවනය කර ඇත්තේ  වහාම තුවාලකරුවන් කරාපිටිය රෝහලට රැගෙන යෑමටය. ඒ  කතාව ද අතාර්කික බව පැහැදිලි  වී තිබේ.  වෙඩි වැදුන නිලධාරීන්   පැය 2කුත් විනාඩි 20ක් යනතුරු  රෝහල් ගතකිරීමට කටයුතු කර නැති  බව  අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. අනෙක් කාරණාව කරාපිටිය රෝහලට තුවාලකරුවන් යවා තිබුණේ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ සේවය කරන පොලිස් නිලධාරීන් විසිනි. ඒ සුවසැරිය 1990 ගිලන් රථයක් කැඳවීමෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විමර්ශකයින්ට පෙනී ගොස් ඇත්තේ    විනාඩි 10ක ගමන් දුරකින්   පිහිටි වැලිගම දිසා රෝහලට වෙඩි වැදුන පුද්ගලයින් රැගෙන යා හැකිව තිබුණු බවය.

මෙම ඉතාම ප්‍රකටව පෙනෙන කාරණාද සහිතව සිද්ධිය පිළිබඳව  ලබන සතියේ අධිකරණය ඉදිරියේ කරුණු ගොනුවනු ඇතැයි දැනගන්නට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුහල්පතිවරුනි… ගුරුවරුනි… මහා ව්‍යසන කාලයක මේ නොදරුවන්ට ජීවිතය පහසු කරන්න…

Next Post

නැගනිය අම්මාගේ බෙල්ලකපා මැරූබවට ග්‍රැෆික් හැදූ  ලේ රහට ඉව කරන තුච්ඡ “මාධ්‍ය මිතුරන් ” ගැන ජානක සුනෙත් තැබූ සංවේදී සටහන..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.