අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහරාජ සංරක්ෂිත ප්‍රදේශය තුන්ගුණයකින් ලොකුවෙයි

මෛත්‍රී නිකුත් කළ ගැසට්ටුව වසරකට පසු එළියට

by Lanka Sara Editor
නොවැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සිංහරාජයේ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා අලුතින් වනාන්තර එක්කොට පලකරන ලද අංක 2150/31 දරණ 20 නොවැම්බර් 2019 දිනැති ගැසට්ටුව නිකුත් කර තිබේ.

මෙය වසර 30කට ඈත අතීතයේ සිට විවිධ අය විසින් කරන ලද අරගලයක ප්‍රතිපලයක් බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

පරිසර අරගලවලට අයිතිකරුවන් නැති නමුත් මේ ගැසට්ටුව පළකිරීම ගැන හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන ගත් පියවර සහ ඊට දායකත්වය සැපයු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පරිසර යුක්ති කේන්ද්‍රය සිය ස්තූතිය පළ කර ඇත.

මේ පිළිබද ගැසට් පත්‍රයට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබන ලද්දේ ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පසුගිය වසරේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ගැසට් පත්‍රය ඊයේ (15) නිකුත් කර තිබීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සමාජ ජාලයට මේ බව සඳහන් කර තිබුණි.

ඔහු තැබූ සම්පූර්ණ සටහන මෙසේය.

“පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම මාගේ ගෞරවය සහ උපහාරය…..

මතු උපදින දරුවන් වෙනුවෙන් මේ උතුම් මිහිතලය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු.

අද දිනය මිහිතලයට ආදරය කරන මා මෙන්ම උතුම් හදවත් ඇති මිනිසුන් සැමට සතුටු විය හැකි දවසකි.

මීට වසරකට ඉහත දි මා ජනාධිපති ධුරයෙන් නික්මයාමට දින කිහිපයකට ප්‍රථම මුළු මහත් විශ්වයේම පැවැත්මට ජීවය ගෙන දුන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ තෙත් සදාහරිත වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන්ගුණයකින් පුළුල් කොට අති විශේෂ ගැසට් නිවේදනයකින් සිංහරාජ අවට වන පද්ධතිය සිංහරාජ වනාන්තරයට එක් කරන ලදී.

හෙක්ටෙයාර් 11000 සීමාවී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 36474.93 ක ප්‍රමාණයකට මා විසින් වැඩි කරන ලදී.මෙම තීරණය උතුම් මාතෘභූමියේ දිවි පැවැත්මටත් මුළු මහත් ලෝකයේ මානව,සත්ව සහ තුරු ලතා ස්වභාව ධර්මයේ පැවැත්ම උදෙසා මා එක සිතින් ගත් තීරණයකි.

මීට වසරකට ඉහතදී මා මෙම විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබුවත් එය මුද්‍රණය ප්‍රමාද වූ හේතුවෙන් ජනතාවට දැකබලා ගැනීමට සහ පරිශීලනය කිරීමට නොහැකිවිය.

එම ප්‍රමාද වීම පිළිබඳව අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග මා දුරකථනයෙන් විමසු අතර හැකි ඉක්මනින් එය ඉටු කර දෙන බව මා වෙතට කාරුණිකව ප්‍රකාශ කරන ලදී.

වසරකට පසු එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි.

අදටත් ලෝව විශාලතම තෙත් සදාහරිත වැසි වනාන්තර 10ය තුළට ඇතුළත් සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කොට එහි ප්‍රමාණය වර්ධනය කිරීමට නිරන්තරයෙන් මා සමග අදහස් බෙදා ගත් සියලුම පරිසරවේදීන්ට සහ පරිසරයට ආදරය කරන දෙස් විදෙස් සියලුම මානව හිතවාදී මිනිසුන්ට මේ මොහොතේ මා ස්තුතිවන්ත වෙමි.

මීට අමතරව පරිසරය වෙනුවෙන් මා අත්සන් තැබූ (මුද්‍රණය කොට නොමැති) තවත් විශේෂ ගැසට් පත්‍ර 65 නුදුරේ දී ජනතාවට දැකබලාගැනීමට ප්‍රසිද්ධ කරනු ඇතැයි මා විශ්වාස කරමි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

එස්.එස්.පීගේ දියණිය අනතුරකට ලක්කළ සුපිරි ජීප් රිය කුලී ආයතනයක එකක්

Next Post

ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.