දළ වශයෙන් රට තුළ සෑම මිනිත්තු 07කට වරක් කොවිඩ් මරණයක් සිදුවන බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.
පැයකට සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව 09ක් බව පෙන්වා දෙන ඇය කොළඹ කොවිඩ් රෝගීන්ගෙන් සියයට 20ක ප්‍රමාණයක් මිය යන්නේ නිවෙස් තුළ හා රෝහල්ගත කිරීමට ගෙන යන අවස්ථාවේ දී වීමේ බරපතලකම පෙන්වා දෙයි.
විශේෂඥවරිය පෙන්වා දෙන්නේ කොවිඩ් අධිඅවදානම් ස්වරූපයේ බිහිසුණුකමය. සංචරණය හැකි පමණ සීමා කරන්නැයි ඇය යළි යළිත් ඉල්ලා සිටී.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සියයට සියයක් ඩෙල්ටා ප්‍රභේදය පැතිර ඇති බැවින් මෙම ප්‍රභේදයෙන් තවත් නව ප්‍රභේදයක් ඇති වී පැතිර යෑමේ අවදානම ද ඇය කියයි.
මේ වන විට කොළඹ කොවිඩ් මරණවලින් සියයට 20ක් ම නිවෙස් තුළ හා රෝහල් ගතකිරිමට රැගෙන එන අතරතුර දී සිදුවන බවත් ඇය පෙන්වා දෙයි. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින් එන්නත් ලබා නොගත් හෝ එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය බවත් වෛද්‍යවරිය කියයි.
මේ වන විට කොළඹ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කරා වේගයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් පුද්ගලයින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සංචරණය සීමාකර සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්නේ නම් පමණක් මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකි බව විශේෂඥවරිය කියයි.