බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෑම ඡන්ද දායකයෙකුටම මැකෝගෙන් බනිස් ගෙඩියක් හා කුඩා බීම බෝතලයක්

by Lanka Sara Editor
ජූනි 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ කොමිසමේ මෙහෙයවීමෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේදී අද (7) පැවති පෙරහුරු ඡන්ද විමසීමේ දී ඡන්ද 239ක් ප්‍රකාශ වී ඇති අතර ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි සෑම ඡන්ද දායකයෙකුටම බනිස් ගෙඩියක් හා කුඩා බිම බෝතලයකින් කොමිෂන් සභාව සංග්‍රහ කොට ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරමින් එම උපදෙස්වලට අනුකූලව ඉදිරි මහමැතිවරණය පැවැත්වීමට සැලසුම් කිරීම සඳහා පෙරහුරු ඡන්ද විමසීම සිදු කළ අතර ඊට මැතිවරණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්ෂක අංශවලින් නිලධාරීන් ග්‍රාම සේවක මහතුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරුවේ 10.20 ට ආරම්භ වී 12.20 ට පමණ වන තෙක් පුරා පැය තුනක් පැවැත්වූයේ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමිනි.

ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇතුල් වන ප්‍රධාන දොරටුව අසල ජල කරාමයක් ස්ථාපිත කර තිබූ අතර සෑම ඡන්ද දායකයෙක්ම එම ජල කරාමය වෙත ගොස් එහි තබා ඇති සබන් හෝ වෙනත් විෂ බීජ හරණ දියරයක් යොදා දෑත් පිරිසිදු කරගත යුතුය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇතුල් විය හැක්කේ ප්‍රධාන දොරටුවේ සිටින නිධාරීන් ඡන්දදායකයාගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමෙන් අනතුරුව ය. ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇතුළු වීමට පෝලිම් ගන්නා තැන සිට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පාවිච්චි කර ප්‍රධාන දොරටුවෙන් පිටව යන තෙක් මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු බව එහි නිලධාරීන් උපදෙස් ලබා දීමත් සිදුකළේය.

ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි සියලු දෙනා මුඛ ආවරණ පැළඳ පැමිණි අතර ඔවුන් අතැතිව විශේෂ ඡන්ද කාඩ්පතක් තිබුණි. එය මෙම පෙරයුරුව වෙනුවෙන්ම මැතිවරණ කොමිෂන් කාර්යාලය විසින් මුද්‍රණය කළ එකක් බව එහි නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

මේ අනුව මීටරයක දුරස්ථභාවය රැකගනිමින් පෝලිමේ සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයට පැමිණි පසු ඔහුගේ හෝ ඇයගේ නම් ප්‍රකාශක් කිරීමෙන් පසු මුඛ ආවරණය හරි අඩකින් විවෘත කර තම අනන්‍යතාව ඔප්පු කළ යුතු අතර, ඉන් අනතුරුව වෙනදා මෙන් ජාතික හැඳුනුම්පත් එහි සිටි නිලධාරීන් අතින් ඇල්ලීමක් සිදුනොකර පරීක්ෂා කිරීමෙන් පසු ඇඟිලි සලකුණු කරන ස්ථානයට ළඟාවිය යුතුය.

එහිදී වෙනදාමෙන් සුලඟිල්ල පාට කිරීමේ දී අතින් ඇල්ලීම සිදු නොකරන අතර විශේෂිත උපකරණයක් තීන්ත බෝතලයකට දමා එමගින් ඇඟිල්ල පාට කරනු ලබයි.

අනතුරුව ඡන්දය සලකුණු කිරීම සදහා තමන් පෑනක් නිවසින් ගෙන යා යුතු අතර එලෙස පෑන් රැගෙන ඒමට නොහැකි වූ අයට ඡන්ද මධ්‍යස්ථානයෙන් පෑනක් ලබාදෙනු ඇත. එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සලකුණු භාජනයට පෑනත් දැමිය යුතුය.

අනතුරුව මීටරක පරතරය ආරක්ෂා කරගනිමින් ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවතට පැමිණීම ද සිදුකළ යුතු ය.

මේ ආකාරයටම අද පැවැති පෙරහුරු ඡන්ද විමසීම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවිය.

Tags: නවතම
Share74Tweet43
Previous Post

හමුදා-පොලිස් නිලධාරීන් පමණක් ඉන්න කාර්ය සාධක බලකාය මේ සතියේ සිට වැඩ අරඹයි

Next Post

මහඡන්දේ ඇස්තමේන්තුව කෝටි 200කින් නගී

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.