බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැමියාගේ හොඳම මිතුරා සමග අනියම් ඇසුරක් ගොඩනගාගෙන සැමියා මරන්න හැදූ බිරියගේ තැත වරදී..

බිරියත් මිතුරු අනියම් සැමියාත් පොලිසියට කොටු වෙයි...  සැමියා දැඩි සත්කාර ඒකකයේ...

by editor
අප්‍රේල් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිරාන් ප්‍රියංකර ජයසිංහ

අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට තම හොදම මිතුරාගෙ ගෙල කපා මරා දැමිමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය අද (23)  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබා දෙමින් තම විවාහක සැමියා මරා දැමිමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිද හා මෙම සිද්දියෙ මිනි මැරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් මීගමුව පදිංචිව සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.

සත්ත්ව ගොවිපලක් හා ගොවිතැන් කටයුතු වල නිරත සිටින ගොවියකුගේ බිරිද සමග රහසේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මෙම සිද්දියට මුහුණ දුන් අදාල තැනැත්තාගෙ මිතුරා විසින් මෙම ඝාතනය කර ඉන් පසුව මොවුන් දෙදෙනා එකට දිවි ගෙවිමට සැලසුම ක්‍රියාත්මක කර ඇති බව කියයි.

අදාල ගොවිතැන් කටයුතු වල නිරත තැනැත්තාගේ බිරිද වැලිමඩ පදිංචි කාරියක් බවත් ඇයගෙ දෙවන විවාහය ලෙස මෙම තැනැත්තා සමග විවාහ වි ඇති බවද කියයි.

එසේ දෙවන විවාහයෙ සැමියා වන තැනැත්තා සමග එකට ජීවත් වෙමින් සිටියදී මෙම කාන්තාව රහසේ තම සැමියාගෙ මිතුරා සමග අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම නිසා කිසියම් මොහොතක තම සැමියාට අසුවුවහොත් එය ගැටලුකාරි තත්වයක් විම මත මෙම සිද්දියට අදාල සැකකාරිය ප්‍රධාන සැකකරු සමග එක්වි මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බව කියයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඒ අනුව වැලිමඩ පදිංචිකාරියක් වන මෙම කාන්තාව හා දරුවන් වැලිමඩ මව්පියන් බැලිමට යන ලෙස ගොස් සිටියදී අදාල තැනැත්තා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

ඒ අනුව මෙම කාන්තාව දරුවන් සමග වැලිමඩ ගොස් සිටියදී අනියම් සැමියා විසින් කලින් සැලසුම් කල ආකාරයට මිගමුවේ පදිංචි  කුලි මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට පොරෝන්දු වී අදාල ගොවියා මරා දැමිමට සැලසුම් කර ඇති බව කියයි.

එම සැලසුම අනුව මෙම කුලි මිනිමරුවන් පසුගිය දින රාත්‍රියෙ කිසිවකුටත් සැක නොසිතන ලෙස රැගෙන විත් අදාල ගොවියා නිවසේ නිදා සිටියදී නිවසට ඇතුල් වී ඇතැයි පැවසේ.

එසේ නිවසට ඇතුල් වු කුලි මිනිමරුවන් සමග ප්‍රධාන සැකකරුද මෙම නිවසට ඇතුල් වී ඇති බවත් ඒ වන විටත් තද නින්දේ සිටි මිතුරා නිදා සිටි ඇද අසලට ගොස් ඔහුගේ ගෙල කැපිමට   කුලි කොන්ත්‍රාත්කරුවන්ට හැකිවන ලෙස ප්‍රධාන සැකකරු ගෙල තදින් අල්ලාගෙ ඇති බවද පරික්ෂණ වලදි සනාථ වි තිබේ.

කෙසේ නමුත් නිදා සිටි ගොවියාගෙ ගෙලට එල්ල වු දරුණු කඩු පහර වැරදි ගොස් කුලි මිනිමරන්නකුගේ දකුණු අතටද දරුණු කඩු පහරක් එල්ල වී ඇති බව කියයි.

එයින් අදාල කුලි මිනිමරන්නාගෙ ඇගිලි සියල්ලම කැපි  දරුණු තුවාල සිදුව ඉන් පසුව ගොවියාගෙ ගෙලට කඩු පහර වැදි ඇති බව කියයි.

මේ සමග ගොවියා මහා විලාප තබමින් කෑගසා ඇති බවත් ඒ වන විටත් නිවසේ අනෙක් කාමරයක නිදා සිටි පෙර දින රාත්‍රියේ හදිසියේ පැමින තිබු ඥාතියකුට ඇසි ඔහුද එකවර නින්දෙන් අවදී විමත් සමග මෙම කුලි මිනිමරන්නන් හා ප්‍රධාන සැකකරු පලා ගොස් තිබු බව කියයි.

ඒ සමග අදාල ඥාතියා මහ හඩින් කෑගැසිමත් සමග අසල්වාසින් විසින් කඩිනමින් නිවසට පැමිණ දරුණු තුවාල ලබා සිටි ගොවියා   ආණමඩුව රෝහලට රැගෙන ගොස් තිබු බවත් ආණමඩුව රෝහලින් හලාවත මහ රෝහලට යවා තිබු බවත් ඉන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

මේ වන විට සිද්දියට මුහුණ දුන් ගොවියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් ඇත.

නමුත් ඒ වන විටත් වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටි බිරිද පිළිඳව සැක සිති කළ පරික්ෂණ වලින් අනුව සිද්දියට සම්බන්ධ ගොවියාගෙ හොඳම මිතුරා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමේන් පසු දිනකට පසු සිද්දියේ සුළ මුල සොයා ගැනිමට හැකිව තිබුණි.

ඒ අනුව මෙම කුලි මිනිමරන්නන් ලෙස කොන්ත්‍රාත්තුව ලබා ගත් මිගමුව පදිංචි කරුවන් දෙදෙනා ව්‍යාජ නම් දෙකකින් රාගම මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පැවැත්වු පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.

ඒ සමගම ගොවියාගෙ බිරිද වැලිමඩ ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන තිබු අතර  මෙම ගොවියාගෙ ගෙල කපා දැමිමට යොදා ගත් කඩු හා පිහි පාලියාම නැබඩවැවට විසිකර තිබුයදි සොයා ගෙන තිබුණි.

– ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ කෘෂිකර්මයට කෘත්‍රිම බුද්ධියත් වැඩට ගනී

Next Post

මාසයකට විකිරණවේදීන් 4 – 5ක් රට හැර යන්න අරන්… අලුත් බඳවා ගැනීම් නෑ…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.