බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාගතයක් තුළ මැරෙන්න අත්හළ ගාසාවේ මිනිස්සු!

by editor
ජූනි 17, 2024
in පුවත්
GAZA
Share on FacebookShare on Twitter

ලෝක වාසී මුස්ලිම් ප්‍රජාව අද හජ් උත්සවය පවත්වනු ලබති.

හජ් උත්සවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ හජ් වන්දනය හෙවත් ලෝකයේ නන් දෙස සිට සෞදි අරාබියේ මක්කම නගරයට යන ලක්ෂ සංඛ්‍යාත බැතුමතුන් හජ් වන්දනය අවසන් කරන දිනය වන ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස දස වැනි දිනයේදී පවත්වනු ලබන උත්සවයයි.

එම වන්දනාව ලෝකයට පරිත්‍යාගය, සාමය සහ සහජීවනය ප්‍රකාශයට පත් කරන අධ්‍යාත්මික උත්සවයකි. ලෝක වාසී මුස්ලිම් ජනතාව අද එම උත්සවය සමරන මේ මොහොතේත් මුස්ලිම් ප්‍රජාවෙන් අසරණ මනුෂ්‍ය කොටසක් අන්ත අමානුෂික පීඩාවට පත්ව ගාසා තීරයේ තිරිසන් සම ජිවිතයක් ගෙවා දමමින් සිටිති.

යුද්ධයක් යනු සාමාන්‍ය මනුෂ්‍යයාගේ ප්‍රාර්ථනාව නොවේ. එහෙත් යුද්ධයම ජිවිත කොටගත් පලස්තීන සිවිල් වැසියන් මේ මොහොත වනවිට ඕනෑවටත් වඩා වැඩි වන්දියක් යුද්ධයට ගෙවා දමා ඇත. බටහිර අභිලාෂයන්ට අනුව පලස්තීනයේ කොටස් වෙන්කර 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත්කළ දාට පසු දින සිට ඇතිවූ ගැටුම අද පවතින මානව ඛේදවාචකය තෙක් ඔඩු දුවා ගියේ, 2023 ඔක්තෝබර 7 වන දින හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් අනවසරයෙන් ඇතුළු වී ඊශ්‍රායල ජාතිකයන් 1,200ක් මරා දමා ප්‍රාණ ඇපකරුවන් 200කට වැඩි පිරිසක් රැගෙන යාමත් සමග ය.

මේ මොහොත වනවිට වර්ග කිලෝමීටර 365ක් වූ ගාසා තීරය ලෝකයේ බිහිසුණුම ඛේදවාචක හදන භූමිය වී තිබේ. ගාසා තීරයේ මිනිස්සු 35000කට අධික පිරිසක් මිය ගොස් සිටිති. ඒ අතර අති බහුතය කාන්තාවන් සහ නොදරුවන්ය. මිලියන 2.3ක් වු ජනගහණයෙන් සියයට අනු පහකට වඩා අවතැන්වය.

මේ යුද්ධය නවත්වා දමන්නට ලෝකයේ බහුතරයකට අවශ්‍ය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවත් රාජ්‍ය කීපයක හෙළිදරව් වූ අමානුෂිකත්වය සෙවනේ වැඩෙන ඊශ්‍රයාලය මේ වනවිට ඇමරිකාවේ සීමා ඉරද පසුකරගෙන විත් ජාත්‍යාන්තර අපරාධ අධිකරණය ලබා දෙන තීන්දු ද නොතකා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

GAZA

ජාත්‍යාන්තර අධිකරණයේ නියෝග

අවතැන් කඳවුරු ඉලක්ක කරගෙන රෝහල් ඉලක්ක කරගෙන අමානුෂික ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රයාලය ගාසා තීරයේ සිදුකරන ජන සංහාරක ක්‍රියාවන් වැළැක්වීමට හේග් නුවර එක්සත් ජාතීන්ගේ අධිකරණය විසින් මුල්ම නියෝගය නිකුත් කරනු ලබන්නේ පසුගිය ජනවාරි මස 26 වැනි දාය. ඒ ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව විසින් ගොනු කරනු ලැබූ ජන සංහාරක නඩුවේ අතුරු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්

එක්සත් ජාතීන්ගේ අධිකරණය එදා එම තීන්දුව ලබා දෙන්නේ යුද්ධය පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ද සලසමිනි. ඔවුන් යුද මෙහෙයුම් වහා නතර කරන ලෙස නියෝග කිරීමෙන් වැළකී සිටියේය.

එහිදී ජත්‍යාන්තර අධිකරණය ඊශ්‍රයාලයට කළ නියෝග මෙසේය.

  • ජන සංහාරයක් ලෙස සැලකිය හැකි ඕනෑම ක්‍රියාවක් වැළැක්වීමට ඊශ්‍රායලය සියලු පියවර ගත යුතුය – (ඒ අනුව කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම, ශාරීරික හානියක් සිදු කිරීම, කණ්ඩායමක් විනාශ කිරීමේ සැලසුම් මත කොන්දේසි පැනවීම, උපත් වැළැක්වීම)
  • ඊශ්‍රායලය තම හමුදාව කිසිදු ජන සංහාරක ක්‍රියාවක් නොකරන බවට සහතික විය යුතුය.
  • ගාසා තීරයේ ජන සංහාරයක් කිරීමට පෙළඹවීමක් ලෙස සැලකිය හැකි ඕනෑම ප්‍රසිද්ධ ප්‍රකාශයක් වැළැක්වීමට සහ දඬුවම් කිරීමට ඊශ්‍රායලය පියවර යුතුය.
  • මානුෂීය ප්‍රවේශය සහතික කිරීමට ඊශ්‍රායලය පියවර ගත යුතුය.
    ඊශ්‍රායලය සමූල ඝාතන නඩුවකට යොදාගත හැකි ඕනෑම සාක්ෂියක් විනාශ කිරීමෙන් වැළැක්විය යුතුය.
  • මෙම නියෝගය ලබා දී මාසයක් ඇතුළත ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

එහෙත් කිසි දෙයක් සිද්ධ වුනේ නැත. සිය සංහාරය බිහිසුණු ලෙස ඊශ්‍රයාලය විසින් පවත්වාගෙන යන්නේ ලෝකයක් ඉදිරියේය. ඒ අතර ගාසාහි ජීවිතය බේරාගත් මුළු ජනගහණයම පාහේ රැඳී ඉන්න රෆා වෙත ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රයාලය කටයුතු කළේය. එම යුධමය තීරණයය ගනු ලබන්නේ තවත් ජීවිත දහස් ගණනක් විනාශ වීමෙන් පසු අතිශය බිහිසුණු මළගම රෆාහි සිද්ධ කරන්නටය.

එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවියේ විනිසුරුවරු ගාසා තීරයේ රෆා වෙත හමුදා ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන ලෙස පසුගිය මැයි මස 24 දා සිකුරාදා ඊශ්‍රායලයට නියෝග කළේය.

ඊශ්‍රයාලයේ සමීපතම සගයාවන එක්සත් ජනපදයේ ආයාචනාවලට එරෙහිව ගාසා තීරයේ රෆා නගරය වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග ගාසා තීරය තුළ ඊශ්‍රයාලයේ ගෝලීය හුදකලාව කැපී පෙනෙන ලෙස ප්‍රකාශයට පත් වුනේය.

තීන්දුව කියවන ලෝක අධිකරණයේ සභාපති නවාෆ් සලාම් කියා සිටියේ, පලස්තීනය තුළ සිවිල් වැසියන්ට සිදුවන හානි වැලැක්වීමට පියවර ගන්නා ලෙස අධිකරණය අවසන් වරට ඊශ්‍රායලයට නියෝග කිරීමෙන් පසු පලස්තීන ප්‍රදේශයේ තත්වය තවත් නරක අතට හැරී ඇති බැවින් නව හදිසි නියෝගයක් සඳහා කොන්දේසි සපුරා ඇති බවය.

“ඊශ්‍රායල වහාම ක්‍රියාත්මකවන පරිදි එහි මිලිටරි ප්‍රහාරය සහ රෆා නගරය තුළ වෙනත් ඕනෑම ක්‍රියාවක් නැවැත්විය යුතුයි, ඊශ්‍රයාලයේ හැසිරීම ගාසා තීරයේ පලස්තීන කණ්ඩායමට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් භෞතික විනාශය ගෙන දිය හැකි ජීවන තත්වයන් ඇති කළ හැකිය. ” සභාපති විනිසුරුවරයා පැවසුවේය.

එමෙන්ම ආධාර සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා හරස් මාර්ගය විවෘත කරන ලෙස ලෝක අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය. තවද ඊශ්‍රායලය, විමර්ශකයින්ට ප්‍රවේශය ලබා දිය යුතු අතර එහි ප්‍රගතිය මාසයක් ඇතුළත වාර්තා කළ යුතු විය.

ඊශ්‍රායලය විසින් වාර්ගික සංහාරය පිළිබඳ නඩුවේ චෝදනා පදනම් විරහිත යැයි නැවත නැවතත් ප්‍රතික්ෂේප කලේය. “ඊශ්‍රායලය සිය පුරවැසියන් ආරක්ෂා කිරීම සහ ගාසා තීරයේ හමාස් පසුපස යෑම පෘථිවියේ කිසිදු බලවේගයකට වැලැක්විය නොහැකි” බව ඊශ්‍රයාල රජයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට කීවේය. එය ඒ ආකාරයෙන්ම සිදුවිය. මෙම නියෝග පනවා සතියක් තුළ සිවිල් වැසියන් බුරුතු පිටින් මරා දැමූ ප්‍රහාර ඊ්‍ශ්‍රයාලයෙන් රාෆා වෙත එල්ල වූයේය.

දැන් පලස්තීනයේ මිනිස්සු

මේ අසරණයින් දැන් කුසගින්නේය. සාගතයක් අසල ඔවුහු අපා දුක් විඳිති.
ගාසා තීරයේ උතුරේ, ප්‍රදේශවාසීන් රොයිටර් වෙත පවසන්නේ එළවළු, පලතුරු සහ මස් ගැන අසන්නටවත් නැති බවය. ඔවුන් ජීවත් වන්නේ තුන්වේල කන පාන් කැබැල්ලකින් පමණක් බවය.

මානව ධර්මතා කිසිවක් නැත. ඉහවහා යන තිරිසන් ආත්මාර්ථකාමී කම මතුවෙමින් තිබේ. කළු කඩ වෙළෙන්දෝ මේ මරණීය ව්‍යසනය හමුවේත් රීරි උරා බොති. ඔවුන්ට අනුව ළූණු කිලෝවක් සඳහා වෙළෙන්දන් ඉල්ලන මිල ඩොලර් 70 කි. රුපියල්වලින් දළ වශයෙන් රුපියල් 21000කි.

ගාසා නගරයේ හයදරු මවක් වන උම් මොහොමඩ් රොයිටර් වෙත මෙසේ පවසා තිබිණි.

“අපි කුසගින්නෙන්. හොඳටෝම බඩගින්නෙන්. ලෝකයට අපි ගැන අමතකයි.”

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර සමග මාස අටකට වැඩි කාලයක් ඇය ජීවිතය බේරාගෙන සිටියාය. එසේ ජීවිතය බේරාගෙන ඇත්තේ ඇය සහ ඇගේ පවුලේ අය කිහිප වතාවක්ම එක්සත් ජාතීන් විසින් නම් කරන ලද අවතැන් කඳවුරෙන් කඳවුරට කීප වතාවක්ම මාරු වෙමිනි.”

“පිටි, පාන් හැර, අපට වෙන කිසිම දෙයක් කන්න නෑ. අපි ජීවිතේ බේරගන්න පාන් කාලා. එච්චරමයි තියෙන්නේ.” ඇය පැවසුවාය.

මැයි මස අගදී ඊශ්‍රායල හමුදාව ඊශ්‍රායලයෙන් සහ බටහිර ඉවුරේ සිට ගාසා තීරයට නැවුම් ආහාර විකිණීමේ තහනම ඉවත් කළ බව පලස්තීන නිලධාරීන් සහ ජාත්‍යන්තර සහන සේවකයන් ප්‍රකාශ කළහ.

නමුත් සමාජ මාධ්‍යයේ දකින්නේ ගාසාහිම වෙසෙන අමානුෂික මිනිසුන් පිරිසක් ඊශ්‍රායලයේ සහ බටහිර ඉවුරේ වෙළෙඳපලින් සාමාන්‍ය මිලට භාණ්ඩ මිල දී ගෙන හත් අට ගුණයක් ලාභ තබාගෙන විකිණීමෙන් ජනතාව බඩගින්නේ මරණ බවය. ඔවුන් සහ ඊශ්‍රයාල ප්‍රහාරකයන් අතර වෙනසක් ගාසාහි පීඩිත ජනතාව නොදකිති. ගාසා තීරයේ පොලිස් සේවයේ බිඳවැටීමෙන් මේ අමානුෂික වෙළෙඳ ප්‍රජාව ප්‍රයෝජන ගන්නා බව මිනිස්සුම කියති.

“මස් හෝ එළවළු කිසිවක් නෑ… යමක් තිබේ නම්, එය විශ්වාස කළ නොහැකි හිතූ හිතූ මිල ගණන් යටතේයි අලෙවි වන්නේ.”

උම් මොහොමඩ් රොයිටර් වෙත පවසා තිබිණි. .

විනාශයට පත් පලස්තීන භූමි ප්‍රදේශයට එක්සත් ජාතීන්ගේ ආධාර ගලායාම වැලකෙන්නේ දැඩිව රෆාහි ඊශ්‍රයාල මෙහෙයුම් ආරම්භ වීමත් සමගිනි. ඊජිප්තුවේ සිට එන්ක්ලේව් වෙත ප්‍රධාන දොරටුව දකුණු ගාසාවේ රෆාහි පිහිටා තිබේ. මානුෂීය නියෝජිතායතන සාගතයක් ගැන අනතුරු අඟවන්නේ මේ තත්ත්වය තුළය.

මානුෂීය ආධාරවලට නෙතන්යාහුගේ විරෝධය

එහෙත් ඒ සඳහා ඉදිරිපත්වන එකම ප්‍රවේශයකට හෝ ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එකඟ නැත.

ගාසා තීරය වෙත එක් ප්‍රධාන මාර්ගයක් ඔස්සේ දිනපතා ආධාර සැපයීමට පහසුකම් සැලසීම සඳහා උපායශීලී විරාමයන් පැවැත්වීමට හමුදාව විසින් අද (17) ප්‍රකාශයට පත් කරන ලද සැලසුම් අගමැති බෙන්ජමින් නෙතන්හායු විසින් බරපතල විවේචනයට ලක් කර තිබිණි.

“උදෑසන පැය 11 ක මානුෂීය විරාමයක් පිළිබඳ වාර්තා ඇසුණු අගමැති, ඔහුගේ හමුදා ලේකම්වරයා වෙත හැරී මෙය තමාට පිළිගත නොහැකි බව පැහැදිලි කළා.,” ඊශ්‍රායල නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් කියයි.

දැන් නවවැනි මාසයට පා තැබූ යුද්ධය මෙහෙයවීම සම්බන්ධයෙන් සභාග සාමාජිකයන් සහ හමුදාව අතර ඇති වූ ගැටුම් මාලාවක අලුත්ම ගැටුම මෙයය. මොන ගැටුම ආවත් අවසානයේ අන්තපීඩාවට පත් වි ඇත්තේ ගාසාවේ අසරණය දරුවන්ය. අසරණ ගැහැනුණ්ය. කිසිම මූලික පහසුකමක් රහිතව තිරිසන් ජීවිතයකට ඇද දැමූ අසරණ මිනිස්සුන්ය.

ලෝකයක් ලෙස මේ තත්ත්වය සම්බන්ධව අප ලජ්ජා විය යුතුව තිබේ. අප ඇතුළේ තවමත් ජීවත් වන්නේ පරිණාමය නොවූ තිරිසන්නුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බටහිර බෙංගාලයේ දී දුම්රිය දෙකක් ගැටේ ! 08 දෙනක් මරුට… 30කට තුවාලයි!

Next Post

බුද්ධාගමට මුල් තැන දීම සහතිකයි… ආගමට අනුව ජීවත්වෙමින් ලංකාවේ දේශපාලනයක් කරන්නේ අපි විතරයි… අනුර ලන්ඩනයේ දී කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.