අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාක්ෂිකරුවෙක් කරගත යුතු හිටපු නීතිපති දප්පුල චූදිතයෙක් කරලා – කාදිනල් තුමෝ කියති!

by editor
අප්‍රේල් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ සිටිනා ඒකාධිපිත බලලෝභී නායකත්වය සම්බන්ධව කිසිම විශ්වාසයක් නැති බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් සිදුවනතුරු අවදියෙන් සිටින බවත් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

පාස්කු ඉරිදා ත්‍රස්ත  ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන්  අද උදෑසන  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ   අද (21) පැවති   ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

උන්වහන්සේ කීවේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය හරහා ඔහු සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට පත් කර, අපහසුතාවට පත් කර ඇති බවයෙ.

”මෙම ප්‍රහාරය මතුපිටින් පෙනෙන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරිම් කාරක සභා වාර්තාව පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා 2021 මැයි 1 වන දින නිව්ස්ෆස්ට්හි සුල්ෆික් ෆර්සාන් නමැති මාධ්‍යවේදියා සමග කළ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය, දැන් ඒ මහතා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇද දමා ඒ මහතා අපහසුතාවට පත් කර සැබෑ චූදිතයන් සොයා  යන්නට තමන්ට නොහැකිවීම වසා ගනිමින් පොලිසිය හා ආරක්ෂක අංශ කටයුතු කරන බව දැන් පැහැදිලි වෙමින් පවතිනවා. ඔවුන් කළ යුත්තේ එවැනි දෙයක් නොව ඒ මහතා පොලිස්පතිතුමාට ලැබ දුන් පිටු 189ක වාර්තාව කියවා බලා එහි කරුණු විමර්ශනය කිරීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඇතැම් වගකිවයුත්තන්ට  ජනාධිපති කොමිෂන් සභාව කර ඇති නිරේදේශවත්  ක්‍රියාත්මක කරන්නට මැලි වන නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් ප්‍රසිද්ධියේ කිඹුල් කඳුළු හෙළුවත් ,  ඒ  පිළිබඳව අවංකව ක්‍රියාදාමයට පියවර තැබීමට මැලි වන රජයත් පිළිබඳව අපි බලවත් ලෙස කනගාටු වෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වත්මන් ජනාධිපතිතුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා මේ නොබෝදා තමන් කතෝලික සභාව සමග අවංක සංවාදයකට සූදානම් බව ප්‍රකාශ කළේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය රැක ගනිමින් දැයි අපිට ප්‍රශ්නයක් නැගනෙවා. ඒකාධිපතිවාදය රජ කරවා ජනතා පරමාධිපත්‍යට පයින්ගසන්නට පියවර ගන්නා අප රටේ අද පවත්නා නායකත්වය පිළිබඳව අපිට විශ්වාසය තැබිය නොහැකියි.

ආදරණීය දෙවි පියාණන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපේ  මේ හඬට සවන්දී පාස්කු ඉරුදින සිදුවුණේ කුමක් දැයි අපිට පෙන්වා දෙන්නට කටයුතු කරන ලෙසයි. ඒලෙසම අප රට තුළ ලබා ගත් ඒක්සත් කමේ ජයග්‍රහණය කිසිවෙකුට පරාජය කරන්නට ඉඩ නොදෙන ලෙසයි.  සියල්ලන්ට අපි දැනුම් දෙන්නේ, යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් ඉන්නවා ”

සැමරුම් උත්සවය ඇමතූ  දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්   ප්‍රකාශ කළේ මේ බෞද්ධ රටේ යුක්තිය සාධාරණය ඉටු නොවනවා නම් මේ අවනඩුව පැවසීමට ජාත්‍යාන්තරයට යන්න සූදානම් විය යුතු බවය.

”ආගමික ත්‍රස්තවාදය ආගමික අන්තවාදව නැමති වාහනය පදවනු ලැබුවේ ආත්මාර්ථකාමී බලකාමී   දේශපාලනඥයින් විසින්. බලකාමී ආත්මාර්ථකාමී දේශපාලඥයන් විසින් පදවන ලද ඒ වාහනයෙන් සිදුවුණු අනතුරට වගකියන්න කෙනෙක් නැති තත්වයකට පත්වෙලා.

රටක ආරක්ෂාව සැලසීම තමයි පාලකයා සතු පලමු යුතුකම. එය ඉටු නොවුණු තැනයි මෙවන් ඛේදවාචකයක් සිදු වෙලා තියෙන්නේ. අද අපි කඳුලින් සමරන්නේ ඒ සිදු වුණු ඛේදවාචකය.

මේ තරම් රටක් දූෂණයට පත් කළ, මෙතරම් තමන්ගේ වගකීම ඉටුකිරීමේ අසමත්වූ පාලකයෝ ඉන්න එකම රට ශ්‍රී ලංකාව.බෞද්ධ රටක් යැයි කියා ගන්නා මෙ රට තුළ යුක්තිය සාධාරණය ඉටු වන්නේ නැත්නම්, ධර්මද්වීපය යැයි කියා ගන්නා මේ රට තුළ ධර්මය දකින්න බැරි නම්, අපි ආරාධනා කරනවා ජාත්‍යන්තරයට යමු කියලා.

ජාත්‍යන්තරයෙන් වත් සාධාරණය ඉටු කර ගැනීම සඳහා කාදිනල්තුමන් ප්‍රධාන මේ මහා ව්‍යායාමයේ නියමුවන්ට අපි ආරාධනා කරනවා යමු ජත්‍යන්තරයට යුක්තිය සාධාරණය ඉල්ලගෙන ”

පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් හා තුවාල ලැබූවන්ට යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරනැයි ඉල්ලමින් සංවිධානය කර තිබූ  මෙම සැමරුම් උළෙලට සර්ව ආගමික නායකයින් ,විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාව පාස්කු ප්‍රාහාරයේ යුක්තිය අපේක්ෂා කරන වින්දිතයින් සමගයි… ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග්!

Next Post

ඔය විදිහට ආවොත් කිසිම ආචාර්යවරයෙක් සේවය කරන්නෙ නෑ… විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපතිට දන්වති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.