සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්මාර්ට් යූත් ආතල් එක දෙන්න හරීන් සහ එවකට යූත් සභාපති රුපියල් මිලියන 188 වියදම් කළ කුපාඩි ආකාරය කෝප් කමිටුවේ දී හෙළි වෙයි!

by editor
පෙබරවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ස්මාර්ට් යූත් නම් වූ ප්‍රදර්ශනයක් සහ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188ක් අක්‍රමවත්ව භාවිතා කර ඇති බව ඊයේ කෝප් කමිටුවේ දී අනාවරණය වූයේය. ඒ ජාතික තරුණසේවා සභාව සහ ශ්‍රී ලංකා තරුණසේවා සමාගම එම කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී හෙළිදරවු වන්නේ   එවකට හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු  සහ ඒ වකවානුවේ හිටපු සභාපතිවරයා වූ  විසින් ගන්නා ලද තීරණයකට අනුව දේශපාලන අවශ්‍යතා මත මෙම මුදල වියදම් කර ඇති බවය.

“මේ වැඩ සටහන් එකට ගත්තම ඉතාම සමාන ස්වරූපයක් තමයි තිබෙන්නේ. අනුමැතිය ලබා ගැනීමේ දී ජනාධිපති ලේකම් කාර්යාලය, ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, මේ වගේ ආයතන එක්ක එකතුවෙලා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය හරහායි.

ඊට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඒකට පරිබාහිරව කටයුතු කරලා ඒ ක්‍රියාවලියේ නැති සභාපතිවරයාගේ කාර්යාලයේ ඉඳගෙන තමයි මේ ප්‍රසම්පාදන වැඩ ඔක්කොම වෙලා තියෙන්නේ

වසරමුල සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීමේ දී ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ගේ නම් සභාපතිවරයාගේ අත්සනින්  යුක්තව ඉදිරිපත් කරලා තියනවා.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මට පේන විදිහටනම් මේක දේශපාලනික අරමුණකින් තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ.” ජාතික තරුණ සේවා සභාවේ  සභාපතිවරයා පැවසුවේය. සටහන් වූ අරමුණු වශයෙන්  පසුගිය කාලය පුරාම තරුණයින් අසහනකාරී තත්ත්වයකින් පෙලුන බවත් ඒ පීඩාකාරී තත්ත්වයන්ගෙන්  මුදා ගැනීම සඳහා මෙවැනි සංගීත ප්‍රසංග මානසික සුවතා  වැඩසටහන් පැවැත්වීම අරමුණ බවත් මේ වැඩසටහන්වල අරමුණු වශයෙන් දක්වා තිබිණි.

එවකට ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් මෙම වැසටහනට මිලියන 446ක් මුදල් අමාත්‍යාංශයෙන් මේ ව්‍යාපෘතිය සඳහා වියදම් කර ඇත්තේ කැබිනට් අනුමැතිය උල්ලංඝනය කරමින් බවත්, කැබිනට් අනුමැතිය ලැබී තිබුනේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම මුදල් වියදම් කෙරිය යුතු බවටත් විගණකාධිපතිවරයා පැහැදිලි කළේය.

මේ අවස්ථාවේ දී හෙළිදරවු වන්නේ ජනාධිපතිවරණයට පෙර දවසේ රුපියල් මිලියන 100ක මුදලක් ගිනුමට බැර වී ඇති බවය. බලය ලත් නිලධාරීන් තුන් දෙනා වෙත බලපැම් කරමින් මෙම වව්චර  සහතික කරගෙන අදාල ගෙවීම් කර ඇති බව ද අනාවරණය වූයේය.

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ නිලධාරිනියක් හැඬුම්බරව ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“සභාපති තුමා අපේ ගණන් දීමේ නිලධාරියා වශයෙන් අපට නියෝග ලබා දුන්නට පස්සේ අපට ඒක පිළිපදින්න වෙනවා. එකී කරුණ මත අප විසින් වියදම සහතික කළා.

කොප් කමිටු සභාපති –  ඒ කියන්නේ ඔබතුමියගේ පැත්තෙන් සනාථ කරනවා ඒ ‍ චෙක්පත් ටිකට අදාලව ප්‍රසම්පාදන  ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න පුලුවන්ද නැද්ද කියලා බලන්න කාලයක් තිබුනේ නෑ?

නිලධාරිනිය –  නෑ

කෝප් කමිටටු සාමාජිකයෙක් –  මේ වගේ තත්ත්වයකදි තුන් දෙනෙක් ඉන්නවා නම් අපි මේක අත්සන් කරලා අමාරුවේ වැටෙයි ද කියලා  ඔයගොල්ල අතර සංවාදයක් හැදුනේ නැද්ද?

නිලධාරිනිය –  ඔය අත්සන් නොකර හිටියොත් අපට වෙන්නේ සර්… අපට අනිවාර්යයෙන් ට්‍රාන්සර් හම්බවෙනවා සර්. කලින් එහෙම සිද්ධවෙලා තියනවා සර්.

කොප් කමිටු සභාපති – මිලියන 188ක් … ජනතාවගේ මුදල්… ඡන්දෙට කලින් දවසේ මේ අවභාවිතා කරලා විවිධ දේවල් කරලා ඉවරවෙලා ඒක නිලධාරියා බිල්ලට දීලා කැපුවම නිලධාරීන්ටත් කොන්දක් තියෙන්න ඕන නොකර ඉන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගණේමුල්ලේ සජීව ඝාතනය කරලා තිබෙන්නේ ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවකට… ඒත් ඝාතකයාට ලැබී ඇත්තේ ලක්ෂ 02ක් පමණයි!

Next Post

ඉන්දීය රාජ්‍ය ආධාර සහිත මෙගාවොට් 120ක සාම්පූර් සූර්ය විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.