අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළාය.
ඒ සමගම සිද්ධියට අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
කොළඹ ටොරින්ටන් ඇවනිව් හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.







