නොම්බි උපවාසයේ නිරතව සිටින මාළිගාවත්තේ ජනතාවට හාජ්ජියාර්වරයෙක් විසින් අද (21) බෙදා දුන් මුදල් ලබා ගැනීමට ගිය කාන්තාවන් තිදෙනෙක් තෙරපීමෙන් මියගොස් ඇත.
එම හාජ්ජියාර්වරයා දෙහිවල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.
මාළිගාවත්ත ජුම්මා දේවස්ථානය ආසන්නයේදී ඔහු එම මුදල් බෙදා තිබේ. මේ ආධාර බෙදා දීම අතරේ දී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් එකවරම විශාල පිරිසක් මුදල් ලබා ගැනීමට පැමිණ ඇත. මේ රැස්වීමෙන් එම තදබදය ඇතිව තිබෙන බව පොලීසිය කියයි.
මේ වනවිට පුද්ගලයන් නව දෙනෙක් තෙරපීම නිසා රෝහල්ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙක් දැඩි සත්කාර ඒ්කකයේ ප්රතිකාර ගිනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. දැනට පුද්ගලයන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවේ. පොලිසිය වැඩිදු පරීක්ෂණ පවත්වයි.