බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරසවි නවකවදය මුලිනුපුටා දැමීම පිළිබඳ විද්වත් කතිකාවක් ජුනි 15 වැනිදා

by Lanka Sara Editor
ජූනි 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විශ්ව විද්‍යාලවල ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි සන්ධානය මගින් සංවිධානය කෙරෙන විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් ජුනි 15 සඳුදා පස්වරු 5 සිට 6.30 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ.

මෙම වෙබ් සම්මන්ත්‍රණයට සහභාගී වීමට කැමැති අයට සංවිධායකයින්ගේ ෆේස්බුක් පිටුව හෝ https://forms.gle/C6ftSzmVPpVBZhxe8 සැබැඳිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකි අතර #ANTIRAG යන වැඩසටහන් කේතය භාවිත කරමින් slido.com හරහා ගැටලු ද යොමු කළ හැක.

මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධායකයින්ගේ ෆේස්බුක් පිටු හරහා ද සජීවීව විකාශනය වේ.

‘විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් නවක වදය හා ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම’ මැයෙන් සංවිධානය කර ඇති මෙම වෙබ් සම්මන්ත්‍රණයට ඉහළ පෙළේ විද්වත් මණ්ඩපයක් තම සම්පත් දායකත්වය ලබාදෙයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විශ්ව විද්‍යාලවල ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි සන්ධානයේ සම පහසුකාරක, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ ආරම්භක සභාපති සහ ළමා රෝග පිළිබඳ සම්මානිත මහාචාර්ය, විද්‍යාජෝති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, රුහුණු විශ්ව විද්‍යාලයේ වර්තමාන උප කුලපති සහ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ද වන මහාචාර්ය සුජීව අමරසේන, Center for Poverty Analysis ආයතනයේ අධ්‍යක්ෂ හා විශ්ව විද්‍යාවල ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය හා නවක වදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිහිටුවන ලද ‘ස්ත්‍රීපුරුෂ සමානතාව හා සමානාත්මතාව’ පිළිබඳ ස්ථාවර කමිටුවේ සම සභාපතිවරයා ද මෙම සන්ධානයේ ප්‍රධානියෙකු ද වන ආචාර්ය විජය ජයතිලක, කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභා මනුරත්න, Verité Research ආයතනයේ නීති පර්යේෂණ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී සහ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතීඥ මල්සිරිනි ද සිල්වා සහ නවක වදයට මුහුණ දුන් සිසුවෙකු ලෙස ඉන් තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් සිදුවූ බලපෑම පිළිබඳ සිය අත්දැකීම් බෙදාගැනීමේ අභිලාෂයෙන් පෙරට පැමිණ සිටින රුහුණුු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධි අපේක්ෂක දර්ශ උදයංග යන මහත්ම මහත්මීහු ඒ අතර වෙති.

ප්‍රකට කළමනාකරණ උපදේශකයෙකු සහ කතුවරයෙකු ද වන දීපාල් සූරියආරච්චි මහතා සංවාදය මෙහෙයවනු ඇත.

මෙම වෙබ් සම්මන්ත්‍රණය හරහා නවක වදය විෂයට අදාළ පැතිකඩ සහ ගැටලු කිහිපයක් ආවරණය කිරීමට නියමිත ය.

විශේෂයෙන්ම, නවක වදය සිදුවන ආකාරය සහ ප්‍රචණ්ඩකාරී සහ හිංසාකාරී මුහුණවරකින් එය ක්‍රියාත්මක වීමට කිසිදු සාධාරණ හේතුවක් නැත්තේ මන්ද?, මේ සම්බන්ධව පියවර ගැනීමේ වගකීම ඇත්තේ කා හටද?, වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධව පියවර ගෙන නැත්තේ සහ ගෙන ඇති පියවර ප්‍රමාණවත් වී නැත්තේ ඇයි?, මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින උප කුලපතිවරයාගේ සිට පීඨාධිපතිවරු, පීඨ සහ පරිපාලනය මෙන්ම සිසුවා දක්වා විවිධ පාර්ශ්වකරුවන් සතු භූමිකාව, විශ්ව විද්‍යාල තුළ සහ ඉන් පිටත නීති පද්ධතිය තුළ මීට එරෙහිව පවතින දඬුවම්, මේ පිළිබඳ වාර්තා වීම් සහ රහසිගතව තොරතුරු ලබාදීම් යටපත් වීමට/ අවදානම් සහගත වීමට හා ඵලදායී නොවීමට හේතු, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුවන මෙවැනි දෑ පිටතට නොදීමේ ප්‍රවණතාවක් පවතීද යන්න සහ විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් ප්‍රචණ්ඩත්වය හා හිංසාකිරීම් මුලිනුපුටා දැමීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ට ඉදිරියේදී ගත හැකි පියවර මොනවාද ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙනු ඇත.

Share69Tweet43
Previous Post

තරින්ද රත්වත්ත 19 තෙක් රිමාන්ඩ්

Next Post

මැතිවරණ නීති කැඩූ මෛත්‍රීගේ උත්සවය මැතිවරණ නිලධාරීන් නවතා දමයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.