සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමට රජයට අදහසක් නැති බවත්, මෙමඟින් සිදු කරනු ලබන්නේ ඩිජිටල් වේදිකා හරහා විශාල වශයෙන් රටින් පිටතට මුදල් ඇදගන්නා විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම බව රජය අවධාරණය කර තිබේ.
රජය යළිත් වරක් මෙම අරමුණ පැහැදිලි කිරීමට හේතු වී ඇත්තේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් රජය සිදුකල ප්‍රකාශයක්, වැරදි සහගත අර්ථයක් ඉදිරිපත් වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ පුවත් සංසරණය වීම බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ .